ඉන්දියාව බංග්ලාදේශය සමගින් ගෙනයන සුහදත්වය ශක්තිමත් කරගනියි

බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය සෙයික් හසිනා මහත්මියගේ ඉන්දිය චාරිකාව ද්විපාර්ශ්වික දේශපාලනමය සහ රාජ්‍යතාන්ත්‍රික යන ක්ෂේත්‍රයන් ගණනාවකින්ම අතිශය වැදගත් වේ. මෙම චාරිකාව එක විධියකින් අගනගර නවදිල්ලියේහි පසුගිය සතියේ පැවැත්වුනු ලෝක ආර්ථික මාන්ඩලිය හමුවේහි තම ආර්ථික සහ ආයෝජන හැකියා ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශණ කිරිමකටම වු නමුදු දෙරට අතර ගිවිසුම් ගණනාවක් අත්සන් තැබිම සහ සාකච්ජාවන් අවශානයේදි ඒකාබද්ධ ප්‍රකාශණයක් පිරිනැමිම් වැනි සිදුවිම් දෙස බලනවිට වර්ධනවේගෙන එන දෙරටේ සමිපත්වයද විදහා දැක්විමක් සිදුව ඇත. ඉන්දියාව සහ බංග්ලාදේශය මෙම සාකච්ජා මාධ්‍යයෙන් අතිශය ශක්තිමත් පියවරවල් ගණනාවකට දෙරටම කැපවි කටයුතු කිරිමේ සැළසුම්ද සංකේතවත් කොට ඇත.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා බංගාදේශයේ නායිකාව පිළිගැනිමේ ඇමතුම අමතමින්, දෙරටේ හවුකාරත්ව ව්‍යාපාරවල ඉලක්කය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් දෙකේ “සෑම පුරවැසියෙකුටම සංවර්ධනය සහතික කරගැනිමකට” බව සඳහන් කොට ඇත. ඩකා සහ නවදිල්ලිය පසුගිය වසරක පමණ කෙටි කාලසිමාව අතරතුර ව්‍යාපෘති නවයක් දියත් කල බවත් මේ දැන් සිදුකෙරුනු අග්‍රාමාත්‍ය හසිනාගේ ඉන්දිය චාරිකාව අතරතුර තව ව්‍යාපෘතින් තුනක් ඊට එක්කරවනු ලැබු බව එතුමන් තවදුරටත් පැහැදිලි කොට ඇත.

ඉන්දියාව සහ බංග්ලාදේශය විශාළ පරිමාණ මට්ටමින් LPG ගෑස් සැපයීම, වෘත්තිමය කුශලතා සහ ඩකා රාම ක්‍රිෂ්ණ මිෂණයේහි විවේකානන්ද් භවනයක් ගොඩනගා ගැනිම යන ගිවිසුම් වලටත් අත්සන් තැබුවෝය. බංග්ලාදේශය සිට ඉන්දියාවට විශාළ පරිමාණ මට්ටමින් LPG ගෑස් සැපයීමකින් ඊසානදිග ඉන්දිය ප්‍රාන්ත රාජ්‍යවල බලශක්ති අවශ්‍යතා පසුබිමේහි විශාළ පරිවරත්නයක් සිදුවිමට නිතැතින් ඉඩ ගෙනදෙනු ඇත. ඉන්දු - බංග්ලාදේශ් වෘත්තිමය කුශළතා සංවර්ධන ආයතන යටතේ බංග්ලාදේශයේ මිනිස් ශ්‍රමතා හැකියා තවදුරටත් ඉහල නංවාගැනිමට අවශ්තාව ගෙනදිමක ගැන බළාපොරොත්තු පලකරති.

බංග්ලාදේශයේ ඡත්තොග්‍රාම් (Chittagong) සහ මොංග්ලා (Mongla) යන වරාය දෙක යොදවාගෙන ඉන්දිය වෙරළබඩ ආරක්ෂක නව්කා වලට දෙරටේ වෙරළබඩ ප්‍රදේශ නිරික්ෂණ සඳහා අනුමැතිය සහ ඊසාන දිග ඉන්දිය ත්‍රිපුරා ප්‍රාන්තයේ සබෘම් (Sabroom) කුඩා නගරයට බිමට ගන්නා ජල සපයාදිම සඳහා ඉන්දියාව ෆැනි (Feni River) නදියේ cusec 1.82 ක් පමන ජලය ලබා ගැනිම යන කරුණු ඇතුලත් ගිවිසුම් සතකටත් නවදිල්ලිය සහ ඩකාව අතසන් තබා ඇත. මෙයින් ත්‍රිපුරාවේ නගර ගණනාවකට අඛන්ඩ ජල සැපයුමක් සළසාදිමටත් ඉන්දියාවට මාර්ගය පැදි ඇත. මැතදි සිට මතුවුනු ජල ප්‍රශ්ණ මගහරවාදිමටත් මෙයින් අවශ්ථාව ගෙනදි ඇත.

