වර්ධනවේගෙන යන ඉන්දිය - චීන මිතුදම

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නැවත වරක් බලයේහි හොබවිම සහ එක්සත් ජනපද - චින වෙළඳ යුද්ධය තුලින් ගෝලිය දේශපාලන පසුබිමේහි මතුවුනු අස්ථාවරත්වය මධ්‍යයේදි වුවද චිනය සම්බන්ධයෙන් ඉන්දියාව ක්‍රියාත්මක කරගෙන ගිය පිලිවෙත් වල අඛණ්ඩව ශක්තිමත්ව එහි අතිශය වර්ධනවි යාමක් සිදුව ඇත. 2017 වසර මැදිවිමට සිදුවුනු ඩොක්ලාම් (Doklam) ප්‍රශ්ණයත් හික්මිම සහ සංයමයකින් විෂමතා මගහරවා දෙමිමට දෙරටට හැකිවුවෝය. 2018 වසර සිදුවුනු වූහාන් අනියමිත ශිඛර (Wuhan informal Summit) සමුළුව එම හික්මිම් සහ ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් ලෙසින් පෙන්වාදිම වඩාත් ගැලපේ. 'වුහාන් ශිඛර සමුළුවෙන්' සහ 'අනියමිත සංවාදවල්' යටතේ දෙරට අතර තිබුනු අවිශ්වාසවල් මගහැර දමමින් විශ්වාසයක් ගොඩනගා ගැනිමටත් හැකිවි ඇත. චින - ඉන්දිය සම්බන්ධතාවේ ඒ අයුරින් අතිශය ධනාත්මක දිසාවකුත් පෙන්නුම් කරිමට හැකිවිය. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේහි වාර ගණනාවක් නිශේධ බලය යොදවාගෙන ජයිස්-එ-මොහම්මද් සංවිධානයේ ප්‍රධානියා වන මසූද් අජර්ව ගෝලිය ත්‍රස්තවාදියෙක් ලෙසින් හංවඩු ගැනිමට ජාත්‍යන්තර සමාජය දැරු ප්‍රයත්නයට එරහිව කටයතු කලද චිනය දැන් තම එම පිලිවෙත වෙනස් කරමින් 'වූහාන් සංවාදවල් වල ජීවය' ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙනයාමට ප්‍රයත්නයන්හි නිරත විම මුලපුරා ඇත . අග්‍රමාත්‍ය මෝදිත් දෙවන වරටත් බලයේහි හොබවු විගස කිර්ගිජ්තානයේ (Kyrgyzstan) බිශ්කැක්හි (Bishkek) පැවැත්වුනු එස්.සි.ඕ. (SCO) හෙවත් සං හායි සහයෝගිතා සංවිධාන ශිඛර හමුව (Shanghai Cooperation Organisation) අතරතුර චින ජනාධිපති ෂි ජින්පිංව හමුවි ද්විපාර්ශ්වික මට්ටමින් සාකච්ජා පැවැත්විම අමතක කොට නොතිබුනි. නායකයින් දෙදෙනා ඔසාකා නගරයේ ජූනි 28-29 යන දින අතර පැවැත්වෙන G20 ශිඛර සමුළුව (G20 Osaka Summit) අතරතුරදිත් හමුවිමට තවදුරටත් එකඟ වි සිටිති. එහ හමුවිම් හැරුනු විට නායකයින් දෙදෙනා මෙම වසර අග තයිලන්තයේ පැවැත්විමට යන 14 වන නැගෙනහිර ආසියා ශිඛර සමුළුව අතරතුර සහ බ්‍රසිලයේ පැවැත්විමට යන 'බ්‍රික්ස්' (BRICS) හෙවත් බ්‍රසිල්, රුසියා, ඉන්දියා, චින සහ දකුණු අෆ්‍රිකා ශිඛර හමුවේදිත් මුණ ගැසිමට සුදානම් වෙති.

