අසල්වැසි රටවල් වලින් ගලාගෙන එන සුළුතර සරණාගතයින්ට පුරවැසිභාවය ලබා දීම CAB පනතේ අරමුණයි.

'කැබ්' (CAB) හෙවත් 'සංශෝධිත පුරවැසිභාවය සම්බන්ධ පනත් කෙටුම්පත' ඉන්දිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර පාර්ලිමේන්තු සභිකයෝ එම පනත සම්බන්ධයෙන් පුළුල් විධියෙන් විවාදයකුත් සිදුකොට ඇත. 'කැබ්' (CAB) පනත් කෙටුම්පත' අසල්වැසි රටවල් වල පීඩාවට පත්වුනු සුළුතර පිරිසට ඉන්දිය පුරුවැසිභාවය ප්‍රදානය කිරිම සඳහා සකසාගත් යාන්ත්‍රනයක් වේ. පාකිස්තානය එම පනත් කෙටුම් පතට මුල සිටම තම විරෝධතාවය පලකොට ඇත. කෙසේ නමුදු, තවත් පැත්තකින් සලකා බලන විට තම සුළුතර ජනතාව ශුද්ධකරගෙන යන පාකිස්තානයට ඉන්දිය අභ්‍යන්තර ප්‍රශ්ණ වලට ඒ විධියෙන් අදහස් දැක්විමට කිසිසේත්ම අයිතියක් නොමැත. එවක රට දෙකට බෙදුනු යුගයේ සියයට 23.5ක් ලෙසින් තිබුනු පාකිස්තානයේ සුළුතර වැසියන්ගේ සංඛ්‍යාවව අද එය සියයට 3.5ක් ලෙසින් පසුබැස්මකට මැදිවි ගිය බව දත්තා යටතේ අනාවරණය කරලයි. 

'Nehru-Liaquat Ali Pact' එකඟතාවය යටතේ එකිනෙකාගේ සුළුතර වැසියන්ව ආරක්ෂා කිරිමේ ප්‍රතිඥා පිරිනැමිමක් සිදුව තිබුනද අසල්වැසි රාජ්‍යයේ ආගම් ක්ෂේත්‍රයේ සුළුතර යැයි පිලිගන්නා පිරිසගේ සංඛ්‍යාව නොකඩවාම පහතවැටී ගියේය. එයින් බොහෝ දෙනෙක් ඉන්දියාවට සංක්‍රමණයවි සිටිති. බංගලාදේශයේත් 1971 වසර ගණන් වලදි සියයට 21.3ක් ලෙසින් දැක්වුනු ආගමික අතින් සුළුතර යැයි සම්මත පිරිසගේ සංඛ්‍යාව අද දනිය වනවට එය සියයට 8.5 ක් ලෙසින් පහත වැටිගොස් ඇත. ආගමික අතින් සුළුතර යැයි සම්මත වැසියන්ට අනවශ්‍ය අසාධාරණ සැළකිල් වලට මැදිවිමට සිදුවන අතරට ඔවුන්ගේ ඉඩකඩම් බලහත්කාරයෙන් පැහැරගැනිම සිදුකෙරේ. ඉන්දියාව දෙස බලනවිට ඊට හාත්පසින්ම වෙනස් මුහුණවරක් දෘෂ්‍යව ඇත. රට දෙකට බෙදුනු යුගයේ සියයට 9.8 ක් ලෙසින් දැක්වුනු සුළුතර වැසියන්ගේ සංඛ්‍යාව අද නොසිතු විරු විධියෙන් ඉහලනැංවි ගියාය. එම දත්තා මගින් ඉන්දියාව සරණාගතයින්ට දක්වන සැළකිල්ල සහ අසල්වැසි රට සරණාගතයින්ට දක්වන සැලිකිල්ලත් පැහැදිළිව විදහාලයි.

