ගෝලිය බලෙව්ගයක් බවට පත්විම සඳහා ඉන්දියාව ගමන් කරයි


තීරණ ගැනිමේ ක්ෂේත්‍රයෙන් සළකා බලන විට කිසවෙකු වුවද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා සැසඳිය නොහැක. 'නව උද්යෝගයකින් නව ඉන්දියාවක්' ගොඩනගා ගැනිමට තම නව රජය නව මාර්ගයක් ආරඹ කරන බව ඔහු සිදුකොට තිබුනු ප්‍රකාශයෙන්ම එම කාරණය තවදුරටත් තහවුරු වි ඇත. පාර්ලිමේන්තු මහ ශාලාවේහි දේශනයක් පිරි නමිමින් අග්‍රාමාත්‍ය වරයා, 2022 වසරදිම සැම දෙනාගේ අපෙක්ෂිත ඉන්දියාව ගොඩනගා ගැනිම තම ඉලක්කය යයැයි තවදුරටත් පෙන්වාදි ඇත. මෙම අපෙක්ෂාව හුදු ගුණාත්මක අතින් උසස් සොඛ්‍ය පහසුකම්, අධ්‍යාපන, නිවාස සහ වෙනත් මූළික අවශ්‍යතා සෑම ඉන්දියානුවෙකුටම භුක්ති විඳිමට අවශ්ථාව ලබාදිම සීමා නොකරමින් ගෝලිය වේදිකාවේහි ඉන්දිය තැන උච්ජතම ස්ථානයක ගෙනයාම වන බව තවදුරටත් පෙන්වාදි ඇත.

අග්‍රාමාත්‍ය වරයා තම ඉලක්කය සපුරා ගැනිමට 'NARA' යන නවතම උද්යෝග පාථයක් ජාතියට පිරිනමා ඇත. 'NARA' යන්න 'ජාතික පරමාර්ථය + කලාපිය අපේක්ෂා'(National Ambition+Regional Aspirations) යන අරුතක් දෙයි. ඉන්දියාව ඉදිරි අනාගතයේදි සංවර්ධිත රටක් යන අරුතකුත් එයින් හඟවයි. නව මුලපිරුම් සහ විද්‍යාත්මක දැනුම් කේන්ද්‍රස්ථානයක් ගොඩනගා ගැනිමේ ඉන්දිය මාර්ග සිතියමත් එයින් විදහා ලයි. ඉන්දියාව ලෝකයේ ප්‍රබල හඬක් ලෙසට පියවර තබාගෙන යාමේ උපායමය මාර්ගයක් ලෙසිනුත් එය දැකගත හැකිය.

ඒ සෑම අපේක්ෂාවක්ම සපුරා ගැනිමට නම් උජ්ජවලා, ආයුෂ්මාන් භාරත් සහ අනිකුත් මහජනතාවට සම්බන්ධ වැඩසටහන් පුළුල් කරගැනිම නිතැතින් අත්‍යවශ්‍ය වේ. මෙම සුබසාධක වැටසහන් සමගින්ම ඉන්දිය ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කරගනිමින් ඉදිරි වසර පහ තුලදිම අමෙරිකානු ඩොලර් ත්‍රියලන 5 කින් යුත් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසින් 2030 වන විට ලෝකයේ තුන්වන විශාළතම ආරථිකයක් බවට පත්විය හැකිය. පාරිභෝජනය සහ ආයෝජන ක්ෂේත්‍රයේ ඉහල වර්ධනයෙන් ඉන්දිය ජාතික දළ උද්පාදනයත් අමෙරිකානු ඩොලර් ත්‍රියලන 10 න් ඉහළ නංවා ගැනිමට ඉන්දියාවට අවශ්ථාව ගෙනදෙයි. වර්ධනයේ දැඩි ලැදියාව යටතේ ලෝකයේ ඉදිරි පෙලේ කණ්ඩායමට එක්විමේ මෙම ඉලක්කය සපුරා ගැනිමට ඉන්දියාවට ඉඩ ගෙනදි ඇත.