දෙරටේ සම්බන්ධතා මේ අයුරින් ශක්තිමත්ව ඉදිරියට ප්‍රවේශවේගෙන යන මධ්‍යයේ තවත් අනියමිත හමුවක් පවත්වා ගැනිමට දෙදෙනා සුදානම් වෙති. එම දෙවන අනියමිත හමුව ඉන්දියාවේ වාරනාසිහි (Varanasi) ඔක්ටෝබර් 11 දා පැවැත්විමට විධිවිධාන යොදවා ඇත. අග්‍රාමාත්‍ය මෝදිගේ සහ ජනාධිපති ෂි යන රාජ්‍ය නායකයින් දෙනොගේ සුහදතාවයත් ඒ අයුරින් ශක්තිමත්ව වර්ධනවි ගොස් ඇත. එම සුහදතාවය ඉහල නංවා ගැනිමට දෙදෙනාම අතිශය ප්‍රයත්නයන්හි නිරතවි සිටිති. කෙසේ නමුදු නායකයින් දෙනොගේ එම සුහදතා වර්ධනවිගෙන යාමකින් දෙරට අතර පවතින පරස්පර ඒ විධියෙන් පහත වැටිමක් ගැනද අපෙක්ෂා කල නොහැක. 2019 වසර එස්.සි.ඕ. (SCO) හෙවත් සං හායි සහයෝගිතා සංවිධාන ශිඛර හමුව (Shanghai Cooperation Organisation) අතරතුරදිත් චීන බි.ආර්.අයි.(BRI) මුලපිරුම හෙවත් 'තීර සහ මාර්ග මුලපිරුම' (Belt and Road Initiative) වැඩසටහනට ඉන්දියාව දෙවන වටාවටත් තම විරෝධතා දැක්විම සිදුකොට කලාය. චිනය 'චීන - පාකිස්තාන් ආර්ථික කොරිදෝරු' (China-Pakistan Economic Corridor), (CPEC) ව්‍යාපෘතියට පාකිස්තානයට සහයෝගය දක්වාගෙන යාම ඉන්දියාව මුලසිටම තම මනාපය දක්වා නොතිබුනි. ඉන්දියාට අනුව එම ව්‍යාපෘතිය ප්‍රශ්ණයක් වේ. දේශසිමා ප්‍රශ්ණ වලටත් විසඳුමක් සොයා ගැනිමට දෙරටටම මේ දක්වාත් සමත්වි නොමැත. 

විශේෂ නියෝජිත මට්ටමේ සාකච්ජා හැරුනු විට ඉන්දියාව සහ චිනය අතර ගනුදෙනු ගණනාවකුත් පවත්වා ඇත. න්‍යෂ්ටික සැපයුම් කණ්ඩායමේ (Nuclear Suppliers’ Group) සාමාජිකත්වය දිනා ගැනිමට යන ඉන්දිය ප්‍රයත්නයටත් චීනය විරෝධය දක්වයි. මෙවැනි පසුබිමකදි වුවද 'විෂමතා අර්බුදයක් ලෙසට හරවා නොගැනිමටත්' දෙරටම නොකඩවාම සාකච්ජා පවත්වාගෙන යයි. 

