ආකාශයේ ඉන්දිය තියුණු ඇස

ඉන්දියාව නැගෙනහිර වෙරළබඩ පෙදෙසේ පිහිටා තිබෙන සතිස් ධවාන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (Satish Dhawan Space Centre) සිට පසුගිය බදාදා, 'ආකාශයේ ඇස' (eye in the sky) යන නමින් හඳුන්වන තම තියුණතම චන්ද්‍රිකාව ගුවනට දියත් කලාය. ISRO හෙවත් ඉන්දිය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධනෙයේ PSLV-C47 හෙවත් යෝධ පෝලර් චන්ද්‍රිකා ප්‍රක්ෂේපන යානය (Polar Satellite Launch Vehicle) යොදවාගෙන Cartosat-3 හෙවත් ඉන්දියාවේ 3 වන පරම්පරාවට අයත් පෘථවි මූර්තකරණය සහ සිතියම්කරණ යන අංශ දෙකට අදාල නවීනතම චන්ද්‍රිකාව ප්‍රක්ෂේපනකොට හරියටම මිනිත්තු 17 න් අනතුරුව සූර්‍යාට සමාන්තර වන විධියෙන් පෝලාර් කක්ෂයට ප්‍ර වේශකොට තිබුනි. මෙය PSLV-C47 රොකට් යානාවේ 49 වන අභ්‍යාවකාශ ගමනද වේ. Cartosat-3, ISRO සංවිධානය විසින් කක්ෂයට ප්‍රවේශකර තිබෙන නවීනතම විභේදන සිවිල් චන්ද්‍රිකාවක් වේ. ඒ අතරම PSLV-C47 වාහනය PSLV රොක්ට්ස් ශ්‍රේණියේ බුස්ටර්ස් ට්‍රැක් සයක ආධාරයෙන් පියාසර කරන අතිසය ශක්තිමත් චන්ද්‍රිකා ප්‍රක්ෂේපන යානාවවේ. එය විශේෂයෙන්ම අතිසය බර චන්ද්‍රිකා ගෙනයන රොකට් යානා වර්ගයකි. Cartosat-3 හැරුනුවිට මෙම අභ්‍යාවකාශ ගමනට තවත් නැනෝ (nanosatellites) චන්ද්‍රිකා 13 ක් සම්බන්ධවි සිටිති. එයින් නැනෝ චන්ද්‍රිකා දෙකක් එක්සත් ජනපදයට අයත් වෙති. Cartosat-3 චන්ද්‍රිකාව මුදවාහැරිමත් සමගින් එම නැනො චන්ද්‍රිකා රැසත් කක්ෂයට කි.මි. 509 ක ඈතින් විසුරුවහැර දමා ඇත. 


ISRO හෙවත් ඉන්දිය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධනයට 2005 වසර මැයි මස සිට Cartosats ශ්‍රේණියේ චන්ද්‍රිකා අටක් කක්ෂයට ප්‍රවේශ කරගැනිමට සමත්ව ඇත. Cartosat-1 සමගින් Cartosat-2 ශ්‍රේණියේ චන්ද්‍රිකා සතක් ඊට ඇතුලත්විය. ඒ මෙහෙවරවල් රැස පසුගිය වසර තුන අතරට සිදුවිය. එම චන්ද්‍රිකා මගින් පිරිනමන දත්තා වැඩියෙන්ම ආරක්ෂක හමුදා කාර්‍යන්ට සිමාකොට ඇත. ඉන්දියාව නවින කැමෙරා, පරිගණක සහ වෙනත් විද්යුත් තාක්ෂණ ඊට එක් කරවමින් නොකඩවාම තම එම ශ්‍රේණියේ චන්ද්‍රිකා වල තත්වය ඉහලනංවාගෙන දත්තා සැපයිමේ කාර්‍යත් වේගවත්කොට ඇත. 

