පාකිස්තානයට වෛරය සඳහා කිසිවෙකුවත් සොයා ගැනිමට නොහැකිවේ

පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ 74 වන මහ සැසියේහි කාශ්මිර ප්‍රශ්ණය ජාත්‍යන්තරකරණයට හැරවිමට දෙරු ප්‍රයත්නය මුළුමණින්ම අසාර්ථකවි ගියේය. ඉන්දිය ජම්මු සහ කාශ්මිරයේ මහජනතාවගේ “අවශනාවන්ත තත්වය” ගැන සළකාබලමින් තමන් එම හඬ ඉදිරිපත් කරනා බව ඔහු තවදුරටත් ප්‍රකාශකොට ඇත. කෙසේ නමුදු, මහ සැසිය පාකිස්තානයේ අග්‍රාමාත්‍ය වරයාගේ එම කථාවට ඒ තරම්ම සැළකිල්ල නොදැක්විය. ඉම්රාන් ඛාන් මහතා අනතුරුව සිදුවියහැකි යුද්ධයක් ගැන සැළකිල්ලට ලක්කොට දෙමින් ඔහුගේ කථාවේහි “න්‍යෂ්ටික යුද්ධය” වැනි වචන පවා යොදවාගෙන ඇත. පාකිස්තානයේ නායකයා මෙවැනි වචන යොදවාගෙන ජාත්‍යන්තර සමාජයේ අවධානය දිනාගැනිමට විශාළ ප්‍රයත්නයකට නිරතවිය. 

පාකිස්තානයේ නායකයා එක්සත් ජනපද පරිපාලනයේ සහයෝගය දිනා ගැනිමට පවා ප්‍රයත්නයකට නිරතවිය. පාකිස්තානයේ සැළකිලි වලට ගණනක්වත් නොරෙගෙන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, කාශ්මිර ජනතාව ගැන ඔහු දක්වන සැළකිල්ලට හා සමාන විධියෙන් අවාශනාවන්ත තත්වයකට මැදිවි සිටින උයිගුර් (Uyghurs) ජනතාවට සැළකිල්ල නොදැක්විම ගැන ඛාන් මහතාට විවේචන එල්ලකොට ඇත. එම කාරණයට තම ප්‍රතිචාර දක්වමින් එකස්ත් ජනපද දකුණු සහ මධ්‍ය ආසියා කටයතු වැඩබලන ලේකම් ඇලිස් වේල්ස් (Alice Wells) මහත්මිය, කාශ්මිරය සම්බන්ධයෙන් ඛාන් මහතා පළකොට තිබුනි ප්‍රකශණවල් මගින් කිසිවෙකුටවත් “යහපතක් සිදුනොකෙරෙන බව” යැයි සඳහන් කොට තිබුනාය.

පාකිස්තානයේ අග්‍රාමාත්‍ය වරයා එක්සත් ජාතින්ගේ සංවිධානයේ 74 වන මහසැසියට පිරිනමන ලද කතාවටද ඉන්දියාව සත්‍ය සහ වඩාත් පරිනතබවකින් ප්‍රතිචාර දැක්වුවය. න්‍යෂ්ටික යුද ගාවාගෙන පාකිස්තානයේ අග්‍රාමාත්‍ය වරයා දැක්වු කථාවෙන් ඔහු දූරදර්ශි රාජ්‍යනායකයෙකුට වඩා අවදානම්තත්වයක් විදහා දක්වා තඅුනු බව ඉන්දිය අදහස වේ. 

ඉන්දියාව ඛාන් මහතාගේ කථාවට විවේචන කරමින් එයින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජික රටවල් අතර බෙදිමකට ලක්කරවමින් ඔහු වෛරය වපුරාලිමට තවදුරටත් ප්‍රයත්නයන්හි නිරතවුනු බව සඳහන් කොට ඇත. එම කාරණය තවදුරටත් පැහැදිළි කල එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඉන්දිය මිෂණයේ ප්‍රථම ගේකම්, විධිසා මයිත්‍ර මහත්මිය, ත්‍රස්තවාදය නැමති කාර්මික අංශයේ අගය ගැන පමණක් දන්නා රටක නායකයාට මෙවැනි දේවල් කතාකරන්න කිසිදු අයිතියක් නොතිබෙන බව යැයි සඳහන් කලාය. 

ඉම්රාන් ඛාන් මහතා තම රටේ ත්‍රස්තවාදින් සිටිනවාද යන්න ගැන සොයා බැලිමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිරික්ෂකයින්ට පාකිස්තානයට පැමිණෙන ලෙසින් ආරාධනා කොට තිබුනු බවත් ප්‍රකාශ කල ඉන්දිය නියෝජිත වරිය පාකිස්තානයේ නායකයා තමන් දුන් ප්‍රතිඥා සිහියේ තබාගතයතු යැයි තවදුරටත් පෙන්වා දුන්නාය. පාකිස්තානය එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ත්‍රස්තවාදින් ලෙසින් හංවඩු ගසන ලද ත්‍රස්තවාදින් 130 දෙනාගේ සහ ත්‍රස්තවාදින්ට සම්බන්ධ පුද්ගලයන් 25 දෙනාගේ නිවහනක් යන කාරණය ඉස්ලාමාබාදය පිලිගන්නවාද යැයි ඉන්දිය නියෝජිත වරයි තවදුරටත් පෙන්වාදුන්නාය. මුල්‍ය කාර්‍යසාදක බලකායේ කොන්දේශි 27 න් 20 ක් උල්ලංගණය කොට තිබුනු බවත් යන සත්‍යය පාකිස්තානය පිලිගන්නවාදයි ඇය තවදුරටත් විමසා ඇත. 

