ඉන්දියා - භූතාන් සබඳතා වැඩිදුටත් ඉහලනංවා ගැනිම සඳහා සකසයි

භූතානයේ (Bhutan) විදේශකටයුතු අමාත්‍ය ලියොන්පො (ආචාර්‍ය.) ටන්දි ඩොර්ජි (Lyonpo (Dr.) Tandi Dorji) මහතාගේ සතියක පමන දිගු ඉන්දිය චාරිකාවෙන් දෙරටේ ද්විපාර්ශිවත් සබඳතා නව තලයකට ප්‍රවේශ කරගැනිමට සෑහෙනදුරට හේතුදායිවි ඇත. ආචාර්‍ය.ඩොර්ජි මෙම චාරිකාව අතරතුර ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍ය. එස් ජයිිශංකර් මහතා සමගින් සාකච්ජා පැවැත්වු අතරට එම සාකච්ජාවෙන් මුළු ඉන්දු - භූතාන් ද්විපාර්ශ්වික සබඳතා වලට අදාල විෂයන්ට සැලකිල්ල දැක්විම සිදුකොට ඇත. ආර්ථික සහයෝගිතා, සංවර්ධන හවුල්කාරත්වය සහ ජලකරවිදුලිබල උද්පාදන සහයෝගිතා ඇතුළු දෙපාර්ශ්වයේ දිවිපාර්ශ්වික සහයෝගිතා වලට අදාල සෑම අංශයක්ම ඇතුලත්කොට දෙරටම මෙම හමුවේදි පුළුල් විධියෙන් සාකච්ජා කොට ඇත. භූතාන් විදේශ කටයුතු අමාත්‍යවරයා එම හමුවට පෙර ඉන්දිය විදේශ කටයුතු ලේකම් විජය ගෝඛලේ මහතාවද හමුවිය. ආචාර්‍ය.ඩොර්ජි නවදිල්ලි චාරිකාවෙන් අනතුරුව,බිහාරයේ බුද්ධගයා සහ රාජගිර් යන සිද්ධස්ථානයන්හි චාරිකා කිරිමට සැරසෙයි. සම්භාවනිය අමුත්තන් පිරිස අනතුරුව කොල්කොටාවට යාමට නියමිතය. සංචාරක එම සම්භාවනිය පිරිස කොල්කොටාහි බටහිර බැංගාලයේ ආණ්ඩුකාරවරයා සහ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය තුමිය බැහැදැකිමට අපෙක්ෂා කරති.

ලියොන්පො (ආචාර්‍ය.) ටන්දි ඩොර්ජි මහතාගේ මෙම චාරිකාව දෙරටේ ඉහල මට්ටමේ නායකයින් සහ බලධාරින් අතර සිදුකෙරෙන සාම්ප්‍රදායික සාමාන්‍ය චාරිකාවක් වන අතරට මෙවැනි හමුවිම් යටතේ අදහස් හුවමාරුකරගැනිම් සිදුකරති. අග්‍රාමාත්‍ය ලොටේ සැරිංගේ (Lotay Tshering) ප්‍රධානත්වයෙන්යුත් ඩෘක් න්‍යම්රුප් ෂොග්පා පක්ෂය (Druk Nyamrup Tshogpa), (DNT), 2019 වසර නොවැම්බර් 7 දා සිට බලයේහි හොබව වසරක් අංගස්ම්පුර්ණ කරගැනිමට හැකිවිමත් සමගින් එම චාරිකවද සිදුව ඇත. සැරිං රජයට විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා පහසුකම් ඇතුළුව සංවර්ධන ව්‍යාපෘතින් ගණනාවක් ඉදිරියට ගෙනයාමට මුල්‍යය සහ අනිකුත් ප්‍රශ්න ගණනාවකින් අභියෝග එල්ලවි ඇත. භූතානයේ 12 වන සැලස්ම (12th Plan) ඉදිරියට ගෙනයාමට අඩුමතරමින් භූතාන් මුල්‍ය Nu බිලියන 13 ක් වත් අත්‍යවශ්‍යෙව්. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංසය එය සඳහා Nu* බිලියන 3.5 ක අරමුදලක් ලබාදි ඇත. පසුගිය වසර කිහිපයකට පෙර සිට අඛණ්ඩ ආර්ථික ප්‍රතිසංස්කරණ කාර්‍යන් ගණනාවක් ක්‍රියාත්මක කරගෙන යත්දිත් භූතානයට දැන් සෘජු විදේශ ආයෝජන පහත වැටිම්, බාහිර ණය සහ වෙළඳ ශේෂය වැනි ප්‍රශ්ණ ගණනාවකට මැදිවිමට සිදුව ඇත. ථිම්ෆුවට (Thimphu) අනුව, එරටේ මැක්‍රෝ - ආර්ථික මන්දගාමිත්වය සමහරවිට ඉන්දිය ආර්ථික වර්ධන මන්දගාමිත්වයේ බලපෑම් යටතේ සිදුකෙරෙන සමාන්තර සිදුවිමක් ලෙසටය.

