ඉන්දියාව අග්නිදිග ආසියාව සමඟ තිරසාර හවුල්කාරිත්වයක් ගොඩනගා ගනියි

අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා නැගෙනහිර දෙසට හැරි බැලීමේ ඉන්දිය ප්‍රතිපත්ති පනත සහ ඉන්දු - පැසිෆික් දැක්ම ඉදිරියට ගෙනයෑමේ ඉලක්කනයකින් ASEAN ශිඛර සමුළුවට සහභාගිවිමට තයිලනත්යට චාරිකාවකට නිරතවිය. එම ශිඛර සමුළුව අතරතුර අග්‍රාමාත්‍ය මෝදි රාජ්‍ය නායකයින් ගණනාවක සමඟින් ද්විපාර්ශ්වික මට්ටමින් සාකච්ජා පැවැත්විම හැරුනු විට 16 වන ඉන්දු - ආසියාන් ශිඛර සමුළුව (16th India-ASEAN Summit), 14 වන නැගෙනහිර ආසියා ශිඛර සමුළුව (14th East Asia Summit), (EAS) සහ 3 වන ආර්සේප් සමුළුව (3rd RCEP Summit) යන ජාත්‍යන්තර හමුවිම් වලටත් සහභාගිවිය. මෙයට කලින් ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍ය.එස් ජයිශංකර් මහතාත් බැංකොක්හි පසුගිය අගෝස්තු මස ASEAN හමුවට අදාල අමාත්‍ය මට්ටමේ හමුවිම් ගණනාවකට සම්බන්ධවිය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 16 වන ඉන්දු - ආසියාන් ශිඛර සමුළුවේහි අන්‍යෝන්‍ය අවශ්‍යතායන්ට සැළකිල්ල දක්වමින් නිදහස්, සෑම දෙයක්ම අන්තර්ගත සහ න්‍යාමයන් යටතේවු ඉන්දු - පැසිෆික් රටාවක් ගොඩනගා ගැනිමේ යෝජනාවක් ඉදිරිපත් කලේය. ඉන්දිය පිලිවෙත් යටතේ ASEAN කණ්ඩායමට දක්වන තැන ගැන මෙන්ම ASEAN කණ්ඩායමේ ඉන්දු - පැසිෆක් පිලිවෙත් ගැනද පැහිදිළි කරමින් ඔහු සාගරමය සහයෝගිතා, ප්‍රායෝගික සහ ඩිජිටල් සම්බන්ධිකරණය, සාගර ආශ්‍රිත ආර්ථිකය සහ මානවිය ආධාර ක්ෂේත්‍රයේ ගණුදෙනු ශක්තිමත් කරගැනිමේ අවශ්‍යතාවයට අතිශය අවධාරණය කිරිම සිදුකොට ඇත. ඉන්දියාව කාෂකර්මාන්තය, විද්‍යාව සහ පර්යේෂණ යන අංශයන්ට අදාල හැකියා ගොඩනැගිම, අයි සි ටි (ICT) සහ ඉන්ජිනේරු යන අංශ වලට සැලකිල්ල දක්වයි. ඉන්දියාවට ASEAN කණ්ඩායම සමගින් සම්බන්ධකම් පවත්වත්වා ගැනිමේ කාර්‍යන්ට අදාල ව්‍යාපෘතින් සඳහා US $ බිලියන 1ක ණය ශ්‍රේණියක් (Line of Credit), (LoC) සතුවන අතරට එම ණය (LoC) කුමන වර්ගයේ ව්‍යාපෘතින් සඳහා යොදවා ගතයුතුද යන්න ගැන දැන් අදාල රටවල් සමගින් සාකරචජා පවත්වාගෙන යයි. එම විෂයන් හැරුනුවිට ඉන්දියාව සහ ASEAN කණ්ඩායම මෙයට කලිනුත් දෙපාර්ශ්වය අතර පවතින් වෙළඳ විෂමතා මගහරවා ගැනිමට දෙපාර්ශ්වය අතරේ ක්‍රියාත්මක කරගෙන යන ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම (bilateral free trade agreement), (FTA) ගැන නැවත විමසුමට ලක්කොටදිමටත් එකඟත්වය පලකොට ඇත.

