පස්වන සිකා සමුළුව සහ ඉන්දියාව

සිකා (CICA) හෙවත් ආසියාවේ පස්වන අන්තර් ක්‍රියාකාරිත්ව සහ විශ්වාසය ගොඩනගා ගැනිමේ පියවරවල් සම්බන්ධ ශිඛර සමුළුව (Conference on Interaction and Confidence Building Measures) තජිකිස්තානයේහි පසුගිය සති අන්තයේදි පැවැත්වුනි. කජක්ස්ථානයේ ප්‍රථම ජනාධිපති නුරුසුල්තාන් නජර්බයේව් (Nursultan Nazarbayev), CICA සංවිධානයේ නිර්මාතෘ වරයා වේ. 1992 වසර එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ සැසිය අමතමින් එතුමන් සිකා සංවිධානය පිහිටුවා ගැනිමේ අවශ්‍යතාවය ගැන ජාත්‍යන්තර සමාජය අතරට දැනුවත් කිරිම සිදුකොට ඇත. 2006 වසර කජක්ස්තානයේ අගනගර අස්තානාහි සිකා මහලේකම් කාර්‍යාලයක් පිහිටුවා ගැනිමට හැකිවිය. කජක්ස්තානයේ අගනගර අස්තානා (Astana) නුර්සුල්තාන් (Nursultan) ලෙසිනුත් හැඳින් වේ. සිකා සංවිධානයට දැන් ආසියාවට අයත් රටවල් 30 ක් සමගින් විවිධ ජාත්‍යන්තර සංවිධාන වලට අයත් සාමාජිකයින් පිරිසක් සම්බන්ධවි සිටිති. කජක්ස්තානය, තුර්කි, චිනය සහ තජික්ස්තානය යන රටවල් මේ ද්ක්වා එම සංවිධානයේ සභාපතිත්වය දරා ඇත. 

කජක්ස්තානයේ, අල්මාටිහි 2002 වසර ප්‍රථම CICA ශිඛර හමුව පවත්වන ලද අතර එම හමුවෙන් 'අල්මාටි පනත' (Almaty Act) නැමති කෙටුම්පතක් සම්මත කරගැනිමට හැකි විය. එවක ඉන්දිය අග්‍රමාත්‍ය අටාල් බිහාරි වාජ්පායි මහතාත් එම ප්‍රථම සිකා සමුළුවට සහභාගි විමට අවශ්ථාව ලබා ගත්තේය. අල්මාටිහි 2006 වසර පැවැත්වුනු දෙවන සිකා ශිඛර සුමුළුවට ඉන්දිය පැට්‍රෝලියම් සහ ස්වාභාවික ගෑස් කටයුතු අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන්යුත් නියෝජිත කණ්ඩායමක් ඊට සහභාගි විය. 2010 වසර ඉස්තාම්බුල්හි පැවැත්වුනු තුන්වන සිකා ශිඛර සමුළුවට අග්‍රාමාත්‍ය වරයාගේ විශේෂ නියෝජිත වරයා ලෙසින් ඉන්දිය හිටුපු වානිජ සහ කාර්මික කටයුතු අමාත්‍ය වරයා සහභාගි විය. සතර වන සිකා ශිඛර සමුළුව 2014 වසර මෙයි මස චිනයේ සං හායි නගරයේහි පැවැත්විය. ඉන්දියාවේ එම වසර මහමැතිවරණයක් පැවැත්වෙමින් තිබුනු හෙයින් හුදු ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් ඊට සහභාගි විය. 

අර්ධද්විපය අවට සහ ඊට ඔබ්බෙන් සහයෝගිතා ශක්තිමත් කරගනිමින් සුරක්ෂාව, ස්ථාවරත්ව සහ සාමය ප්‍රවර්දන කිරිම CICA සංවිධානයේ ඉලක්ක කරයි. ආසියා සුරක්ෂාවට අදාල එක්සත් ව්‍යුහාත්මක වැඩපිලවෙලක් අදියරයෙන් අදියරයට ක්‍රියාත්මක කරගෙනයාමට එම සංවිධානය තවදුරටත් විධිවිධාන යොදවා ඇත. එම වැඩ සටහන ඉදිරියට ගෙනයාමට සිකා සංවිධානය 'විශ්වාසය දිනා ගැනිමේ පියවරවල් අදාල අත්පොතකුත්' පිරිනමා ඇත. නව අභියෝගවල් සහ තර්ජන වලට එරහිව සටන් කිරිම, ආර්ථිකය, පරිසරය, මානව කටයුතු සහ හමුදාමය - දේශපාලනමය දිසා යන විධියෙන් එම පියවරවල් කොටස් කොට ඇත. විශ්වාසය ගොඩනගා ගැනිමේ පියවරවල්, ප්‍රවාහන සහ බලශක්ති සුරක්ෂා වැනි ක්ෂේත්‍ර වලට අදාල කාර්‍යන්හි ඉන්දියාව සම සම්බන්ධිකරණ රාජ්‍යය ලෙසින් කටයුතු කරගෙන යයි.

සිකා සමුළුව වසර සතරකට වරක් පවත්වයි. තජික්ස්තානයේහි මෑතදි පැවැත්වුනු පස්වන සිකා සමුළුවේ තේමාව, “සුරක්ෂිත සහ වඩාත් සමෘද්ධිය සිකා කලාපයකට දැක්ම බෙදාහදා ගැනිම” (Shared Vision for a Secure and More Prosperous CICA Region) යන්නැන් යොදවා තිබුනි. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍ය. සුබ්‍රමනියම් ජයිශංකර් ඉන්දියාව වෙනුවෙන් ඊට නියෝජනය කරවිය. එය ඉන්දිය නව විදේශ කටයුතු අමාත්‍ය වරයාගේ ප්‍රථම මධ්‍ය ආසියා චාරිකාවද වේ. 

