දේශගුණ විපර්යාසය සැබෑ අභියෝගයක්:අග්‍රාමාත්‍ය මෝදි එක්සත් ජාතින්ගේ සංවිධානයේහි නැවත ප්‍රකාශ කරයි
නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ සැසිය අතරවාරයේහි ස්විඩනයේ පරිසර කටයුතු කාර්‍යයන්ට සම්බන්ධ 16 හැවිරිදි ග්‍රේටා ටුන්බර්ග් (Greta Thunberg) ඉදිරිපත් කල කඳුළුබරිත අභියාචනය ලෝක නායකයන් පිරිසව නැවත අවදි කරවිමකට සෑහෙනදුරට හැකිවි ඇත.
“මුළු අනාගත පරම්පරාවේ ඇස ඔබලා දෙසට යොමුවි තිබෙනවා. ඔබ අපේ බළාපොරොත්තු සුන් කලහොත්, අප කිසිසේත්ම ඔබට ක්ෂමාව නොදෙඕනෙමු” යැයි ප්‍රකාශ කරමින් ඇය, ලෝක නායකයින් පිරිසට තව අභියෝග එල්ල කලාය.
මනුෂ්‍ය ප්‍රජාවේ පැවැත්මට දේශගුන විපර්යාසය අද එක් වැදගත් තර්ජනයක් ලෙසට පත්විගොස් ඇත. නොකඩවාම වෙනස්වේගෙන යන දේශගුන විපර්යාසයෙන් මුළු ලෝකයාට අනිසි විපාක ගණනාවකට මැදිවිමට සිදුවි ඇත.
“දේශගුන විපර්යාසය වැනි අභියෝගවල් මැදපවත්වා ගත යුතුනම් එම විෂය සම්බන්ධයෙන් අප කරගෙන යන කටයුතු ප්‍රමානවත් නොවන බව යන කාරණය අප පිලිගතයුතු බව” ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලෝක නායකයන්ට ප්‍රකාශ කර සිටියේය. “ අප කලයුතුව ඇත්තේ දේශගුන විපර්යාසය සම්බන්ධයෙන් මහජන වයාපාරයක් දියත්කරගෙන යායුතු බව” ඔහු තවදුරටත් ප්‍රකාශ කොට ඇත.
“කෑදරකම අපේ පිලිවෙත නොවියයුතු” බව ප්‍රකාශ කරන මෝදි මහතා, එම ජාත්‍යන්.ර සංවිධානයේ විශේෂ සැසියේහි “හුදු කථාවට අප මෙම සැසියට පැමිණි නොසිටින” බවත් මෙම විෂයට අතිශය සැලකිල්ල දක්වමින් “ප්‍රායෝගික ආකල්යකින් යුත් මාර්ග සිතියමක්” ගැන අප අපෙක්ෂා කරනා බව තවදුරටත් පෙන්වාදි ඇත.
Potsdam Institute for Climate Impact Research යන ජරිමනියේ, දේශගුනය සම්බන්ධ පර්යේෂණ ආයතනය අනාවැකියක් පිරිනමමින්, මෙම සියවස අගවනවිට ආසියාවේ විශාල ප්‍රදේශයක් සෙල්සියස් අංශක 6 න් ඉහල නැංවි යන බවය.
මේ අයුරින් දේශගුණ ඉහලනැංවියාමකින් කාලගුන පද්ධතිය, කෘෂිකාර්මික සහ ධිවර කර්මාන්ත අංශය, ඉඩකඩම් සහ සාගරමය ජීවින්, අභ්‍යන්තර සහ කලාපිය සුරක්ෂාව, වෙළඳාම්, නගර සංවර්ධන, සංක්‍රමණික සහ සෞඛ්‍ය යන අංශයන්ටද අතිශයෙන් බලපෑම් සිදුකෙරෙනු ඇත. මෙවැනි පසුබිමකින් යම් යම් රටවල් වලට අභ්‍යන්තර බලපෑම් සහ ප්‍රශ්ණ ලෙසින් මුහුණදිමට සිදුවන අතර තිරසාර සංවර්ධන ඉලක්කය ඉටුකරගැනිමටද එය විශාළ ප්‍රශ්නණක් ලෙසින් මුහුණදිමට සිදුවනු ඇත.
