දෙවන මෝදි රජය දිවුරුම් දෙයි

නරේන්ද්‍ර මෝදි මහතා අතිශය විශාළ ජනවරකින් ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා ලෙසින් දෙවන වරටත් දිවුරුම්දි ඇත. අග්‍රාමාත්‍ය වරයා සමගින් සාමාජිකයින් 58 න් සමන්විත නව රජයේ අමාත්‍ය මණ්ඩල පිරිසත් ජනාධිපත් නිල මැදුරහි ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වන ලද උත්සවයක ඊයේ එම දිවුරුම් දිම සිදුවිය. ඉන්දිය හිටපු විදේශ කටයුතු ලේකම් සුබ්‍රමනියම් ජයිෂංකර් ඇතුළුව භාරතිය ජනතා පාර්ටි (BJP) පක්ෂයේ සහ ඊට සම්බන්ධ අනිකුත් දේශපාලන පක්ෂ ගණනාවකට අයත් අතිශය දක්ෂ කෘතහස්ත සාමාජිකයින් පිරිසක් එම අමාත්‍ය මණ්ඩලයට ඇතුලත්වි සිටිති.

අග්‍රාමාත්‍ය වරයා විසින් තෝරාගත් අනපේක්ෂිත පුද්ගලයා ජයිෂංකර් මහතාවේ. ඔහු ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශයේහි යුගයක සිට අතිශය වැදගත් කාර්‍යභාරයක් ඉටුකරගෙන ගිය බලධාරියෙක් වේ. ඔහුට පිංසිදු වන්නට ඉන්දියාවට චීනය සමගින් ඉතාමත් යහපත් සම්බන්ධතායක් ගොඩ නගාගැනිමට ගැනිමට හැකි වුවාය. බි.ජෙ.පි. පක්ෂයේ සභාපති අමිත් ෂාහ්ත් කැබිනට් මණ්ඩලයට ඇතුලත් කොට ඇත. ඔහු අතින් නව රජයේහි විශාළ වැදගත් කාර්‍යභාරයක් ඉටුවිමක ගැන බළාපොරොත්තු පළකරයි.

තමන්ට දිනා ගැනිමට හැකිවු ජනවරමින් මහ ජනතාවගේ අපෙක්ෂා විදහා දැක්වෙන බව මෝදි මහතා ප්‍රකාශ කොට ඇත. අළුතින් තෝරාපත් කොටගත් අමාතය මණ්ඩලයිනුත් විශේෂයෙන්ම දේශිය තරුණ-තරුණියන්ගේ සහ මුළු ජාතියේ අපෙක්ෂා විදහා දක්වමින් අතිශය ධනාත්මක දිසාවක් පෙන්නුම් කරලයි. තම දෙවන නිලකාලය අතරතුර “NARA” හෙවත් 'ජාතික බළාපොරොත්තු + කලාපිය අපෙක්ෂා' (National Ambition + Regional Aspiration) යන වැඩසටහන සැබැව ක්‍රියාත්මක කරගැනිමට බළාපොරොත්තු වන බව යැයි පෙන්වාදි ඇත. සෑම සංවර්ධන කාර්‍යක්ම අන්තර්ගත යහපාලනය ඉදිරියට ගෙනයාම තම මාර්ග සිතියම වන බව මෝදි මහතා තවදුරටත් පෙන්වාදි ඇත.

අමාත්‍ය මණ්ඩලයේහි අළුත්මුහුණුවරවල් එක් කරළිම දැන් මන්ත්‍රයක් ලෙසිට යොදවාගෙන ඇත. රාජ්නාත් සිං, නිටින් ගඩ්කාරි, රාම් විලාස් පස්වාන්, නරේන්ද්‍ර සිං ටොමාර්, පියුෂ් ගෝයල්, ස්මෘති ඉරානි වැනි පිරිස මෙයට කලිනුත් අමාත්‍ය ධූරයේහි හොබවු පිරිසක් වු අතරට ගජේන්ද්‍ර සිං සෙඛවත්, ගිරිරාජ් සිං සහ මහේනද්‍ර නාත් පාන්ඩේ යන පිරිසටත් ඔවුන් අතින් සිදුකෙරුනු කාර්‍යබාරය ගැන සළකා බලමින් කැබිනට් මට්ටමට උසස්විම් පිරිනමා ඇත.

සාමාජිකයින් 58 න් සමන්විත ඉන්දිය රජයේ කැබිනට් මණ්ඩලයේහි කැබිනට් මට්ටමේ අමාත්‍ය වරුන් 24 ක්, රාජ්‍ය අමාත්‍ය මට්ටමේ ස්වාධීන තීරන ගැනිමේ අයිතිවාසිකම් සතු අමාත්‍ය වරුන් නව දෙනෙක් සහ තව රාජ්‍ය අමාත්‍ය වරුන් 24 ක් ඊට ඇතුලත්ව ඇත. මෑතදි පවත්වන ලද ලෝක් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල තුලින් මුළු ජාතියම වර්තමාන රජයට ද්කවන කැමත්ත විදහා දැක්විමක් සිදුව ඇත. මේ නිසාම නව රජයේ අමාත්‍ය මණ්ඩලයත් දේශිය ජන සමූහ නියෝජන කිරිමක් සිදුව ඇත. එය එක් විධියෙන් ජාතික රජයක් ලෙසින් නියෝජනය කිරිමක් සිදුව ඇත.

