ප්‍රථම ඉන්දු - ජපන් 2+2 අමාත්‍ය මට්ටමේ හමුව

ප්‍රථම ඉන්දු - ජපන් 2+2 අමාත්‍ය මට්ටමේ හමුව නවදිල්ලියේහි පැවැත්විය. ජපන් විදේශ අමාත්‍ය තොෂිමිත්සු මොටෙගි (Toshimitsu Motegi) මහතා සහ ආරක්ෂක කටයුතු අමාත්‍ය තරො කොනො (Taro Kono) මහතා සහ ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්‍ය.එස්. ජයිශංකර් සහ ආරක්ෂක කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම හමුව සිදුවිය. මෙම 2+2 හමුව දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික සබඳතා සහ ආරක්ෂක සහ උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරගැනිමකට ඉලක්ක කොට ඇත. ඉන්දු - ජපන් හවුල්කාරිත්වය 2000 වසර සිට ක්‍රියාත්මක කරගෙන යයි. ඒකාබද්ධ ක්‍රියාකාරි කණ්ඩායම් සහ ඉහලපෙලේ බලධාරින්ගේ හමුවිම් වැනි පියවරවල් යටතේ එම යාන්ත්‍රනය ක්‍රියාත්මක කරගෙන යයි. එම යාන්ත්‍රනය දැන් අමාත්‍ය මට්ටමින් පවත්වාගෙන යාම ආරඹකොට ඇත.

මෙම ද්විපාර්ශ්වික හමුවිම් 2000-2001 යන වසර අතරතුර එවක අග්‍රාමාත්‍ය එ.බි. වාජ්පායි සහ ජපන් අග්‍රාමාත්‍ය යොෂිරෝ මොරි යන දෙදෙනාගේ පාලනය යුගයේදි යෝජනා කොට තිබුනු යාන්ත්‍රනයක් වේ. එතුන් පටන් එම හමුවිම් නොකඩවාම පවත්වාගෙන පැමිණි ඇත.

එම හමුව අවශානයේදි ඒකාබද්ධ ප්‍රකාශණයක් පිරිනමමින් නවදිල්ලිය සහ ටෝකියෝව පාකිස්තානය සිට ක්‍රියාත්මකවේගෙන යන ත්‍රස්තවාදින් හේතුවෙන් කලාපයේ සාමයට සහ සුරක්ෂාවටත් අතිසයෙන් තර්ජන ගෙනදි තිබෙන බව හුවා දක්වති. ඊට අමතරව නවදිල්ලිය සහ ටෝකියෝව එකසත් ජාතින්ගේ සංවිධානයේ න්‍යාමයන්ට ගෞරවය දක්වමින් එරට විසින් සංවර්ධන කරගෙන යන මාරාන්තික අවි සහ බැලිස්ටික් මිසයිල්ස් වැඩසටහන් ක්ෂණිකව අත්හිටුවා දමන ලෙසින් උතුරු කොරියාවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

මෙම මස අග පැවැත්වෙන ඉන්දු - ජපන් වාර්ෂික ශිඛර හමුවට සහභාගිවිම සඳහා ඉන්දියාවට පැමිණිමට යන ජපන් අග්‍රාමාත්‍ය වරයාගේ නවදිල්ලි චාරිකාව කලින් මෙම 2+2 අමාත්‍ය මට්ටමේ හමුවද සිදුවිය. මෙම වාර්ෂික ඉන්දු - ජපන් ශිඛර හමුව 2014 වසර සිට පවත්වාගෙන එයි. ඉන්දු - ජපන් ද්විපාර්ශ්වික සබඳතා ප්‍රථම වරට 2006 වසර සිට නොසිදු විරු ලෙසින් වර්ධනයක් ගෙනදුන් අතර අනතුරුව දෙරට අතර ඒකාබද්ධ හමුදා හරඹ අභ්‍යාසයක් පවත්වා ගැනිමටත් හැකිවිය. මලබාර් හමුදා අභ්‍යාසය (Malabar Exercise) සමගින් දෙපාර්ශ්වයේ ආරක්ෂක ගනුදෙනුත් ඉහල මට්ටමකට පත්වි ඇත. ජපානය 2015 වසර සට නොකඩවාම මෙම මලබාර් හමුදා හරඹ අභ්‍යාසයට සහභාගිවේ.

පසුගිය වසර පවත්වන ලද ත්‍රස්තවාද මර්දන ඒකාබද්ධ හමුදා අභ්‍යාසයට ප්‍රථම වරට ඉන්දියාව සහ ජපානය යන රටවල් දෙකේ පාබල හමුදාව සහභාගි විය. මේ දැන් අවශන්වුනු 2+2 අමාත්‍ය මට්ටමේ හමුවේදි දෙරටේ ගුවන්හමුදාවත් එම ඒකාබද්ධ හමුදා අභ්‍යාසයට සහභාගි කරවිම් ගැන්ත සාකච්ජා පවත්වා ඇත. නුදුරු දිනකදීම දෙරටේ පුහාරක යානා එම ඒකාබද්ධ හමුදා අභ්‍යාසයට සහභාගිවන විධිය අපට දැකගත හැකිය.