ඉන්දියාව සිකා (CICA) සංවිධානය යටතේ පවත්වාගෙන යන වැඩසටහන් ගණනාවකට ඉතාමත් ක්‍රියාශිළි ලෙසින් සම්බන්ධ වේ. ආසියාවේ යථාර්තවල් යටතේ අවහ්‍යතා දිනා ගැනිමට මෙන්ම ඊට ගැලපෙන විධියෙන් සිකා සංවිධානය ක්‍රමිකව ඉදිරියට ගෙනයාමට ඉන්දියා අපේක්සා කරයි. පස් වන සිකා ශිඛර සමුළුව අමතමින්, '21 ක් වන සියවස ආසියානු සියවසක් ලෙසින් ' පෙන්වා දෙමින් ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍ය.එස්.ජයිශංකර් මහතා; 'සාමය, සුරක්ෂාව සහ සංවර්ධන යන මේ සැම ක්ෂේත්‍රයකින්ම සිකාවට විශාළ කාර්‍යභාරයක් ඉටුකල හැකි බව යැයි' පෙන්වාදි ඇත. “ත්‍රස්තවාදය ආසියාවට දැන් මුහුණදිමට සිදුවි තිබෙන ඉතාමත් ගම්භීර තර්ජනයක්”ලෙසින් පෙන්වා දෙන ඔහු, ත්‍රස්තවාදයට අනුබල දිම් වලින් ඉවත්වි සිටින ලෙසින් තවදුරටත් ඉල්ලා ඇත. ඇෆ්ගන් කටයුතු සම්බන්ධයෙන්ද කරුණු දැක්වු ඔහු ඇෆ්ගනුන්ගේ ප්‍රධානත්වයෙන් ඇෆ්ගනුන්ගේමවු ජාතික සාම සහ සමාදාන පියවරවකට ඉන්දියාව ඉතිසිත සහයෝගය දක්වන බව ජයිශංකර් මහතා තවදුරටත් සඳහන් කර ඇත. 

බලශක්ති සුරක්ෂා ක්ෂේත්‍රයේ හිඟය සංවර්ධන කාර්‍ය්න්හි තර්ජනයක් ලෙසින් මැදිවිමට සිදුවන බව පෙන්වා දුන් ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය වරයා, පාරිභෝගිකයින් සහ බලශක්ති උද්පාදකයින් අතර සංවාදවල් පවත්වාගෙන ස්ථාවර බලශක්ති වෙළඳ පොලක් නිර්මාණය කරගත හැකි බව තවදුරටත් පැහැදිළි කොට ඇත. ලෝකයේ විශාළතම බලශක්ති උද්පාදකයින් මෙන්ම පාරිභෝගිකයිනුත් ආසියානුන්ම බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත. ප්‍රතිශක්තිකරණ බලශක්ති අංශයෙන්නුත් ආසියාව ඉදිරියෙන් සිටින බව පෙන්වා දෙන ඔහු ජාත්‍යන්තර සූර්‍ය සන්ධානයට (International Solar Alliance), (ISA) සම්බන්ධවි නොසිටින සිකා රටවල් ක්ෂණිකව ඊට සම්බන්ධ වන ලෙසින් ඔහු තවදුරටත් ආරාධනා කොට ඇත. නවදිල්ලියේ, ගුරුග්‍රාම්හි ISA සන්ධානයේ ප්‍රධාන මුලස්ථානය පිහිටා ඇත. 

පස්වන CICA ශිඛර සුමුළුවේදි ත්‍රස්තවාදය වැනි ඉන්දියාව විසින් සැළකිල්ල දැක්වු විෂයන් ගණනාවකට ප්‍රමුඛත්වය ලබාදිම සිදුව ඇත. “සෑම ප්‍රකාරයේ මුලධර්මවාදයක් මෙන්ම ත්‍රස්තවාදත් සුරක්ෂාවට එල්ලවි ඇති තර්ජන ලෙසින් පෙන්වා දෙන ඉන්දියාව එය අතිශය සැළකිල්ල දැක්විය යුතු කරුණක්” ලෙසින් පෙන්වාදි ඇත. ත්‍රස්තවාදය මුළුමනින් විනාශකොට දෙමිමට පොදු සාමුහික සටනක් දියත් කිරිමේ අවශ්‍යතාවයටද සැළකිල්ල දැක්වු ඉන්දියාව අන්තර් ජාලය වැනි සමාජ මාධ්‍ය ජාලා අයථා භාවිතයයට එරහිව සහ ත්‍රස්තවාදින්ට හෙවන ලබාදිම සහ සහයෝගය දැක්විමත් අවශන් කොට දෙමිය යුතුයැයි තවදුරටත් අවධාරණය කොට ඇත. ආර්ථික සහ සංස්කෘතික සහයෝගිතා ක්ෂේත්‍රයට වැඩි වැඩියෙන් අනුග්‍රහය දැක්විම වෙළඳ සහ අනිතුකුත් අන්තර් සම්බන්ධතා වැඩි දියුණු කරගැනිමේ අවශ්‍යතා වලටද එම ශිඛර සමුළුවෙන් තවදුරටත් අවධාරණය කිරිම සිදුව ඇත. සය වන සිකා (CICA) සමුළුව 2022 වසරදි පැවැත්විමට විධිවිධාන යොදවාගෙන යයි.
පිටපත: මධ්‍ය අසියා ආරක්ෂක උපායමය කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. අථර් ජෆර් ගෙන් 

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

නව රජය ගොවියන්ගේ සුබසාධනයට සැළකිල්ල යොමු කරයි

ඉන්දියාව සහ ඕමානය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරගනිති