දේශගුණික විපර්යාස අවම කිරීම සම්බන්ධ මැඩ්‍රිඩ් සමුළුවේහිදි ඉදිරිපත් කල ඉන්දිය න්‍යාය පත්‍රය

දේශගුණික විපර්යාසය කිසිසේත්ම අහකබලාගෙන සිටිය නොහැකි යථාර්තයකි. කිසිදු රටකටවත් එයින් එල්ලවියහැකි බලපෑමෙන් බේරි සිටියද නොහැක. එක රටක් හෝ හුදකලාව හෝ ඊට එරහිව සටන් කල කලහැකිද නොවේ. ඉන්දියාවටත් මෙම දේශගුණික විපර්යාසයෙන් බලපෑම් ගණනාවක් එල්ලවේගෙන යන අතරට අත්දැකිම්ද විඳගැනිමටත් හැකිවුවාය. අවාරික වර්ෂාපතන, අධික උණුසුමකින්යුත් වායු හමාගෙනයාම, සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ශීත දේශගුණය වැනි පසුබිම් යටතේ ආහාර උද්පාදන සහ සෞඛ්‍යය වැනි දේවල් වලටත් අනිසි ඵලවිපාක විඳින්නට සිදුවි ඇත.

මේ දැන් නිමාවට පත්වුනු මැඩ්‍රිඩ් දේශගුණික විපර්යාස සමුළුව (Madrid Conference on Climate Change) එසේ නැත්නම් CoP25 සමුළුවේදි 2015 වසර ගිවිසුගත් Paris Agreement එකඟතාවය 2020 වසර එළඹෙත්දිම කුමන විධියෙන් ක්‍රියාත්මක කරගෙන යාහැකිද යන්න ගැන පුළුල් මට්ටමින් විමසුමකට ලක්කොටදිම සිදුවිය.

දෙසතියක පුරා පැවැත්වුනු මෙම අතිසය ඉහල මට්ටමේ දේශගුණික විපර්යාසය සම්බන්ධ සමුළුවේදි දේශගුණික විපර්යාසයෙන් සිදුකෙරිය හැකි බලපෑම් ගැන විද්‍යාත්මක මට්ටමින් අනතුරු හැඟවිම් ගැන පුළුල් විධියෙන් විමසුමකට ලක්කකොටදිම සිදුවිය. මානව වර්ගයාට එල්ලවිය විපත්තියෙන් එල්ලවියහ හැකි අහේනියන් ගැන මෙන්ම එයින් මිදිම සඳහා ක්‍රියාත්මක කරගතහැකි ක්‍රියාරාමු ගැන එම සමුළුවෙන් පුළුල්විධියෙන් සැලකිල්ල දැක්විම සිදුකොට ඇත. එක්සත් ජාතින්ගේ සංවිධානයේ (UN), ඒජන්සියක් වන අන්තර් - රජයේ දේශගුණික විපර්යාසය සම්බන්ධ පැනලයට (Intergovernmental Panel on Climate Change), (IPCC) අනුව, දැනට අප මැදිවි සිටින දේශගුණික උණුසුමේ මට්ටමට වඩා එය අඩුකර නොගන්වානම් ස්වභාවධර්මයාට එයින් එල්ලවිය හැකි අනතුරුදායි තත්වය විස්තර ක නොහැකි බවය.

‘Emission Gap Report 2019’, යන තේමාව යටතේ ඉතාමත් ප්‍රබල වාර්තාවකින් අනතුරු හැඟවිමක් නිකුත් කරන එක්සත් ජාතින්ගේ සංවිධානයේ පාරිසාරික වැඩසටහනට (UN Environmental Programme ) අනුව, “ගෝලිය උණුසුම සෙල්සියස් ඩිග්‍රි 1.5 කින් පහත දමාගැනිමකට අපට ලැබුනු අගනා අවස්තාව මගහැරුනු බවය”. 