දේශගුණ ක්ෂේත්‍රයේ විශේෂඥයෝ මෙය සැබෑ තර්ජනයක් ලෙසින් වැඩිදුරටත් අනතුරු හඟවා ඇත. කෙසේ නමුදු අපට තත්වය වෙනස්කර ගත හැකි බව ඔවුන් තවදුරටත් බළාපොරොත්තු පලකර සිටිති.
“අප සැබෑව දැන් කලයුත්තේ, අපේ සංවර්ධන දර්ශණය යටතේ අධ්‍යාපන අගයන් සිට අපේ ජීවන රටාවන් වලත් පුළුල් විධියේ පරිවර්තනයක් සිදුකර ගැනිම වන බව” අග්‍රාමාත්‍ය මෝදි සඳහන්කර සිටියේය.
මෙම විෂය සම්බන්ධයෙන් ප්‍රතිශක්තිකරනිය බලශක්ති, ඉ-මොබිලිටි, කාර්මික අංශයේහි කාර්බොන් අඩු මුලපිරුම් හඳුන්වාදිම, එකවරක් භාවිත ප්ලාස්ටික් තහනම් කිරිම සහ පෙට්‍රෝල් සහ ඩීසල් වෙනුවට ජෛව ඉන්ධන වලට දිරිගෙන්විම් වැනි ඉන්දියාව රැගෙන යන පිලිවෙත් අග්‍රාමාත්‍ය මෝදි මෙම සැසියේහි පුළුල් විස්තරයක් පිරිනැමිම සිදුකොට ඇත.
ඉන්දියාව දැනටමත් වර්ෂා පතනය, අධික ගංවතුර සහ නියං වැනි පසුබිම් වෙනස් කරගැනිමේ අත්හදා බැලිම් ගණනාවක් සිදුකරගෙන යයි. Potsdam Institute’s ආයතනයට අනුව ඉන්දිය මුම්බයි, චෙන්නයි, සුරත් සහ කොල්කොටා ඇතුළුව මුළු ලෝකය පුරාම නගර විස්සක් අතිශය අවදානම් තත්වයක මැදිවි සිටින බවය.
දේශගුණ විපර්යාසයෙන් ආහාර උද්පානය අතිශය දුෂ්කර වන අතර උද්පාදන වැයත් නොකඩවාම ඉහල නැංවියනු ඇත. එවැනි පසුබිමක යටතේ මතුවිය හැකි ආහාර හිඟයත් සමගින් දකුණු ආසියාව පුරාම මිලියන 7 ක පමන ළමුන් පිරිසක් මන්දපෝෂනයට මැදිවිමට සිදුවිය හැකිය.
සෞඛ්‍යටද එයින් විශාල හානි සිදුකෙරේ. චිනය, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශ වැනි රටවල් වල දැන්ටමත් දෛනික වායු ප්‍රදූෂණයෙන් මිලියන 3.3 ක් පමන පිරිසක්මරමුවට පත්වෙති. එම රටවල් සතර වායු ප්‍රදූෂනයෙන් වැඩියෙන්ම පිරිස් මියයන රටවල් සතර බවට පත්වි ගොස් ඇත.
අධික ග්‍රීෂ්මය හේතුවෙන් සහ රටවල් බලශක්ති සැපයුම් සිමා කිරිමකින් බලශක්ති සුරක්ෂා ක්ෂේත්‍රයටද තර්ජන එල්ලවි ඇත.
ඉන්දියාව තම මිලියන 1.3 ක මහජනතාවගේ අවශ්‍යතා සහ අපෙක්ෂාවන් සපුරාගැනිමට අනිත් රටවල් මෙන් දේශගුණ පිලිවෙත් මනා සමබරතාවයකින් ක්‍රයාත්මක කරගෙන යයි. අපේ පිලිවෙත් යම්විධියකින් අසාර්ථකවුවහොත් අනාගත පරමිපරාව අපට කිසිසේත්ම ක්ෂමාව නොදෙනු ඇත.
Comments
Post a Comment