Cartosat-3, Cartosat චන්ද්‍රිකා ශ්‍රේණියේ 9 වන අවතාරය වේ. අතිසය සංවේදිය විධියෙන් පෘථවිය නිරක්ෂණය කලහැකි එය විශේෂයෙන්ම දේශසිමා නිරික්ෂණ මෙහෙයුම් කාර්‍යන්හි අතිසය වැදගත්වේ. Cartosat-3 පාථවි නිරික්ෂණ මෙහෙයුම් කාර්‍යන්හි එක්සත් ජනපදයේ WorldView-3 චන්ද්‍රිකාවට වඩා ඉදිරියෙන් සිටි. Cartosat-3ට පෘථවියේහි පිහිටා තිබෙන යම් යම් සෙන්ටිමීටර් 25ට වඩා කුඩා වස්තු පවා උඩු ගුවන සිට කි.මි. 500 ක පමන ඈතකින් පවා පැහැදිළිව නිරික්ෂණ කිරිමටද හැකියා සතුව ඇත. මෙයට කලින් ගුවන්ගතකොට තිබුනු 2C, 2D, 2E සහ 2F – යන Cartosat-2 අදියරයේ චන්ද්‍රිකා වලට සෙන්ටිමිටර් 65 ක් පමන කුඩා වස්තු පවා පැහැදිළිව දැක්බලා ගැනිමට හැකායාව ඇත. 

Cartosat-3ට සම්බන්ධවුනු අනිත් nano චන්ද්‍රිකා 13 විශේෂයෙන්ම පණිවිඩ සම්බබන්ධතා සහ නිරික්ෂණ කාර්‍යන්ට අදාල ඒවා වෙති. 

ISRO සංවිධානයට අනුව Cartosat චන්ද්‍රිකා මගින් සිතියම් විද්‍යා අධ්‍යයන සම්බන්ධ යෙදුම් පද්ධතිය, නගර සහ ග්‍රාමින යෙදුම් පද්ධති, අධෝව්‍යූහ පහසුකම් සැළසුම්, වෙරළබඩ ඉඩම් භාවිතය සහ ප්‍රමිතිකරණය, මහමාර්ග ජාලා පරිපාලන සහ නිරික්ෂණ, ජලය බෙදාහැරිම් සහ බෙදාහැරිමේ කේන්ද්‍රස්ථාන, ඉඩම් භාවිතය සමබන්ධ සිතියම්කරණය වැනි අතිසය සංවේදිය කටයුතු වලට ආධාරකාරිවි තිබෙන බවය. 

Cartosat-3 මෙහෙවරයට දැන් පෞද්ගලික කාර්මික අංශත් සම්බන්ධවි සිටිති. මෙයින් චන්ද්‍රිකා සංවර්ධන කාර්‍යන්හි විශාල මට්ටමින් වාසිගෙනදෙන බව ISRO සංවිධානය පවසයි. ISRO සංවිධානයට දැනටමත් චන්ද්‍රිකා 49 ක් අභ්‍යාවකාශයට යෙවිමට හැකිවුනු අතරට එම මෙහෙවරින් හුදු 1993 සහ 2017යන වසර දෙකේ දෙවටාවක් අසාර්ථකවි ගියේය. PSLV හෙවත් ඉන්දිය චන්ද්‍රිකා ප්‍රක්ෂේපන රොක්ට්ටුව මුළුමනින්ම දේශිය වේ. එම රොකට්ටුවට 2017 වසර Chandrayaan-1 ඉන්දිය ප්‍රථම සඳ මෙහෙවර යානය සහ අනතුරුව අඟහරු තරණ යානයද දියත්කොට ඇත.

ISRO සංවිධානය දැන් ඉන්දියාව සිට ඉන්දියානුවන් අභ්‍යාවකාශයට පිටත්කොට යෙවිමේ මෙහෙවරයනට අධ්‍යයනයන්හි නිරතවි සිටියි. ඉන්දියාව 2022 වසර රට ස්වාධිනත්වය දිනාගෙන හරියටම 75 වන සංවත්සරය සමරන මොහෙතේදි ප්‍රථම ඉන්දිය ගගනගාමින් පිරිස ගුවනට පිටත්කොට යෙවිමට සූදානම්වි සිටිති. තම ලද සාර්ථක අත්දැකිම් ගැන සළකා බලමින් ISRO සංවිධානයට නිතැතින් විශාල අපෙක්ෂා ගොන්නක් සමගින් ප්‍රගතියට පියවරවල් නගාගෙන යාමට මාර්ගය පෑදි ඇත. 

පිටපත: ජ්‍යෙෂ්ථ විද්‍යා කටයුතු විග්‍රාහක, බිමන් බසු

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