රට දෙකට බෙදුනු පසුව පකාස්තානය සුළුතර වැසියන්ගේ සංඛ්‍යාව පහත දමාගැනිමට පනත් රැසක් සම්මත කරගැනිම සිදුකොට ඇත. ප්‍රථමයෙන් තමන්ට සුවිශේෂවු මැතිවරණ ක්‍රමවේදයක් සම්මත කරගනිමින් පාකිස්තානය එරටේ සුළුතරයින්ව දේශපාලන භූමියට පිවිසිම මුළුමණින්ම බැහැර කිරිමට මාර්ගය සාදාගත්තාය. රාජ්‍ය මට්ටමින් සුළුතරයින්ව මැදපවත්වාගෙන පාකිස්තානය සුළුතරයින්ට ජනාධිපතිදූරයට හෝ අග්‍රාමාත්‍යදූරයට හොබවිම මුළුමණින් බැහැර කලේය. මෙම වසරේ ඔක්ටෝබර් මාසේත් සුළුතර සමාජයට අයත් Pakistan People’s Party පක්ෂයේ, ක්‍රිස්තියානි පාර්ලිමේන්තු සභිකයෙකු විසින් ව්‍යවස්ථාමය සංශෝදනයක් ගැනවු යෝජනාවක් ඉදිරිපත් කල මොහොතේදිම අනිත් පාර්ලිමේන්තු සභිකයෝ එය වාචිකව ප්‍රතික්ෂේප කොට ඇත. 

පාකිස්තානයේ ව්‍යවස්ථාවෙන් හින්දු, ක්‍රිස්තියානි සහ සික් යන අගාම් අදහන පිරිස හැරුනු විට 'අහමේදියාස්' (Ahmediyas) සමාජයත් මුස්ලිම් නොවන වැසියන් ලෙසට ප්‍රකාශයට පත්කොට ඇත. සුළුතරයින් සඳහා වෙනමම මැතිවරණ පිලිවෙතක් ප්‍රකාශයට පත්කිරිමකින් අනතුරුව පාකිස්තානයේහි වැඩියෙන්ම පිඩාවට ලක්කෙරුනු අනිත් කණ්ඩායම 'අහමේදියාස්' සමාජය වේ. ඔවුන්ට මුස්ලිම් නොවන වැසියන් ලෙසින් ඡන්ද ප්‍රකාශ කිරිමට සිදුවිය. 'අහමේදියාස්වරු' වාර ගණනාවක් මැතිවරණ වර්ජනය කිරිම සිදුකොට ඇත. පාකිස්තානයේ විනිසුරු ෆෙඩරේෂණය වරක් යෝජනාවක් පිරිනමමින් 'අහමදියස්' යන නාමය වෙනුවට ඔවුන්ව 'කදියානි' (Qadiani) සහ 'මිර්ජා' (Mirza) යන නාමයෙන් හැඳින්විය යුතුයැයි ප්‍රකාශයට පත්කොට ඇත. මෙවැනි පියවරවල් යටතේ 'අහමදියස්' සමාජය මුළුමණින් මකා දෙමිමට ප්‍රයත්නයන්හි නිරතිවිමක් සිදුව තිබුනු බවත් දක්නට ලැබුනි. 'අහමදියස්' වරුන්ට එරහිව නිරන්තරව ආගම් අපහාස කිරිමේ චෝදනා එල්ලකරගෙන ගියේය. ඔවුන්ට එරහිව මරණ දණ්ඩනය තීන්දු කොට ඇත. 

පාකිස්තානය, ඉස්ලාම් දහමට නිගාකිරිම යන කාරණය සෑම විටකදිම සුළුතර වැසියන්ට එරහිව අවියක ලෛසින් යොදවාගෙන යයි. ඉන් නොනැවති පාකිස්තානය බලයේනම සුළුතරයින්ව ඉස්ලාම් ධර්මයට හරවාගෙන යාම සිදුකරයි. 

