17 වන ලොක් සභාවේ ප්‍රථම සැසිය
'සබ් ක සාත් - සබ් කා විකාශ් - සබ් කා විශ්වාස්' (Sab ka Saath - Sab ka Vikas - Sab ka Viswas), (සෑම කෙනෙක්ම ඇතුලත් කගෙන - සැම දෙනාටම සංවර්ධනය කරන - සැම දෙනාගේ විශ්වාසය දිනාගෙන) යන සංවර්ධන උද්යෝග පාථය යටතේ මැතිවරණයට තරඟ වැදුනු නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් NDA සන්ධාන බලවේගයට අත්කර ගැනිමට හැකිවුනු අද්විතිය මැතිවරණමය ජයග්‍රහණය සමගින් දැන් පැවැත්විමට යන 17 වන නව ලොක් සභාවේ ප්‍රථම සැසිය සහ මෙවර ඉන්දිය පාර්ලිමේන්තු අය වැය සැසිය මෙම මස 17 දා සිට අරැඹිමට නියමිතය. මුළු රට පුරාම පවත්වන ලද මැතිවරණ ව්‍යාපාරයන්ට දැඩි ග්‍රීෂ්ම දේශගුණයත් නොතකමින් සහභාගිවුනු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට එයින් නිසි ඵල නෙලා ගැනිමට හැකිවුනු අතරට ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු මහ ජනතාවට වැඩි වැඩියෙන් සුබසාදක වැඩසටහන් හඳුන්වා දිමට ඉදිරිපත්වි සිටියි.
ජූනි මස 19 දා පැවැත්විමට යන නව ලෝක් සභා සැසියේදි නව ලෝක් සභාව සඳහා නව කථා නායක වරයෙක් තෝරා පත්කොට ගැනිමටත් නියමිතයි. නව ලෝක් සභා කථානායක වරයා තෝරා පත්කොට ගැනිමට පෙර තාවකාලිකව තෝරා පත්කොටගත් කථානායක වරයා යටතේ සැසිය පැවැත්විමට විධිවිධාන යොදවා ඇත. අළුතින් තේරිපත්වුනු පාර්ලිමේන්තු සභිකයින්ගේ දිවුරුම් දිමේ කාර්‍ය අවශන් වු විගස ලෝක් සභාව සහ රාජ්‍ය සභාව ඒකාබද්ධ කරගෙන පැවැත්විමට යන ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාගේ විශේෂ ඇමතුමත් ජූනි මස 20 දා පැවැත්විමට යයි.
2019-20 වසර සඳහා සකස් කොට ඇති මධ්‍ය රජයේ මහ අයවැය පාර්ලිමේන්තු ලෝක් සභාවේහි ජූලි මස 5 දා ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. අනතුරුව ජනාධිපති වරයා විසින් පාර්ලිමේන්තු සභාග දෙක ඒකාබද්ධ කරගෙන පැවැත්වු ඇමතුමට ස්තූතිය පුද කිරිමේ සාම්ප්‍රදායි පාර්ලමේන්තු කාර්‍යය සිදු කෙරේ. සති පහකට වඩා දිගු මෙවර පාර්ලිමේන්තු අයවැය සැසිය ජූලි 26 දා තෙක් පැවැත්වේ. මෙවර ලොක් සභා මැතිවරණයෙන් මෝදි මහතාට විජයග්‍රහණය අත්කර ගැනිමට හැකිවිමේ මුලික රහස දුප්පතුන්ට ප්‍රමුඛත්වය ලබා දිමම වේ. මැතිවරණයට පෙර දුප්පතුන්ට ආහාර පිසිම සඳහා ගෑස් පහසුකම් සහ විදුලි බල පහසුකම් ලබා දිම, සෞඛ්‍ය රක්ෂණ වැඩසටහන්, බැංකු ගිනුම් ලබා දිම, ගොවියන්ගේ ආදායම් දෙගුණ කරගැනිමේ වැඩසටහන් වැනි සුබසාදන වැසටහන් ගණනාවක් හඳුන්වා දීමෙන් විශාළ ඡන්දදායකයින් පිරිසකගේ ආකර්ශණය දිනා ගැනිමට එතුමන්ට හැකි විය. පුල්වාමා සහ බලකොට් වැනි ක්‍රියාත්මක කල සුරක්ෂා ක්ෂේත්‍රයේ පියවරවල් මගිනුත් ඔහුට වාසි දිනා ගැනිමට හැකි විය. ඒ අතරම බි.