IPCC පැනලයට අනුව, වර්තමාන ගෝලිය උණුසුම් මට්ටම ඉදිරියේදි වර්තමාන පසුබිමට වඩා නොකඩවාම ඉහල නැංවිගියහොත් 2030 සහ 2052, යන වසර අතරතුර එය පුර්ව - කාර්මික මට්ටමට වඩා සෙල්සියස් ඩිග්‍රි 1.5 මට්ටමිකින් එය නොකඩවාම තවදුරටත් ඉහල නැංවියාහැකි බවය. 

පැරිස් දේශගුණික විපර්යාස සමුළුවේදි (Paris Climate Summit) ගිවිසගත් '2015 එකඟතාවය' දේශගුණික විපර්යාසය මැදපවත්වා ගැනිමේ පොදු ප්‍රයත්නයකට ජාත්‍යන්තර සමාජය එක්වුනු එක් වැදගත් අවශ්ථාවක් විය. පැරිස් එකඟතාවේ (Paris Agreement) ඉලක්කය, ගෝලිය උනුසුම් වර්ධනය පුර්ව - කාර්මික මට්ටමට වඩා මෙම සියවස අතරතුර සෙල්සියස් ඩිග්‍රි 2 ක පහතින් රඳවා තබාගෙන දේශගුණ වර්ධනය සෙල්සියස් ඩිග්‍රි 1.5 වර්ධණයක යටතේ රඳවා තබා ගැනිමකට වේ. මෙම ඉලක්කය සපුරාගැනිමට මැඩ්‍රිඩ් සමුළුවට සහභාගිවුනු ජාත්‍යන්තර සමාජය නිරන්තර ප්‍රයත්නයක නිරතවිය. 

ෆොසිල් ඉන්ධන භාවිතයෙන් 2017 වසර අතර සිදුකෙරුනු කාබොන් ඩයොක්ෂයිඩ් වායු ප්‍රදූෂණයට සමස්තයක් ලෙසින් සියයට 60 න් චීනය, ඉන්දියාව, යුරෝපා හවුල සහ එකසත් ජනපදය වගකිවයුතු වන බවය. ඉන්දියාව 2005 වසරේ දක්නට ලැබුනු තම හරිතගෘහ වායු ප්‍රදූෂණ මට්ටම 2030 වනවිට තම ජාතික දළ උද්පාදන ඒකකයකින් සියයට 33-35 න් පහත දමාගැනිමට සැලසුම් යොදවා ඇත. ඉන්දියාව කිසිදු කොන්දේශියකින් තොරව සියයට 15 න් තම එම ඉලක්කය සපුරාගැනිමට තිරණය රැගෙන ඇත. ගල් අඟුරු බලශක්තිය සිට ෆොසිල් ඉන්ධන බලශක්ති සම්පත් භාවිතය පහත දමා ගැනිම් සහ ශුන්‍ය වායුප්‍රදූෂණ තාක්ෂණ වලින්යුත් මහජන ප්‍රවාහන සේවා පද්ධති වායුප්‍රදූෂණ මුක්ත වාහන හඳුන්වාදිම වැනි මුලපිරුම් ඉදියාව හඳුන්වාදිගෙන යයි. 

ඉන්දියාව මැඩ්‍රිඩ් ශිඛර සමුළුවේදි මහාත්මා ගාන්ධි තුමන්ගේ ඉතාමත් චාම් මෙන්ම සරල තිරසාර සංවර්ධන දැක්ම ගැන සැලකිල්ලට ලක්කොටදිම සිදුකලාය. මෙයින් දේශගුණික විපර්යාසයට තිරසාර පාරිභෝජනය සහ උද්පාදනය පදනම්වුනු විසඳුම් මෙන්ම ඊට අදාල ප්‍රශ්ණ ගැන විකල්ප සොයාගත හැකි බව ඉන්දියාව තවදුරටත් අවධාරණය කරයි. 

ලෝකයට දැන් පාරිසාරික සහ මානවිය අර්බුදයකට මැදිවි තිබිම දේශගුණික විද්‍යාවෙනුත් පැහැදිලිව පෙන්වාදි ඇත. මෙය අතිසය වැදගත් අප්‍රමාදව විසඳාගත යුතු ප්‍රශ්ණයක්ද වේ. 

පිටපත: Indian Science Journal, සඟරාවේ විධායක සංස්කාරක, එන්.භද්‍රන් නයියාර්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