පාකිස්තානයේ, 'සියා' (Shias) වරුනුත් මුස්ලිම් සමාජයේම කොටසක් වන නමුදු ඔවුන්ටත් විවිධාකාර අසාධාරණ සැළකිල් වලට මැදිවි සිටිමට සිදුව ඇත. මූධර්මවාදියෝ 'සියා' වරුන් මුස්ලිම් නොවන කණ්ඩායමක් ලෙසින් සලකති. ඉන් නොනැවතින් පාකිස්තානයේ එම මුලධර්වාදියෝ 'සියා' වරුන්ව රටින් පිටමංකොට දමිම්න් පාකිස්තානය 'සුන්නි ඉස්ලාමිය රාජ්‍යයක්' (Sunni Islamic State) ලෙසින් ප්‍රකාශයට පත්කරගැනිමට මානබලති. 

පාකිස්තානයේ ජිවත්වන එවක නැගෙනහිර පාකිස්තානයෙන් (East Pakistan) පැමිණිය වැසියන්ට මෙන්ම බලුචිස් (Baluchis) සහ මොහජිර් (Mohajirs) යන පිරිසටත් එවැනි හා අසාධාරණ සැලිකිල්වලට මැදිවිමට සිදුවෙති. වසර 1971 සිට බංග්ලාදේශයේ එ.ජා.සං.මානව අයිතිවාසිකම් සරණාථ කඳවුරු වල (UNHRC camps) ජිවත්වන 'බිහාරි' (Biharis) පිරිස බාරගැනිමට පවා පාකිස්තානය බැහැරකොට ඇත. 

ඉන්දියාවට සරණ පතාගෙන පැමිණෙන මුස්ලිම් නොවන පිරිසට පුරවැසිභාවය පිරිනැමිමට නවදිල්ලිය ගත් තීරණයට යමක් කීමට එවැනි රටක්ට අයිතියක් තිබෙනවාද යන්න ගැනත් සළකා බැලියයුතු වේ. ලක්ෂ 19 ට වඩා මුස්ලිම් වරුන් පිරිසක් පුරවැසි නාමලේඛණයෙන් ඉවත්කොට දෙමු, ජාතික පුරවැසි ලියාපදිංචිකරණ (National Register), of Citizens (NRC), වැඩසටහනටත් තම නොසෑහිම පළකොට ඇත. එම නාමලේඛනයේහි නම් නොදැක්වෙන පිරිසට අදාල ආයතන වලට ගොස් දුක්ගැනිවිලි ඉදිරිපත් කලහැකි බව ඉන්දියාව පැහැදිළි කොට ඇත. 

වසර 1947 සිට පාකිස්තාය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශයේ ජිවත්වන සුළුතර ආගම්වලට අයත් පිරිස ඉන්දියාවට ප්‍රවේශවිමට මුලපුරා තිබුනි. ඔවුන්ට ඔවුන් ඉපදුනු ඒ සමගින්ම ජිවත්වන එම රටවල් තුනේම ඔවුන්ට අනාරක්ෂිත බවක් හැඟුනු නිසාම ඔවුන්ට මුහුණදිමට සිදුවන අසාධාරණ සැලකිලි වලට මුහුණදිමට නොසමත්වි ඔවුන් ඉන්දියාවට සංක්‍රමණවි ඇත.

යෝජිත ඉන්දිය එම සංශෝධිත පුරවැසි පනත් කෙටුම්පත, එවැනි සරණාථයින්ට සුරක්ෂිත හෙවනක් ලබාදිමකට මෙන්ම ඔවුන්ටත් ඉන්දිය අනිකුත් පුරවැසියන්ට හා සමානව ලැබෙන සෑම අයිතිවාසිකමක්ම භූක්ති විඳිමට අවස්ථාව ලබාදිම ඉලක්ක කරයි.

පිටපත: දකුණු ආසියා උපායමාර්ග සම්බන්ධ විශ්ලේෂක, ආචාර්‍ය. ස්මෘති පත්තනයික්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