චීනය සම්බන්ධයෙන් ඉන්දියාව ක්‍රියාත්මක කරගෙන යන පිලිවෙත් සහ ආකල්ප පැහැදිලි මෙන්ම සෑහෙන්න සකාරාත්මකය. කෙසේ නමුදු දෙරට අතර පවතින ප්‍රශ්ණ වලට නවදිල්ලිය තමන්ට ආවේණික සුවිෂේශ පිලිවෙත් අනුගමනය කිරිම සිදුකරගෙන යයි. කෙසේ නමුදු නිරන්තරව සිදුකරගෙන යන අතිශය ඉහල මට්ටමේ ගනුදෙනු සහ යාම් ඒම් මගින් බාධකවල් සහ ප්‍රශ්ණ මගහරවා ගැනිමට දෙරටටම හැකිව ඇත. ඉන්දියාව සහ චිනය දැන් තම විෂමතා වලට සැලකිල්ල දැක්විමට වඩා අන්න්‍යෝන්‍ය අවශ්‍යතා වලට වඩාත් සැළකිල්ල දැක්විම සිදුකරමින් අන්න්‍යෝන්‍ය අවශ්‍යතා යටතේ ක්‍රියාත්මක කරගෙන යන සහයෝගිතා වැඩසටහන් වලට අවධානය යොමුකිරිම ආරඹ කොට ඇත. SCO ක්‍රියාරාමුව යටතේ ක්‍රියාත්මක කරගෙන යන ත්‍රස්තවාද මර්දන වැඩසටහන් වලටත් දෙරටම දැන් සෑහෙන්න සැළකිල්ලකින් සහභාගි වෙති. චිනයට එක්සත් ජනපද පිලිවෙත් සැබැවින්ම ප්‍රශ්ණයකි. එරටේ ගෝලිය කාර්‍යභාරයන්ටද එයින් සෑහෙන්න බාධා සිදුකරළයි. මෙවැනි පසුබිමකදි වුවද විශේෂයෙන්ම චීන - එක්සත් ජනපද වෙළඳ යුද්ධය සහ චීන BRI ව්‍යාපෘතිය වැනි බාධකවල් යටතේ ඉන්දියාව සමගින් පවත්වාගෙන යන සම්බන්ධතා ශක්තිමත් කරගැනිමට ප්‍රයත්න දරාගෙන යයි. ඉන්දිය සහභාගිත්වයෙන් තොරව චීන BRI ව්‍යාපෘතියට නිතැතින් Pan-Asian initiative වැඩසටහනක් ලෙසට පත්වි යා හැකි යැයි බොහෝ දෙනාගෙ හැඟීම් වේ. 

වාරානසිහි මෙම වසර අග සිදුවිමට යන හමුවෙන් ප්‍රශ්ණ ගණනාවක් මගහරවා ගැනිමට හැකිවෙනවා පමණක් නොව දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා නවතලයකට ප්‍රවේශ කරවා ගැනිමට හැකිවිමක් ගැන අපෙක්ෂා කරති. ඉන්දියා - චින දේහසීමා ප්‍රශ්ණ වලටත් නායකයින් දෙදෙනාට විකල්පවල් සොයා ගැනිමට හැකිවිය. 2018-2019 වසර අතර ඉන්දිය - චින වෙළඳාම් වල අගය US$ බිලියන 53.37 න් ඉක්මවා යාමක් පෙන්නුම් කොට ඇත. කෙසේ නමුදු චීනයට එයින් වැඩියෙන් වාසි සැළසි ඇත. චිනය පාකිස්තානයේ ගවඩාර් වරාය (Gwadar port) සංවර්ධන කාර්‍යන්හි සම්බන්ධවි සිටිමත් ඉන්දියාවට තරමකින් නොරිස්සුම් ගෙනදෙන කාරණය බවට පත්ව ඇත. එම විෂය ගැනත් සාකච්ජා කලයුතුව ඇත. කලාපිය අවශ්‍යතා වලට අදාල ප්‍රශ්ණ ගණනාවක් සාකච්ජා කලයුතුව ඇත. 

ඉන්දියාව සහ චීනය අතරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගාගෙන 2020 වසර වන විට වසර 70 ක් පිරිම සිදුවේ. නායකයින් දෙනොගේ පෞද්ගලික සුහදතාවය යටතේ ආසියානු යෝධ රටවල් දෙකේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉදිරියට ප්‍රවේශ විම සිදු කෙරේ. මෙයින් බාධකවල් සහ ප්‍රශ්ණ ගණනාවක් විසඳා ගැනිමට දෙරටට අවශ්ථාව සළස්වා දෙයි.

පිටපත: නැගෙනහිර ආසියා සහ යූරාසියන් කටයුතු විශ්ලේෂක, සනා හස්මි ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

නව රජය ගොවියන්ගේ සුබසාධනයට සැළකිල්ල යොමු කරයි

ඉන්දියාව සහ ඕමානය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරගනිති