ඉන්දිය අග්‍රාමාත්‍ය වරයාගේ කිර්ගිජ්තාන් චාරිකාව

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙවන වරටත් අග්‍රමාත්‍ය ධූරයට හොබවු විගස ජූනි මස 13 සහ 14 යන දිනයන්හි කිර්ගිජ්තානයේ (Kyrgyzstan0, බිශ්කෙක් (Bishkek),  අගනගරයට චාරිකාවකට නිරත විය. ඔහු කිර්ගිස්ජ්තානයේ ජනාධිපති සුරොන්බේ ජින්බෙකොව් (Sooronbay Jeenbekov)  හමුවි ද්විපාර්ශ්වික මට්ටමින් සාකච්ජා පැවැත්විය.
ඉන්දිය අග්‍රාමාත්‍ය යවරයා සහ කිර්ගිස්ජ්තානයේ ජනාධිපති වරයා අතර සිදුකෙරුනු එම හමුව අතිශය සුවිශේෂ එකක් වු අතර උපායමාර්ගය අතිනුත් සෑහෙන්න වැදගත් වේ. 2019 වසර මෙයි මස 30 දා සිදුවුනු අග්‍රමාත්‍ය මෝදිගේ දිවුරුම් දිමේ උත්සවයට සහභාගිවුනු ජාත්‍යන්තර නයකයින් අතර ජනාධිපති ජින්බෙකොව්වුත් ඇතුලත්ව ඇත.
බිශ්කෙක්හි පවත්වන ලද  SCO ශිඛර සමුළුව අතරතුර අග්‍රාමාත්‍ය මෝදි ජනාධිපති ජිනබෙකොව් සමගින් ප්‍රථම ඉන්දු - කිර්ගිජ්තාන් ව්‍යාපාර හමුවටද සහභාගිවි ඇත. එය අතිශය සාර්ථක හමුවක් ලෙසට මෙන්ම දෙපාර්ශවයේ පිලිගැනිමද ලක්ව ඇත.
ඉන්දියාවට සහ කිර්ගිජ්තානයට ද්විත්ව අයබදු ගැනිම මගහැරිම සම්බන්ධ ගිවිසුම සහ ද්විපාර්ශ්වික ආයෝජන එකඟතාවය යන ගිවිසුම් දෙක සම්බන්ධයෙන් ගෙනයන ගනුදෙනු අවශාන අදියරයකට පමුණුවා ගැනිමට හැකිව ඇත.මෙයින් ද්විපාර්ශ්වික වෙළඳ ගනුදෙනු නිවරදි දිසාවකට යොමුකර ගැනිමට අවශ්ථා ගෙනදෙයි. ද්විපාර්ශ්වික ආයෝජන ගිවිසුමින් ඉදිරි වසර පහ අතරට දෙපාර්ශ්වයේ වෙළඳාම් ඉහල නංවා ගැනිමේ මාර්ග සිතියමක් ගොඩනගා ගැනිමටත් මාර්ගය පෑදි ඇත. ඉන්දු - කිර්ගිජ්තාන් ද්විපාර්ශ්වික වෙළඳාම් වල අමෙරිකානු ඩොලරයේ වටිනාකමට අනුව 2016-17 යන වසර අතරට US$ මිලියන 24.98 න් ඉහල නැංවියාමක් පෙන්නුම් කොට තිබුනි. ඉන්දියාව US$ මිලියන 22.66 ක පමණ වටිනා භාණ්ඩ තොගයක් කිර්ගිජ්තානයට අපනයනය කොට ඇත. කිර්ගිජ්තානය ඉන්දියාවට අපනයන කොට තිබුනු භාණ්ඩ වල අගය US$ මිලියන 2.32 ක් ලෙසින් පෙන්නුම් කොට ඇත. එය තවදුරටත් ඉහල නංවා ගතයතු බව දෙරටම පෙන්වා දෙති.
ඉරානයේ ඡබාහාර් වරාය (Chabahar Port) ගැන සෑහෙන්න ආත්මවිශ්වාශයක් ඇතිකරගෙන සිටින නායකයින් දෙදෙනා එම වරාය හරහා දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික වෙළඳාම් ඉහල නංවා ගැනිමට මාර්ගය ලෙසට යොදවා ගතහැකි බව නවදිල්ලිය මෙන්ම බිශ්කෙක් යන පරිපාලන දෙකේ විශ්වාසය වෙති.  ජාත්‍යන්තර උතුරු - දකුණු කොරිදෝරු (International North-South Corridor), (INSTC) ව්‍යාපෘතියටත් දෙරටම සැළකිල්ල දක්වාගෙන යයි. දෙරටම එය ජාත්‍යන්තර වෙළඳාම් ක්ෂේත්‍රයේහි game-changerයක් ලෙසින් තවදුරටත් විශ්වා කරති.
මෝදි මහතා ඒකාබද්ධ ඉන්දු - කිර්ගිජ්තාන් ව්‍යාපාරික හමුවේදිත් ඉන්දියාව විසින් පිරිනම ආයෝජන වැඩසටහන් මගින් ප්‍රයෝජන ගන්නා ලෙසින් දිරිගෙන්විම සිදු කොට ඇත. “ඊට ගැලපෙන පසුබිමක්, ඒ සමගින් සම්බන්ධ පහසුකම් සහ ව්‍යාපාර-ව්‍යාපාර හුවමාරු අවශ්ථා” පිරිනැමෙන බවත් එය දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික වෙළඳාම් තවදුරටත් ඉහල නංවාගැනිමට අතිශය ආධාරකාරි වන බව  ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා තවදුරටත් පෙන්වාදි ඇත.