වෙරළබඩ සුරක්ෂා නිරික්ෂණ වැඩසටහන් සම්බන්ධයෙන් වන ගිවිසුම් යටතේ දෙරටේ වෙරළ බඩ ප්‍රදේශ වල සිදුකෙරෙන නීතිවිරෝධි කටයුතු ගැන වඩාත් විමසුමකින් පසුවිමකට මෙන්ම ඉන්දිය වෙරලබඩ ආරක්ෂක බලකායට බංග්ලාදේශ සාගර සිමා අවට සුරක්ෂා රේඩාර් පහසුකම් ගොඩනැගිමටද මාර්ගය පෑදි ඇත. දෙරටේ මෙම එකඟතා යටතේ දෙපාර්ශ්වයේ සාගර සිමා අවට සුරක්ෂා නිරික්ෂණ පහසුකම් මධ්‍යස්ථාන විස්සක් ඉඳිකර ගැනිමට සැළසුම් යොදවා ඇත. මෙයින් වෙරළබඩ සුරක්ෂා අංශය මනා සංවිධානාත්මකව ක්‍රියාත්මක කරගෙන යාමට අවශ්ථාව ගෙනදෙනු ඇත.

ලෝක වෙළඳ මාණ්ඩලිය (WEF) හමුව අමතමින් ධර්ම නිරපේක්ෂිත රටක් වන බංග්ලාදේශය විදේශ සරණාථයින් ගැනත් අතිවිශේෂ සැළකිල්ල ලබාදෙමින් 2017 අගොස්තු - සැප්තැම්බර් යන මාස අතරට ම්යන්මාරය (Myanmar) සිට කඩාගෙන පැමිනිය මිලියනයකට වඩා රොහිංගියනුන්ට (Rohingya) සරනය ලබාදිගෙන යන බව යැයි සඳහන් කලාය. ම්යන්මාරයේ රඛයින් ප්‍රාන්තයට (Rakhine province) රොහිංගියන් වරුන්ව ආපසු පිටත්කොට යෙවිමේ මෙහෙවරයට ඉන්දියාව පුරෝගාමිව කටයුතු කරන ලෙසින් ඇය තවදුරටත් පෙන්වා දුන්නාය. මිලියන 1.1 ක පමණ රොහිංගියානු සරණාථයින් පිරිසක් චිතගොං හිල් (Chittagong hills) ප්‍රදේශය අවට ලැඟුම් ගෙන සිටින බව ඇය තවදුරටත් පැහැදිළි කොට ඇත. ඉන්දියාව මෙම ප්‍රශ්ණයට සැලකිල්ල දක්වමින් රුපියල කෝටි 120 ක් පමන විටිනා මුල්‍යමය ආධාරයක් සපයාදිමට ඉදිරිපත්වි සිටියි. ඉන්දියාව රොහිංගියානුවන්ව රඛයින් ප්‍රාන්තයේහි නැවත පුනරුත්ථාපන කිරිමේ කාර්‍යටද කැපවි කටයුතු කරගෙන යයි. රොහිංගියාවරුන්ගේ ප්‍රශ්ණය සාමකාමි ලෙස විසඳිම සඳහා තම රජය කැපවි කටයුතු කරන බව සෙයික් හසිනා මහත්මිය විස්තර කලාය. නවදිල්ලිය උන්හිටිතැන් අහිමිවි බංගලාදේශය තුල රැකවරණය ලබා සිටින අරකන් (Arakanese) ජාතික බෞද්ධයින්ට උපකාරකිරිමක් ලෙසින් රුපියල කෝටි දහයක් අනුමත කොට ඇත.

රොහිංගියාවරුන්ගේ අනාගතය පිලිබඳව ලඟ එන ආසියානු සමුළුවේදි බංග්ලාදේශය යෝජනාවක් ඉදිරිපත් කිරිමට නියිමිතය. ඇසෑම් ප්‍රාන්තයේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරිම ගැන බංග්ලාදේශය තම විරෝධය පළකර සිටින අතර එය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග අනුව සිදුකරන බවත් එය තවමත් සම්පුර්ණවි නැති බවත් අගමැති නරෙන්ද්‍ර මෝදි මහතා පැහැදිලි කලේය.

බංග්ලාදේශ රජය දකුණු ආසියානු රටවල් වලින් ත්‍රස්තවාදය සහ දුෂණය නැතිකර දෙමිම සඳහාකත් කටයුතු කරන බව අගමැති සෙයික් හසිනා මහත්මිය යළිත් ප්‍රකාශ කලාය. ඇගේ සංචාරයෙන් කෙසේවුවද ටිස්ටා (Teesta) නදියේ ජලය බෙදා ගැනිමේ ප්‍රශ්ණයට විසඳුමක් ලබා ගැනිමට නොහැකිවි ඇත.

නායක දෙපොලගේ ද්විපාර්ශ්වික සාකච්ජා අවශානයේ හසිනා මහත්මිය 2020 දි පැවැත්විමට නියමිත බංගු බන්ධු සෙයික් මුජිබර් රෙහමාන්ගේ සතවාර්ෂික ජන්ම සංවත්සරයට පැමිණෙන ලෙසට මෝදි මහතාට ආරාධනා කලාය ඉන්දිය රජය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් එම ආරාධනාව අනුමත කලේය.

පිටපත: the HINDU පුවත්පත් අයාතනයේ විශේෂ වාර්තාකාර, කල්ලොල් භට්ටාචාර්‍යජි

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