ජෙ.පි. (BJP) පක්ෂය සහ ඊට සම්බන්ධ එන්.ඩි.ඒ. (NDA) සන්ධානනයත් කිසිදු සැකයක් ඇති කර නොගනිමින් තම නායකයා මෝදි ලෙසින් යොදවා ගැනිමත් මැතිවරණ කාර්‍යයට අතිශයෙන් වාසිදායි විය. පාර්ලිමේන්තුවේ BJP කාන්තා සභිකයින්ගේ සංඛ්‍යාවත් සෑහෙන්න ඉහල නැංවියෑමක් සිදුව ඇත. මෙයින් ඉන්දිය ග්‍රාමිය සහ නගර යන ඡන්දදායකයින් විශාළ සංඛ්‍යාවක් බිහිවිමට අතිශයෙන් ආධාරකාරි වි ඇත. මෙය සැබැව BJP පක්ෂය මහන්සි නොබලා දැරු ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙසින් පෙන්වාදිම වඩාත් නිවරදිය.
මැතිවරණයට පෙර දැක්වුනු මහජන රැල්ලෙන්ම එම මැතිවරණ කාර්‍යයේ අවශාන ප්‍රතිඵලය ගැනත් රට වැසියන්ට කලින්ම නිශ්චිත කරගැනිමට හැකි විය. විපක්ෂ කණ්ඩායමේ බලය මුළුමණින්ම බිඬ වැටිමකුත් එයින් විදහා දැක්වුනි. ස්ථාවර රජයක් සහ ශක්තිමත් ආර්ථික පසුබිමක් ගැනවු රටවැසියන්ගේ අපෙක්ෂාව එයින් තවදුරටත් විදහා දැක්විමක් සිදුව ඇත. ප්‍රාදේශිය මට්ටමේ දේශපාලන බලවේගවල් වල ශක්තිය මුළුමණින්ම බිඬ වැටුනු අතරට ජාතික මට්ටමින් නැගි සිටිමකට ඔවුන් දැරු ප්‍රයත්නත් ව්‍යර්ථවි ගියේය. කෙසේ නමුදු ප්‍රාන්තිය මන්ත්‍රන සභා මැතිවරණය ලඟ ලඟ එන අතරට එම දේශපාලන බලවේගවල් වලට තම ශක්තිය විදහා දැක්විමට එයින් අවශ්ථා ලබා ගත හැකිය. ප්‍රාදේශිය මට්ටමින් සළකා බලන විට එම දේශපාලන කණ්ඩායම් වල ශක්තිය කිසිසේත්ම සුළුපටු ලෙසින් බැහැර කල නොහැකිය. කෙසේ නමුදු ජාතික මට්ටමින් මුළු පාර්ලිමේන්තු ලෝක් සභා අසුන් 542 ක සඳහා අදියරවල් 7 න් පවත්වන ලද මැතිවරණයෙන් පාලක භාරතිය ජනතා පාර්ටි (Bharatiya Janata Party) පක්ෂයට ආසන 303 ක් අතට රැගෙන විශිෂ්ථ ජයග්‍රහණයක් අත්කර ගැනිමට හැකි විය. කොංග්‍රස් පක්ෂයට දිනා ගැනිමට හැකිවුයේ හුදු ආසන 52 කි. දකුණු ඉන්දිය තමිල්නාදු ප්‍රාන්තයේ ඩි.එම්.කේ. (DMK) හෙවත් Dravida Munnethra Kazhagam පක්ෂයට ආසන 23 ක් , තෘණමූල් කොංග්‍රස් පක්ෂයට ආසන 22 ක් සහ YSR කොංග්‍රස් පක්ෂයට ආසන 22 ක් දිනා ගැනිමට හැකිවිය. අවශානයේදි බහුතර බවක් දිනාගත් බි.ජේ.පි. ඇතුළුව ශිවසේනා, ජනතා ඩල් (යුනයිටඩ්) සහ ලොක් ජනශක්ති සහ අනිකුත් පක්ෂ ගණනාවකින් යුත් NDA සන්ධානයට රජයක් ගොඩනගා ගැනිමට හැකි විය.