ඉන්දිය අග්‍රාමාත්‍යවරයා නැගෙනහිර ආසියා ශිඛර සමුළුවටද සහභාගි විය. එම කවයේ ස්මාරඹක සාමාජික රටක් ලෙසින් ඉන්දියාව සාගරමය සුරක්ෂාව, ත්‍රස්තවාදය, අවිආයුධ ව්‍යාප්ත නොකිරිම නිතිවිරෝධි සාක්‍රමණය වැනි උපායමාර්ග සහයෝගිතා යටතේ කැපව පොදුව සැලකිල්ල දැක්විමටත් එකඟත්වය පලකරමින් එම කලාපිය සං විධානය ශක්තිමත් කරගැනිමට කැමැත්ත පලකොට ඇත. “මැනිලා ක්‍රියාකාරි සැළසුම” (Manila Plan of Action), සිට “ඉ එ එස් සංවර්ධන මුලපිරුම සම්බන්ධ නෝම් ෆෙන් ප්‍රකාශණය (2018-2022)” (Phnom Penh Declaration on EAS Development Initiative) යන වැඩසටහන් ශක්තිමත් කරෙගෙන ඉදිරියට ගෙනයාමටත් නායකයෝ කැමැත්ත පලකර සිටියෝය. නිති විරෝධි මත්ද්‍රව්‍ය අන්තර්රාජ්‍ය අපරාධ මර්දනය සහ පැවැත්ම සඳහා ව්‍යාජ හවුල්කාරත්වය පවත්වාගෙන යාම විෂයන් ඇතුලත් ලියකියවිලි තුනත් EAS සමුළුවේදි සම්මත කරගැනිමට හැකිවිය.

ASEAN ශිඛර සමුළුව මෙම වසර ප්‍රමුඛත්වය දැක්වු වැදගත් අංශ, කලාපිය පුළුල්වු ආර්ථික සහකාරිත්වයට අදාල ගනුදෙනුව,රටවල් 16 ක ඒකාබද්ධ ගෝලිය ජාතික දළ උද්පාදනයෙන් 32 % ක මැග නිදහස් වෙළඳ ගිවිසුම යනාදිය වෙති. කෙසේ නමුදු RCEP ගනුදෙනුව ඉන්දියාව ඇතුළුව ASEAN+3 ක්‍රියාකාරි රාමුව අතරද තරමක පරස්පරතා මතුවිය. ආසියා පැසිෆික් කලාපිය විධිමත් නිදහස් වෙළඳාම් පද්ධතියක් ප්‍රවර්ධන කරගැනිම සහ සේවා අංශයන්හි වඩාත් විවෘත බවත් ඇතිකරගැනිමට මෙන්ම තිරසාර වෙළඳ ශේෂ මගහරවා ගැනිම යන අංශයන්ට ඉන්දියාව සැලකිල්ල දැක්විම සිදු කොට ඇත.

RCEP ශිඛර සමුවේදි ඊට සම්බන්ධ සාමාජික රටවල් 15 ඊට අදාල අයබදු සම්බන්ධ පරිච්ජේද 20 ගනුදෙනුව ගැන අවශාන නිගමනයකට බැසගෙන එය සම්මත කරගැනිමට මාන බැලුවද ඉන්දියාව ඊට තරමකින් බැහැරවි මේ දක්වා විසඳා ගැනිමට නොහැකිවු ප්‍රශ්ණ වලට ප්‍රමුඛත්වය දක්වන ලෙසින් අවධාරණ කොට ඇත. වැඩි වෙළඳ ප්‍රවේශය, අයබදු පරතර නොමැති කරුණු, ඊට අදාල න්‍යාමයන්, භාණ්ඩ වල අයබදු පහත දෙමිම් සහ පදනම් වර්ෂය සම්බන්ධයෙනුත් සාමාජික රටවල් අතරට පරතර මතුව ඇත. ඉන්දියාව මෙවැනි පසුබිමක වයටතේ මෙන්ම සාධාරණත්වයක් නොමැතිවිම සහ සමබරතාවයක් නොමැතිවිම නිසා ඊට සම්බන්ධ නොවිමකට තීරණය කලාය. මෙවැනි පිලිවෙතක යටතේ විශේෂයෙන්ම ඉන්දියාවේ පිඩාවට පත්ව සිටින සමාජයට අනිසි බලපෑම් එල්ලවිම මගහරවා දෙමිමකට තමන් එවැනි තිරණයක් ගත්බව අග්‍රාමාත්‍ය වරයා තවදුටත් පැහැදිලි කොට ඇත.