ජපානය දැනටමත් රටවල් සයක සමගින් 2+2මට්ටමින් හමුවිම් පවත්වාගෙන යයි. ඉන්දියාව හුදු එක්සත් ජනපදය සහ ජපානය යන රටවල් දෙක සමගින් පමනක් ඒ විධියේ ගුනුදෙනුවක් පවත්වාගෙන යයි.මෙම වසර සැප්තැම්බර් මස පවත්වන ලද UNGA සැසිය අතරවාරයේදි එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් සතර අතරට නිව්යෝර්ක්හි ප්‍රථමවරට සිව්පාර්ශ්වික (Quad) හමුවක් පැවැත්විය. රටවල් සතර එම හමුවෙන් විශේෂයෙන්ම ත්‍රස්තවාද මර්දන අභ්‍යාස ගැන විශ්වාසයක් ගොඩනගා ගැනිමක් සිදුවිය.

2+2 අමාත්‍ය මට්ටමේ හමුවිම් මගින් විහේෂයෙන්ම ඉන්දු - පැසිෆික් සාගර කලාපිය සාමය සහ ආරක්ෂා ගැන ප්‍රමුඛත්වය ලබාදිම සිදුව ඇත. මෙම වසර බැංකොක්හි පවත්වන ලද නැගෙනහිර ආසියා ශිඛර සමුළුවේදි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිරිනැමු අමතුමෙනුත් එම විෂයටම ප්‍රමුඛත්වය ලබාදිම සිදුව තිබුනි. එතුමන්ගේ එම ඇමතුමින් ඉන්දු - පැසිෆකි සාගර කලාපිය නිදහස් මාර්ගමෙහෙයුම්, සාමය සහ ස්ථාවරත්වය යන විෂයන්ට ප්‍රමුඛත්වය දැක්විම සිදුවිය.

ඉන්දු - ජපන් සබඳතා දැන් අධිවේග දුම්රිය සේවා ව්‍යාපෘතියතෙක් පුළුල්විගොස් ඇත. ආරක්ෂක ක්ෂේත්‍රයේ වැඩසටහන්තෙක් දෙරටේ විශ්වාසය තහුවරුකර ගැනිමට හැකිවි ඇත. 2+2 අමාත්‍ය මට්ටමේ හමුවිම් අතරතුර ACSA ගනුදෙනුව ගැන අවශාන නිගමනයකට බැසිගැනිමටත් ඉන්දියාව සහ ජපානය එකඟත්වයට පත්ව ඇත. මෙ ගනුනෙුව යටතේ දෙපාර්ශ්වයේ ආරක්ෂක සහයෝගිතා වලට දක්වන කොටස්දායකත්වය ශක්තිමත් කරගැනිමටත් අපෙක්ෂා කරති. එම වැඩසටහන යටතේ ඉන්දියාවේ ගුරුග්‍රාම් සිට පවත්වාගෙන යන IFC-IOR කේන්ද්‍රස්ථානයේහි ජපන් බලධාරින්ට නිරතවිමට මාර්ගය පාදාදි ඇත. 2018 වසර සිට ඉන්දියාවේ එය ක්‍රියාත්මක කරගෙන යයි.

2+2 අමාත්‍ය මට්ටමේ හමුවිම් යටතේ 2010 වසර සිට සිව්පාර්ශ්වික ආරක්ෂක තාක්ෂණ සහයෝගිතා වැඩසටහනකුත් ආරඹකරගැනිමට හැකිවිය. මෙම වැඩසටහන් යටතේ රොබොටික් සහ මානවරහිත ගොඩබිම් හමුදා වාහන වැනි අංශයන්ට අදාල තාක්ෂණ දැන්ම හුවමාරු කරගැනිම සිදුකරගනිති. ඉන්දිය DRDO හෙවත් ආරක්ෂක පර්යේෂණ සංවර්ධන සංවිධානය ජපන් ආරක්ෂක පර්යේෂණ සංවර්ධන සංවිධානය සමගින් විෂයන් ගණනාවක් සම්බන්ධයෙන් සමිපව සහ සහයෝගයකින් කටයුතු කරගෙන යයි.
ඉන්දු - ජපන් 2+2 අමාත්‍ය මට්ටමේ හමුවිම් යටතේ දකුණු චින සාගරයේ නිදහස් නව්කා යාත්‍රා, ගුවන්යානා වලට නිදහසින් පියාසර කිරිම්, වෙළඳ සහ වානිජ අර්බුද සාමකාමිව සංවාද මාධ්‍යයෙන් විසඳා ගැනිම, එක්සත් ජතින්ගේ සංවිධානයේ සහ ජාත්‍යන්තර සාගර න්‍යාමයන්ට (UNCLOS) ගෞරවය දක්වමින් රාජ්‍යතාන්ත්‍රික මාධ්‍යයෙන් ප්‍රශ්න විසඳා ගැනිම් වැනි කරුණු ගැනත් සැලකිල්ල දැක්විය.

පිටපත: මාධ්‍ය වේදි, සුමන් සර්මා

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