මෙම හමුවෙන් ඉන්දියාව සහ භුතානය අතරේ ගණුදෙනු සහ හුවමාරු නවතලයකට පිවිසිගෙන එන විධියක් පෙන්නුම්කොට ඇත. ඉන්දියාවේ සහ භූතානයේ සබඳතාවය පොදු අගයන්ට සැලකිල්ල දක්වන කාලය විසින් පරික්ෂාවට ලක්කොටදෙන ලද ද්විපාර්ශ්වික සම්බන්ධතා, අන්‍යෝන්‍ය විස්වාසය, හොඳහිත සහ අවබෝධතාවය යටතේ රඳා ඇත. අග්‍රාමාත්‍ය මෝදිගේ ථිම්ෆු චාරිකාව සිදුවි හරියටම මාස සතරකින් මෙම චාරිකාවද සිදුව ඇත. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍ය. එස් ජයිහංකර් මහතාත් නිලයේහි හොබවු විගසම 'අසල්වැසියන්ට ප්‍රමුඛත්වය ලබාදිමේ' ඉන්දිය විදේශ (neighborhood first) පිලිවෙත යටතේ භූතානයට චාරිකාවකට නිරත විය. ඊට කලින් භූතානයේ අග්‍රාමාත්‍ය ලොටේ සැරිං මහතාත් බලයේහි හොබවු විගසම තම ප්‍රථම නිල විදේශ චාරිකාව සිදුකරමින් 2018 වසර දෙසැම්බර් මස ඉන්දියාවට චාරිකාවකට නිරත විය.

භූතානයේ සහ ඉන්දිය ජනරජයේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය වසර 1968 ස්ථාපිත කරගත්දා සිට දෙරටේ සම්බන්ධතාවය අන්‍යොන්‍ය විස්වාසය, අවබෝධතා සහ පරිණතභාවය විදහා දැක්වුනු දකුණු ආසියාවේ විශ්වසනිය රටවල් දෙකක් ලෙසින්ද කටයුතු කොට ඇත. වසර 1949 ගණන්වල අතසන් තබන ලද (2007 වසර සංශෝදනයට ලක්කොට දුන්) ඉන්දු - භුතාන් මිත්‍රත්ව සහ සහයෝගිතා ගිවිසුම ( The treaty of India-Bhutan Friendship and Cooperation ) දෙරටේ මෙම සමීප සම්බන්ධතාවේ කුළුණද වේ. මෙම ගිවිසුමින් විවෘත දේශසිමා, සුරක්ෂා සහයෝගිතා, මහජනාතව සහ මහජනතාව අතර සිදුකෙරෙන සම්බන්ධතා ශක්තිමත් කරගැනිම් වැනි විෂයන් ගණනාවකට මාර්ගය පාදා දි ඇත. ප්‍රශ්න ගණනාවකට මැදිවිමට සිදුවුවද අන්‍යෝන්‍යවාසිදායි ආර්ථික සංවර්ධන කටයුතු, ප්‍රජතන්ත්‍රවාදය ශක්තිමත් කරගැනිම් සහ කලාපිය සාමයට ප්‍රමුඛත්වය ලබාදෙමින් එකිනෙකාට සහයොගය දක්වමින් කටයුතු කරගෙන යයි. ජල සම්පත්, වෙළඳාම් සහ අන්තර් ප්‍රවාහන පහසුකම්, ආර්ථික සහයෝගිතා, සුරක්ෂාව සහ දේශසිමා පරිපාලනය වැනි විෂයන් ගණනාවක් සම්බන්ධයෙන් ඉන්දියාව සහ භූතානය ද්විපාර්ශ්වික ආයතනාත්මක විධිවිධාන යටතේ මෙහෙයුම් ක්‍රියාත්මකා කරගෙන යයි.