පාකිස්තානය ත්‍රස්තවාදය සහ වෛරසහගත කථා කරපින්නාගෙන ලෝකයා අතර දැන් මානව අයිතිවාසිකම් ගැන සැළකිල්ල දක්වන රටක් ලෙසින් ජාත්‍යන්තර සමාජය අතරට ප්‍රවේශවිමට ප්‍රයත්නයන්හි නිරතවි සිටියි. 1947 ගණන් වලදි 23 % ක් ලෙසින් පෙන්නුම් කරවු පාකිස්තානයේ සුළුතර ජනකොටසගේ සංඛ්‍යාව අද දිනය වනවිට එය 3 % ක් ලෙසින් පහත වැටි තිබෙන බව පෙන්වා දෙන ඉන්දියාව ක්‍රිස්තියානි Christians, සික්ස් Sikhs, අහමදියාස් (Ahmadiyas), හින්දුස් (Hindus), සියාස් (Shias), පස්ටුන්ස් (Pashtuns), සින්ධිස් (Sindhis) සහ බලොචිස් (Balochis) යන සමාජයට අයත් පිරිසට නොකඩවාම ඉස්ලාම් ආගමට එරහිව කථාකිරිම, අනවශ්‍ය චෝදනා එල්ලකිරිම් සහ බලයෙන් ඉස්ලාම් ආගමට හැරවිම් වැනි සිදුවිම් වලට මැදිවිමට සිදුව ඇත. 

මානව අයිතිවාසිකම් නාමයෙන් පාකිස්තානය කරගෙන යන මෙම නව ප්‍රෝඩාව ජාත්‍යන්තර සමාජය අතරට අනුකම්පාව සහ සැළකිල්ල දිනා ගැනිමටම වේ. අද වැනි දීප්තිමත් ප්‍රජාතන්ත්‍රවාදය සිද්ධාන්තයන් අනුගමනය කරගෙන යන මෙවන් යුගයක එවැනි ප්‍රෝඩා කිසේත්ම නොගැලපෙන බව ඉන්දිය අදහස වේ. පාකිස්තානයේහි වසර 1971 දි සිදුවුනු නරසංහාර ලෝකයා කිසිසේත්ම අමතක කර නොදෙමියයුතු බව ඉන්දියාව තවදුරටත් පෙන්වාදි ඇත. 

ඉන්දියාව ජම්මු සහ කාශ්මිරයට අදාල තාවකාලික ව්‍යවස්ථා නීති වගන්තියේ අංක 370 ඉවත්කොට දෙමීමේ කාරණයට පාකිස්තානය ඕනැවට වඩා සැළකිල්ල දැක්විම් ගැනත් කරුණු දැක්වු ඉන්දියාව එම නිති වගන්තියෙන් එම ප්‍රදේශයේ පරිපාලනයට මෙන්ම සංවර්ධන කාර්‍යන්ටද බාධා එල්ලවි තිබුනු බවයැයි පෙන්වාදි ඇත. පාකිස්තානයේ ඉලක්කය සෑම විටකදිම එම ප්‍රදේශයේ සාමය බිඬ දමමින් අවුල්කරවිම බවත් ඉන්දියාව තවදුරටත් පෙන්වා දුන්නාය. 

ජම්මු සහ කාශ්මිරයේ මෙන්ම ලඩ්ඩාක් යන ප්‍රදේශ තුනේම බහුතර ජනතාව ඈත අතීතය සිට බහුජනවාර්ගික, විවිධාංකරණිය සහ ඉවසිම් වැනි අගයන් යටතේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන රමුවක ජිවත්වි සිටියෝය. මෙවැනි පසුබිමක ඉන්දිය පුරවැසියන් වෙනුවෙන් කතාකිරිමට කිසුදු කණ්ඩායමකගේ සහයෝගයක්වත් අවශ්‍ය නොවන බව ඉනිදිය හැඟිම් වේ. විශේෂයෙන්ම ත්‍රස්තවාදය නැමති කම්හල පවත්වාගෙන යන සහ වෛර අදහස් කරපින්නාගෙන යන රටකින් එවැන්නක් කිසිසේත්ම අපෙක්ෂා නොකරන බව ඉන්දියාව තවදුරටත් පෙන්වා දුන්නාය. 

පාකිස්තානයේ විපක්ෂ කණ්ඩායමුත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඛාන් මහතා විසින් පිරිනමන ලද කථාවට දැඩි ලෙසින් විවේචන කරමින් කාශ්මිරය සම්බන්ධයෙන් කිසිවෙකුගේවත් සහයෝගය දිනාගැනිමකින් තොරව හිස් අතින් රටට ආපසු පැමිණි තිබෙන බව යැයි තවදුරටත් සඳහන් කරති.




පිටපත: AIR: ගුවන් විදුලි සේවාවේ,ප්‍රවෘත්ති විග්‍රහක කවුෂික් රොයි ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