මෝදි මහතාගේ අමාත්‍ය මණ්ලයට අනපේක්ෂිත විධියෙන් සම්බන්ධ කරවාගත් අනිත් පුද්ගලයා ප්‍රතාප් චන්ද්‍ර සරංගි මහතා වේ. ඔහු ඔඩිසා ප්‍රාන්තයේ බලසෝර් පාර්ලිමේන්තු කොට්ඨාශයේහි පැල් පතක ජිවත්වි සමාජයට සේවය කරමින් ඉතාමත් චාමි විධියෙන් ජිවත්වුනු පුද්ගලයෙක් වේ. ගාන්ධිවාදය ආදර්ශයට රැගත් චාම්ව ඣිවත් වන ලෙසින් ජාතිය දිරිමත් කරයි. ඔහුගේ එම චාමි දිවියෙන් අග්‍රාමාත්‍ය මෝදි මහතා ඇතුළුව දහසක් පමණ ඉන්දියානුවන්ගේ ගෞරවාදරයට පාත්‍රව ඇත.

අළුතින් තෝරාපත්කොට ගත් අමාත්‍ය මණ්ඩලයත් සමගින් 17 වන ලෝක්සභා මැතිවරණ කාර්‍යත් අංගසම්පුර්ණව ඇත. අනතුරුව කැබිනට් අමාත්‍ය පිරිසගේ සහ කෙටි පාර්ලිමේන්තු සැසියක් පැවැත්විමට නියමිතය. අවශානයේදි ලොක්සභාව හෙවත් ඉන්දිය පාර්ලිමේන්තු පහළ මන්ත්‍රන සභාවේහි අළුතින් තේර් පත්වුනු සාමාජිකයින්ගේ දිවුරුම් දිම සිදුවේ.

ප්‍රජතාන්ත්‍රවාදයේ අපෙක්ෂාව ඉන්දියාව යන කියමන සැබැවින්ම අතිශයෙන් ගැලපේ. මුළු මිලියන 900 ක පමණ ඉන්දිය ඡන්දදායකයින්ගේ 67 % ක් පමණ පිරිසක් මෝදි මහතාගේ සංවර්ධන වැඩසටහන් වලට ඔවුන්ගේ අනුමැතිය දකැක්විම සිදු කොට ඇත. නව රජය ගෝලිය ආර්ථිකයටත් විශාළ කාර්‍යභාරයක් ඉටුකිරිමට ඉදිරිපත්වේ.

කෙසේ නමුදු තවත් පැත්තකින් දෙවන මොදි රජය බලයේහි හොබවිමට සැරසෙන විටදිම ගෝලිය ආර්ථිකයත් අතිශයෙන් පසුබැස්මකට මුලපුරා ඇත. නව රජයට පසුබිම නිතැතින් විශාල අභියෝගයකි. එක්සත් ජනපද - චින වෙළඳ යුද්ධය, ඉරානයට එරෙහිව එක්සත් ජනපදය පනවාගෙන යන නව ආර්ථික සම්බාධ යටතේ පර්සියන් බොක්කේ මතුවිගෙන එන ප්‍රශ්ණ සහ නොකඩවාම ඉහළ නැගිගෙන එන බොර තෙල් මිල සහ එයින් මතුකරළිය හැකි උද්ධමනය වැනි කරුණු කිසිසේත් සුළුපටු ලෙසින් සැළකිය නොහැකිය. අග්‍රාමාත්‍ය මෝදිගේ නව රජයට පළමුවෙන්ම දේශිය උද්ධමන තත්වය පාලනය යටතට ගතයුතුම වේ. ඔහුට එය කරගත හැකි බව කාගේත් හැඟිම් වේ. ගොවියන්ගේ ජිවන තත්වය ඉහළ නංවමින් ඉන්දිය කෘෂිකාර්මික අංශය නගා සිටුවා ගැනිමත් නවරජයේ ඉලක්කයක් වේ.

රාශ්ට්‍රපති භවන් හෙවත් ජනාධිපති නිල මන්දිරයේහි පවත්වන ලද අතිශය උත්කර්ශවත් දිවුරුම් දිමේ එම උත්සවයට 'බිම්ස්ටෙක්' (BIMSTEC) හෙවත් 'බැංගාල බොක්ක බහු - ආංශිය තාක්ෂණික සහ ආර්තික සහයෝගිතා මුලපිරුම්' (Bay of Bengal Initiative for Multi-Sectoral Technical & Economic Cooperation) කවයට අයත් සාමාජික රටවල් කණ්ඩායමේ රාජ්‍ය නායකයින් සහ පරිපාලන ප්‍රධානින් පිරිසකුත් සම්බන්ධ වුවෝය. කිර්ගිස්තානය සහ මුරුසියස් යන රටවල් දෙකේ ජනාධිපති වරුනුත් එම අතිශය වැදගත් කාර්‍යයට සහභාගිව ඇත. 'අසල්වැසියන්ට ප්‍රමුඛත්වය ලබාදිමේ (neighbourhood first) ඉන්දිය විදේශ ප්‍රතිපත්තිය එයින් තවදුරටත් තහවුරු කරළයි. කලාපයේහි පොදු සමෘද්ධියක් ගැන වු ඉන්දිය අපෙක්ෂාවත් එයින් පැහැදිළිව විදහා දැක්විමක් සිදුව ඇත.

පිටපත: the New Indian Express, පුවත් ආයතනයේ ජ්‍යෙෂ්ඨ. වාර්තාකාර, මනිෂ් ආනන්ද් ගෙන්

Comments