භූතානය සාමාන්‍යයෙන් ඉන්දිය සංචාරකයින්ට අයබදු නොගන්නා නමුදු මෑතදි සිට අයබදු ගැනිමට තීරණයකොට ඇත. එම හිමාල රාජධානියට ප්‍රවේශවන විශේෂයෙන්ම ඉන්දිය සංචාරකයින්ගේ සංඛ්‍යාව දැන් අඛණ්ඩව ඉහල නැංවිමක් සිදුව ඇත. දකුණු ආසියා කලාපියට අයත් සංචාරකයින් අතරින් භුතානයට ප්‍රවේශවන පිරිස අතර ඉන්දියානුවන් ඇතුලත් වෙති. භුතානය “තිරසාර සංවර්ධන ගෙවිම” (Sustainable Development Fee) සහ “ප්‍රවේශපත් සකස්කිරිමේ ගෙවිම” (permit processing fee) යනාදි නාමයෙන් විදේශ සංචාරකයින්ගෙන් ගෙවිම් අයකිරිම් ආරඹකොට ඇත. භූතානය මෙවැනි පියවරවල් යටතේ සංචාරකයින්ගේ අඛණ්ඩ පැමිණිමක් ගැන මෙන්ම තම පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනිමට අපෙක්ෂා කරයි.

ඩොර්ජි මහතාගේ මෙම ඉන්දිය චාරිකාව දේශපාලනමය සහ ආගමික මිශ්‍රණවු වැදගත් කමක් උසුලයි.ඊට අමතරව පුළුල්වු ආර්ථික සහයෝගිතාවයක් ගැනවු අපෙක්ෂා එයින් තවදුරටත් විදහාලයි. මෙම චාරිකාවේ අනිත් ඉලක්ය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් පුළුල්කරගැනිම වේ. දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික සම්බන්ධතා වලට අදාල නව යාන්ත්‍රන ගොඩනගා ගැනිමට විදේශ අමාත්‍යවරනු දෙදෙනා සාකච්ජාකොට ඇත. දෙදෙනාගේ සාකච්ජා යටතේ දේශගුණ විපර්යාසය, අධෝව්‍යූහ පහසුකම්, සුරක්ෂාව සහ උපාය මාර්ග වැනි විෂයන් ගැනත් අවධානයට ලක්කොටදිම සිදුකොට ඇත. ඉන්දියාව භූතානයේ 12 වන පස්වසර සැලසුමට සහයෝගය ලබා දිගෙන යයි. විදේශ කටයුතු අමාත්‍යවරුන් දෙදෙනාම වෙනස්වේගෙනයන කලාපිය සහ ගෝලිය පසුබිම යටතේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉහලනංවා ගැනිමටත් එකඟත්වය පලකොට ඇත.

පිටපත: IDSA, අධ්‍යයන ආයතනයේ, පර්යේෂණ සාමාජික, ආචාර්‍ය.නිහාර් ආර්.නයක්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