ඉන්දියාවට කඳුකර මී පැණි, වල්නත්ස්, කිරි ආහාර වැනි ස්වාභාවික භාණ්ඩ, රෙදිපිළි, දුම්රිය සේවා, හයඩ්‍රෝ බලශක්ති, ආකර කර්මාන්තය සහ පතල් කර්මාන්ත ගවේෂණය කටයුතු යන ක්ෂේත්‍රයේහි කිර්ගිජ්තානයේහි ආයෝජන දියත් කල හැකි බව අග්‍රාමාත්‍ය මෝදි ප්‍රකාශ කොට ඇත. මධ්‍ය ආසියානු රටවල් වල වර්ධනවේගෙන එන වෙළඳ පොලවල් සඳහා ඉන්දියාවේ ආයෝජන දියත් කරන ලෙසින් ඔහු තවදුරටත් කිර්ගිජ් ව්‍යාපාරික සමාජයට ආරාධනා කොට ඇත. අතිශය දක්ෂ ක්‍රියාශිළි ශ්‍රම බලකායක් ඉන්දියාව පිරිනමන බව පෙන්වා දෙන මෝදි මහතා, වෙළඳාම් සහ ආයෝජන සඳහා යෝග්‍ය සම්බන්ධතා පහසුකම්මුත් ඉන්දියාව පිරිනමන බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත. ද්විත්ව අයබදු ගැනිම බැහැර කරන බව ඔහු තවදුරටත් පැහැදිළි කොට ඇත. ඉදිරි වසර පහෙන් ඉන්දියාවට අමෙරිකානු ඩොලර්ස් ත්‍රියලන පහක ආදායමකින් යුත් ශක්තිමත් ආර්ථිකයක් ලෙසට පත්විමට ඉඩගෙනදෙන බව ඔහු තවදුරටත් පැහැදිළි කොට ඇත. තරුණයින්ට ප්‍රමුඛත්වය ලබා දෙන පිලිවෙත් යටතේ ඉතාමත්ම පහසුවෙන් ඉන්දියාවට තම ඉලක්කයට ලඟා විමට අවශ්ථාව ගෙනදෙන බව මෝදි මහතා තවදුරටත් පෙන්වාදි ඇත.
ඉන්දිය ආර්ථික වර්ධනය සහ තාක්ෂණික හැකියා මගින් කිර්ගිජ්තාන් සංවර්ධන කාර්‍යන්ට අතිශය වැදගත් කාර්‍යභාරයත් ඉටුකල හැකි යයි ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා පෙන්වා දෙයි. කිර්ගිජ්තානය සමගින් ගෙනයන ඉන්දිය “පස් වසර සැළසුමත් ” අමෙරිකානු ඩොලර්ස් ත්‍රියලනයක් ඉන්දිය ආර්ථික වැඩසටහනට අයත් එකක් බව.් එයින් එටවල් දෙකට අන්න්‍යෝන්‍ය වාසිදායි වන බව මෝදි මහතා තවදුරටත් පෙන්වාදි ඇත.
ඉන්දියාව මධ්‍ය ආසියානු රටවල් පහ සමගින් ඉතාමත් සහුද සමිප සම්බන්ධතාවයක් පවත්වාගෙන එයි. ද්විපාර්ශ්වික වෙළඳාම් සහ ආයෝජන මිගන් ඉන්දියාව එම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනිමට අපෙක්ෂා කරයි. 'Namaskar Eurasia' යන තේමාව යටතේ මෙම වසර බිශ්කෙක්හි වෙළඳ සල්පිලක් පැවැත්විමට විධිවිධාන යොදවාගෙන යයි. මෙය ඉන්දු - මධ්‍ය ආසියා සම්බන්ධතා තවදුරටත් ඉහල නංවා ගැනිමට අතිශයෙන් ආධාරකාරිවිමක් ගැන නවදිල්ලිය අපෙක්ෂා කරයි. මෙම රටවල් පහ ඇතුලත් යුරාසියානු ආර්ථික හවුලට (Eurasian Economic Union) කිර්ගිජ්තානයත් අතිශය වැදගත් සාමාජික රටක් වේ. මෙම සන්දර්භය යටතේ ඉන්දියා කිර්ගිජ්තානය සමගින් අතිශය සුහද සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි.
ඉන්දියාව සහ කිර්ගිජ්තානය, ආරක්ෂක, වෙළඳාම් සහ සෞඛ්‍යය යන අංශ ඇතුලත් කරගෙන ගිවිසුම් 15 ට අත්සන් තබා ඇත. ආරක්ෂක උපායමය හවුල්කාරත්ව වැඩසටහනකටත් දෙරටම අත්සන් තබා ඇත. ඉන්දියාව කිර්ගිජ්තාන් සංවර්ධන ව්‍යාපෘකතින්ට සහයෝගය දක්වමින් US$ මිලියන 200 ක් පමන වටිනා ණයකුත් ලබාදි ඇත. 2021 වසර දෙරට අතර පවත්වාගෙන එන සංස්කෘතික සහ මිත්‍රත්ව සැමරුමක් පැවැත්විමටත් එකඟත්වය පළකොට ඇත.

අග්‍රාමාත්‍ය වරයාගේ කිර්ගිජ්තාන් චාරිකාව අතිශය සාර්ථක එකක් මෙන්ම ප්‍රතිඵලදායි එකක් විය. දෙරට අතර සිදුකෙරුනු හමුවිම් වලදි එකඟත්වයට පත්වුනු ගිවිසුම් ක්‍රියාත්මක කරගැනිමටත් එම චාරිකාවෙන් අතිශය වැදගත් කාර්‍යභාරයක් සිදුව ඇත.
පිටපත: රුසියා සහ සි.අයි.එස්. උපායමාර්ග කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. ඉන්ද්‍රානි තලුක්ඩාර් ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