නව 17 වන ලොක් සභාවේහි නව සාමාජිකයින් 267 ක් සම්බන්ධවි සිටිති. ඊට කාන්තාවන් 78 ක් අතුලත්වි සිටින අතරට එයින් කාන්තා පාර්ලිමේන්තු සාමාජිකයින් 46 ක් අළුතින් තේරිපත්වි සිටින පිරිසක් වෙති. මෑතදි සිදුවුනු ශ්‍රී ලංකා සංචාරය අතරතුර පවත්වන ලද මහජන රැස්විම් ගණනාවකදි මෝදි මහතා පසුගිය ලොක් සභා මැතිවරණයේදි ඡන්ද ප්‍රකාශ කල අතරින් බොහෝ දෙනෙක් කාන්තාවන් වු යැයි පෙන්වාදි ඇත. මෙය ලොක් සභාව හෙවත් ඉන්දිය පාර්ලිමේන්තු පහල මන්ත්‍රන සභාවේ මුළු සාමාජික සංක්‍යාවෙන් 14.6 % ක් ලෙසින් පෙන්වා දියහැකිය. තව විධියකින් එය වැඩිම කාන්තා සාමාජිකාවන් පිරිසක් සහභාගි වන පාර්ලිමේන්තුවක් ලෙසින්ද පෙන්වා දිය හැකිය.
බිජු ජනතා ඩල් (Biju Janata Dal) පක්ෂයේ, 25 හැවිරිදි චන්ද්‍රානි මුර්මු (Chandrani Murmu) නව පාර්ලිමේන්තු සභිකයින් අතරින් ලාබාලතම කාන්තා සභිකාව වේ. ඇය කෙයොන්ජාර් (Keonjhar) ඡන්ද කොට්ඨාශයෙන් තේර්පත්වි සිටින අපෙක්ෂිකාව වේ. අනතුරුව මෙම 17 වන නව ලොක් සභාවේ දකුණු බැංගුලුරුවේ 28 හැවිරිදි තේජස්වි සුර්යා පාලක බි.ජෙ.පි. පක්ෂයේ ලාබාලතම කාන්තා අපෙක්ෂිකාව වේ. 2015 වසර සිට 2018 යන වසර අතරතුරු ඉන්දිය විදේශ කටයුතු ලේකම් වරයා ලෙසින් කටයුතු කල එස්. ජයිශංකර් මහතාව ඉන්දිය විදේශ කටයතු අමාත්‍ය වරයා ලෙසින් හොබවමින් මෝදි මහතා මුළු ලෝකයාවම විශ්මයට පත් කලේය. විදේශ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේහි විශාළ පෙරළියක් ගෙනදිමක් ගැන මෙයින් සළකුණු කරයි.
එකාබද්ධ පාර්ලිමේන්තු සැසියකින් පසුව රාජ්‍ය සභාව හෙවත් ඉන්දිය පාර්ලමේන්තු ඉහල මන්ත්‍රන සභාව ජූනි මස 20 දා ආරඹ කිරිමට යන අතරට එදිනම අළුතින් තේරිපත්වුනු නව රාජ්‍ය සභා සභිකයින් දෙදෙනෙකුගේ දිවුරුම් දිමේ කාර්‍යත් සිදු කෙරේ.
පිටපත: ජනමාධ්‍යවේදි වි.මොහන් රාඕ ගෙන්
Comments
Post a Comment