අග්‍රාමාත්‍ය මෝදිගේ එම තයිලන්ත චාරිකාව මධ්‍යයේදි ඉන්දිය උපායමාර්ගික හවුල්කාරිත්ව අවශ්‍යතා වලට ප්‍රමුඛත්වය දක්වමින් ජපන්, ඔස්ට්‍රේලියා, ඉන්දුනිසියා, වියේට්නාම්, තයිලන්ත සහ ම්යන්මාර්මා යන රටවල් සමගින් පවත්වාගෙන යන සමිප ද්විපාර්ශ්වික සම්බන්ධතා සහ අග්නිදිග ආසියා සහ නැගෙනහිර ආසියා යන කලාපයට අයත් රටවල් සමගින් පවත්වාගෙන යන බහුවිධියේ ගනුදෙනු තවදුරටත් ශක්තිමත් කරගැනිමේ ප්‍රයත්නයක නිරතවිය.

මෙම හමුවිම් අතරතුර ඉන්දියාව, ජපාපනය සහ එක්සත් ජනපද යන රටවල් තුනේ බලධාරියෝත් වෙනමම සාක්ච්ජා පවත්මින් සම්බන්ධතා යටිතල පහසුකම් සංවර්ධනය, ත්‍රස්තවාද මර්දනය, සසයිබර් සහ සාගරමය සුරක්ෂා යන අංශ ඇතුලත් සුරක්ෂා ක්ෂේත්‍රයේ සහයෝගිතා ගැන සැළකිල්ල දැක්විම සිදු කොට ඇත.

අග්නිදිග ආසියාව ඉන්දිය නැගෙනහිර දෙස හැරි බැලිමේ විදේශ පිලිවෙත් පනතේහි (Act East Policy) කේන්ද්‍රයේහි රඳා ඇත. ඉන්දියාව ඉන්දු- ආසියාන් හවුල්කාරත්වය පවත්ාගෙන වසර 25 ක් අංගසම්පුර්ණවිමේ සිද්ධිය සමරමින් 2018 වසර ඉන්දිය 69 වන ජනරජ දින උත්සවයට සහභාගි කරවිමට ආසියාන් කණ්ඩායමේ රාජ්‍ය නායකියන් පිරිසය ආරාධිත අමුත්තන් ලෙසට පිලිගෙන තිබුනි. ඉන්දියාව අග්නිදිග ආසියාව සමගින් පවිත්වාගෙන යන බහුමුහුණවරකින්යුත් සම්බන්ධතාවය Commerce (වානිජ), Connectivity ( සම්බන්ධතා)සහ Culture (සංස්කෘතික) යන 3C’s ක යටතේ රඳා ඇත. ඉන්දියාව ආසියාන් - ඉන්දියා උපාය මාර්ග හුවල්කාරිත්වය (ASEAN-India Strategic Partnership) උච්ජතම ස්ථානයක පමුණුවා ගැනිමට ආසියාන් (ASEAN) කණ්ඩායම සමගින් නොකඩවාම ආයෝජන දියත් කරගෙන යාමටද ඉදිරිපත්වි සිටියි.

පිටපත: නැගෙනහිර සහ අග්නිදිග ආසියා උපායමාර්ග කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. තිත්ලි බසු

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