එක්සත් ජනපදය CPEC ගැන පාකිස්තානයට අනතුරු අඟවයි

චීනයේ, බි ආර් අයි (BRI), හෙවත් 'තීර සහ මාර්ග මුලපිරුම' (Belt and Road Initiative), 2013 වසරදි දියත්කොට තිබුනි. එතැන් පටන් විශේෂයෙන්ම සි පි ඉ සි (CPEC), හෙවත් චින - පාකිස්තාන් ආර්ථික කොරිදෝව (China-Pakistan Economic Corridor) ව්‍යාපෘතිය හේතුවෙන් මෙන්ම තම භෞමිය ස්වෛරියතාවය ගැන සළකා බැලිමෙන් ඉන්දියාවට තරමක සාංකාවක් ඇතිකරලිමට තුඩුදුන්නේය. එම ව්‍යාපෘතිය යටතේ කලාපිය නීති සහ න්‍යාමයන්ට සැළකිල්ලක් දක්වා නොතිබිම ගැනත් ඉන්දියාව තම නොසෑහිම පලකොට ඇත. ඉන්දියාව තම ප්‍රතිපත්තින්ට ප්‍රමුඛත්වය දක්වමින් සහ ඊට තම දැඩි සහ ස්ථාවර පිලිවෙත හුවා දක්වමින් එකහෙලාම සි පි ඉ සි (CPEC), ව්‍යාපෘතියට විරෝධය පලකොටද ඇත. ප්‍රථමයෙන්ම BRI කොරිදෝවට විරෝධය දැක්වු රටත් ඉන්දියාව වු අතරට චිනයේ 'තීර සහ මාර්ග මුලපිරුම' සම්බන්ධයෙන් පවත්වනු ලැබු හමුවිම් වලිනුත් බැහැරවි සිටියාය. එම හමුවිම් වලට තම නියෝජිතියින්ව පිටත්කොට යෙවිමද ඉන්දියාව බැහැරවි සිටියාය.ඉන්දියාව 2013 වසර සිට එම ව්‍යාපෘතිය සම්බන්ධව තම දැඩි සහ ස්ථාවර පිලිවෙත් ප්‍රකාශයට පත්කොට තිබුනාය. BRI මුලපිරුමේ CPEC ව්‍යාපෘතිය පාකිස්තානය බලයෙන්ම පාලන කරගෙන යන කාශ්මිර කොටස (Pakistan-occupied Kashmir), (PoK) හරහා ගෝඩනගාගෙන යන නිසාම ඉන්දියාව මුලසිට එම කාර්‍යට තම නොසෑහිම පලකොට ඇත. “CPEC ව්‍යාපෘතිය යටතේ ඉන්දිය ස්වෛරියතා ගැන හෝ භෞමිය අඛණ්ඩතා ගැනත් චීනය කිසිදු තැකීමක් සිදුකොට නොතිබුනු බව” ඉන්දියාව තවදුරටත් පැහැදිළි කොට ඇත.

ඉන්දියාව පමණක් නොව තවත් රටවල් ගණනාවක් BRI මුලපිරුමේ CPEC ව්‍යාපෘතියට නොසෑහිම පලකොට ඇත. එක්සත් ජනපදය විවෘතව දැන එම ව්‍යාපාතිය ගැන තම නොසෑහිම පලකිරිම් ආරඹකොට ඇත. වොෂින්ටන්, DC යේ, Woodrow Wilson International Center for Scholars අධ්‍යයන අයාතනයේ පවත්වනු ලැබු හමුවකදි BRI මුලපිරුමේ CPEC ව්‍යාපෘතිය ගැන එක්සත් ජනපදයේ දැඩි නොසෑහිම පලකල එක්සත් ජනපද දකුණු සහ මධ්‍ය ආසියා කටයුතු වැඩබලන සහාය රාජ්‍ය ලේකම්, ඇලිස් වෙල්ස් (Alice Wells) මහත්මිය,“ BRI යේ භෞගෝලිය දේශපාලනමය ස්වරූපය ඉන්දියාවට පැහැදිලිව නිවරදි දැනුමක් ඇතිකර ගැනිමට හැකිවි තිබෙන බව” යැයි පෙන්වාදි ඇත. “එම ව්‍යාපෘතිය ආර්ථිකය පදනම්වි නොතිබෙන බවත් යන ඉන්දිය සැකයට මෙන්ම ස්වෛරියතාවයට තර්ජන එල්ලවෙන බවත් යන කතාවටද අප පිලිගන්නා බව” ඇය තවදුරටත් සඳහන් කලාය.

වෙල්ස් මහත්මියගේ, “චින - පාකිස්තාන් ඒකාබද්ධය සහ විශේෂයෙන්ම CPEC වයාපෘතිය යටතේ ඉන්දිය ස්වෛරියතා අයතියට එල්ලවි තිබෙන තර්ජන” යන ප්‍රකාශයෙන් එම විෂයට මෙන්ම කලාපිය සුරක්ෂාව සම්බන්ධ ඉන්දියාව සහ එක්සත් ජනපදය දරන පොදු ආකල්ප විදහා දැක්විම සිදුව ඇත. එම විෂය සමබන්ධ දරන පොදු ආකල්ප සහ දක්වන පොදු සැලකිල්ල සහ අවශ්‍යතාද විදහා දැක්විම සිදුව ඇත. ඉන්දියාව සහ ජපානය BRI මුලපිරුමට වඩා විශ්වසනිය, දිගුකාල් පවතින විකල්ප අසල්වැසි රටවල් වලට හඳුන්වාදිමට ඉදිරිපත් වෙති. The Asia-Africa Growth Corridor (AAGC) සහ ජපානය සමගින් සහයෝගයකින් ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ ගැඹුරු මුහුදු කන්තෙර්නර් ටර්මිනලය සංවර්ධන ව්‍යාපෘතිය ඊට නිදසුන් ලෙසින් පෙන්වා දිය හැකිය. එකසත් ජනපදයත් එම වැඩසටහන් වලට සම්බන්ධවිමේ කැමැත්ත පලකොට ඇත.

වෙල්ස් මහත්මියගේ එම ප්‍රකාශයෙන් වේගයෙන් වර්ධනවේගෙන යන ඉන්දු - එක්සත් ජනපද හවුල්කාරිත්වයද විදහා දැක්විම සිදුව ඇත. 2019 වසර සැප්තැම්බර් මස සිදුවුනු ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ එකසත් ජනපද සංචාරය සහ අන්න්‍යෝන්‍ය අවශ්‍යතා සහ අපෙක්ෂා ගැන සැළකිල්ල දක්වමින් උපායමාර්ග ක්ෂේත්‍රයේ ඇමරිකානු විද්වතුන් සමගින් විදේශ අමාත්‍ය ආචාර්‍ය. එස්. ජයිහංකර් මහතා සිදුකරගෙන නිරන්තර ගනුදෙනු මගිනුත් දෙරටේ එම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත්වි යාමකට සෑහෙනදුරට හේතුදායිවි ඇත. නොකඩවාම ශක්තිමත්වේගෙන යන ඉන්දු - එක්සත් ජනපද උපාය මාර්ගික හවුල්කාරිත්වය මධ්‍යයේ චීන - පාකිස්තාන් ඒකාබද්ධයෙන් ඉන්දිය සුරක්ෂා ක්ෂේත්‍රයට එල්ලවි තිබෙන අභියෝග ගැන එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයින්ටද නිවරදි දැනුමක් ඇතිවි ගොස් ඇත.

එක්සත් ජනපද සහාය රාජ්‍ය ලේකම් තුමිය CPEC මුලපිරුමින් දිගුකාලින මට්ටමින් පාකිස්තාන් ආර්ථිකයට එල්ලවියහැකි අනතුරුදායි තත්වයටද සැලකිල්ල දැක්විම සිදුකොට තිබුනාය. චිනය මුල්‍යය සම්බන්ධයෙන් කිසිදු පිලවෙතක් අනුගමනය නොකරන බව ප්‍රකාශ කරන ඇය පාකිස්තානයට විශාල ණයකට මැදිවියාමට සිදුවිය හැකියැයි තවදුරටත් පෙන්වාදි ඇත. ඒ හැරුනුවිට එය කිසිසේත්ම අන්න්‍යෝන්‍ය වාසිදයි වැඩසටහනකුත් නොවන බව වේලස් මහත්මිය තවදුරටත් පෙන්වා දුන්නාය. එයින් වාසි අත්වන්නේ හුදු චිනයට පමනක් බව අය තවදුරටත් පැහැදිළිකොට තිබුනාය. 2019 වසර සියයට 3.3 ක් ලෙසින් වර්ධනවිගෙන ගිය පාකිස්තාන් ආර්ථිකය 2020 වසර සියයට 2.8 ක් ලෙසින් වර්ධනවිගෙන යාමක් ගැන අපෙක්ෂා කරයි.

CPEC ඇමරිකානු ඩොලර් බිලියන ගණනාවක වැයකින් දියත්කරගෙන යන ව්‍යාපෘතියකි. අවශානයේදි පාකිස්තානයට ලොකු ණයකට හරවි යමය. පාකිස්තානයේ ණය 2018 වසරදි US$ බිලියන 105 ක් ලෙසින් පෙන්නුම්කොට තිබුනි. එම වකනුවේදිම පාකිස්තානයේ ජාතික දළ උද්පාදනයේ වටිනාකම හුදු US$ බිලියන312 ක් ලෙසින් පෙන්නුම්කොට තිබුනාය. පාකිස්තානය 2019 වසර මැයි මස, වෙනත් රටවල් වලින් සහ මුල්‍ය ආයතනවල් වලින් රැගත් ණයෙන් මිදිමකට සහ තම ආර්ථිය පසුබිම ස්ථාවර කරගැනිම සඳහාත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සංවිධානයෙන් (International Monetary Fund), US$ බිලියන 6 ක් ලබාගැනිමේ ගිවිසුමකටත් අත්සන් තබා ඇත. පාකිස්තානය තම සමිප මිත්‍ර රාජ්‍ය සව්දි අරාබියවෙනුත් විශාල මුල්‍යමය සහයෝගයක් ලබාගෙන සිටියි. පාකිස්තානය සහ චීනය වේල්ස් මහත්මියගේ ප්‍රකශ මුළුමණින්ම බැහැර කරමින් CPEC මුලපිරුම ‘game changerයක’, ලෙසින් තවදුරටත් පෙන්වා දෙති.

පිටපත: චීන උපායමාර්ග කටයුතු සම්බන්ධ විශ්ලේෂක, සනා හස්මි

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