නව ඉන්දියාව ගැනවු මෝදි මහතාගේ අපෙක්ෂා ඉදිරියට ගෙනයාමට ආර්ථිකය සහ ආයෝජනය පුළුල් කරගැනිමකින් සෑහෙන වැදගත් කාර්‍යභාරයක් ඉටු කෙරෙන අතරට රාජ්‍යතාන්ත්‍රිකමය, දේශපාලනමය සහ උපායමය අතින් ශක්තිමත් විමත් එම අපේක්ෂා සපුරා ගැනිමට අතිශය අත්‍යවශ්‍ය වේ. 1942 සහ 1947 යන වසර හා සමාන ලෙස ඉන්දිය ඉතිහාසයේහි ඉදිරි වසර පහ අතිශයෙන් වැදගත් වන බව යැයි අග්‍රාමාත්‍ය වරයා තවදුරටත් පෙන්වාදි ඇත. එම වකවානුවෙදි කලාපිය හෝ දිස්ත්‍රික්ක බෙදුමකින් තොරව මුළු ජාතියම බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදිමට ප්‍රයත්න දරා තිබුනු බව ඔහු තවදුරටත් සිහිපත් කොට ඇත. වර්තමාන අභියෝගවල් වලට මුහුණ දෙමින් අප එවැනි හා සමාන චිත්ත ධෛර්‍යයෙන් කටයුතු කිරිමකින් පමණක් සමකාලින ලෝක රටාවේහි තැනක් දිනාගත හැකි බව මෝදි මහතා තවදුරටත් සඳහන් කර ඇත. නිවරදි පියවරවල් සහ නිවරදි අභිප්‍රයවල් යටතේ මහජනතාව කේන්ද්‍රිය වැඩසටහන් වලට ප්‍රමුඛත්වය ලබාදිමත් අතිශය වැදගත් වේ.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේහි (United Nations Security Council), (UNSC) ඉන්දිය සාමාජිකත්ව දිනා ගැනිමේ ප්‍රයත්නය ගැනත් දේශපාලනමය සහ රාජ්‍යතාන්ත්‍රිකමය මට්ටමින් ජාත්‍යන්තර සමාජය අතරට දැනුවත් කිරිමත් අතිශයෙන් අත්‍යාවශ්‍ය වේ. එම සන්දර්භය යටතේ බිස්කැක්හි (Bishkek) මෑතදි පවත්වන ලද සං හායි සහයෝගිතා සංවිධානයේ (Shanghai Cooperation Organisation), (SCO) විදේශ කටයුතු අමාත්‍ය පිරිසගේ හමුවේදි ඊට සම්බන්ධ සාමාජික රටවල් වලින් එම විෂය සම්බන්ධයෙන් සහයෝගය දිනා ගැනිමට නවදිල්ලිය ප්‍රයත්න දරා ඇත. එම ජාත්‍යන්තර ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් සංඛ්‍යාව තවදුරටත් පුළුල් කරගෙන දැනට ගැලපෙන විධියෙන් එය අර්ථවත් සංවිධානයක් ලෙසින් ප්‍රතිසංස්කරණ කරගැනිමේ අවශ්‍යතාවයටත් ඉන්දියාව ජාත්‍යන්තර සමාජය අතරට දැනුවත් කිරිම සිදුකරගෙන යයි. ඉන්දියාව පසුගිය වසර ගණනාවක සිට ඉන්දියාව UNSC ආරක්ෂක මණ්ඩලය පුළුල් කරගැනිමේ කාර්‍යට කටයුතු කරගෙන යයි. එම ආරක්ෂක මණ්ඩලයේ ව්‍යූහය වෙනස් කිරිමේ කාර්‍යයට හුදු රටවල් කිහිපයක් විරෝධය පළකර සිටිති. මේ නිසාම එම ප්‍රයත්නය ඉදිරියට ගෙනයාමේහි බාධා එල්ලව ඇත. කෙසේ නමුදු සමකාලින ඉන්දිය ආර්ථික ශක්තිය සහ ගෝලිය නායකයින් අතරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ තැන සහ හතුමන්ගේ පෞරෂත්වයෙන් එම කාර්‍ය ඉදිරියට ගෙනයාමට නවදිල්ලියට තරමකින් හෝ හැකිවි ඇත.

ලෝකයේ වගකිවයුතු රටක් ලෙසින් පරිසරය සම්බන්ධයෙන් හැරුනු විට තව විෂයන් ගණනාවක සම්බන්ධයෙන් ඉන්දියාව ඉදිරි පෙරමුණ රැගෙන කටයුතු කරගෙන යයි. දේශගුණ යුක්තිය ගැන සළකා බලමින් නවදිල්ලිය දැන් 'ජාත්‍යන්තර සූර්‍ය සන්ධානය' (International Solar Alliance), (ISA) නැමති ජාත්‍යන්තර කවයක් ගොඩනගාගෙන ෆොසිල් ඉන්ධන (fossil fuels) වලට ගැතිවිමෙන් මිදි සූර්‍ය බල ශක්ති භාවිතයට දිරිගෙන්විම සිදුකරගෙන යයි. 'නව ඉන්දියාවක් යන' (new India), යන අපේක්ෂාවට මෙම වැඩසටහනින් අතිශයෙන් ආධාරකාරි වේ. ඉන්දියාව ජාතයන්තර කාර්‍යන්හි දැන් ඉදිරි පෙරමුණ රැගෙන කටයුතු කරගෙන යයි. කෙසේ නමුදු ඉන්දියාව විෂයන් ගණනාවක තම ස්ථාවර පිලිවෙත යටතේ ගෝලිය කටයුතු කරගෙන යයි. “වාසුදෛවකුටුම්බකම්” (VasudhaivaKutumbakam) හෙවත් “මුළු ලෝකයම එකම පවුලක්” යන්න ඉන්දිය විදේශ පිලවෙතේ සාරයද වේ.

පිටපත: ජනමාධ්‍යවේදි, සංකර් කුමාර් ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

නව රජය ගොවියන්ගේ සුබසාධනයට සැළකිල්ල යොමු කරයි

ඉන්දියාව සහ ඕමානය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරගනිති