ඉන්දියාව සහ ඉරානය නව උපායමාර්ග සහයෝගිතා සම්බන්ධයෙන් ගවේෂණයකට නිරතවෙති.
බටහිර ආසියාව සහ මැදපෙරදිග කලාපය අවට යුද්ධයක හ සමාන තත්වයකට මැදිවේගෙන යන පසුබිමක මධ්‍යයේ ටෙහෙරානයේහි පසුගිය සතියේ ඉන්දු - ඉරාන විදේශ කාර්‍යාල උපදේශන (Foreign Office Consultations) මට්ටමේ දහසයවන සාකච්ජා වටය පැවැත්වුනි. ඉන්දිය විදේශ කටයුතු ලේකම් විජය ගෝඛලේගේ ප්‍රධානත්වයෙන් ඉන්දිය නියෝජිත කණ්ඩායමක් සහ ඉරාන නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍ය. සයෙද් අබ්බාස් ආරග්චිගේ (Dr. Seyyed Abbas Araghchi) ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් ඊට සහභාගිවිය. ගෝඛගෙල් මහතා, ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍ය. ජාවාද් ජරිෆ් සහ ඉරාන උච්ජතම නායක අයටොල්ලාහ් ඛමේනිගේ (Iranian Supreme Leader Ayatollah Khamenei) ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්‍ය. අලි අක්බාර් වෙලයටි (Dr. Ali Akbar Velayati) යන නායකයින් දෙදෙනාවද හමුවි සාකච්ජා පැවැත්විය.
ඉන්දියාව සහ ඉරානය මෙම සාකච්ජා වටයෙන් සාහිද් බෙහෙස්ටි පෝර්ට් (Shahid Behesthi Port) හෙවත් ඡබාහාර් (Chabahar) වරාය සංවර්ධන කටයුතු සහ ඉන්දියාව, ඉරානය සහ ඇෆ්ගනිස්තාය යන රටවල් තුන අතරේ ත්‍රෛපාර්ශ්වික අන්තර් ප්‍රවේශ ගිවිසුම (Trilateral Transit Agreement) ඇතුළුව සෑම දෙයක්ම අන්තර්ගත දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික සහයෝගිතා ගැන නැවත සමික්ෂණයකටද නිරත වුවෝය. එම විෂයන් සම්බන්ධයෙන් හැරුනු විට ඉන්දියාව සහ ඉරානය කලාපිය ප්‍රශ්ණ වලටත් සැලකිල්ල දැක්විම සිදුකොට ඇත. අන්න්‍යෝන්‍ය වාසිදායි සහයෝගිතා සහ දෙරට පවත්වාගෙන යන හුවමාරු වැඩසටහන් නොකඩවාම පවත්වාගෙන යාමටත් ඉන්දියාව සහ ඉරානය තවදුරටත් එකඟත්වයට පත්වුවෝය. විදේශ අමාත්‍ය මට්ටමේ (level of Foreign Minister) මිළඟ ඒකාබද්ධ කොමිසම් හමුව (Joint Commission Meeting) හැකි ඉක්මණින් ඉරානයේහි පවත්වා ගැනිමට දෙරටම තවදුරටත් එකඟත්වයට පත්වි ඇත.
වොෂින්ටනය විසින් ඉන්දියාව සඳහා ලබාදුන් මාස සයක සහන කාලසිමාව නිමාවට පත්විමත් සමගින් 2019 වසර මෙයි මස සිට නවදිල්ලිය ඉරානයෙන් සිදුකරගෙන ගිය තෙල් ආනයනය මුළුමණින්ම නවතා දමා ඇත. මෙවැනි පසුබිමකින් මතුවු තත්වය මගහරවා දෙමිමට විදේශ කාර්‍යාල උපදේශන මට්ටමේ එම හමුවෙන් සාකච්ජා කරගැනිමට දෙරටටම නිතැතින් අවශ්‍යවි තිබුනි. මෙවැනි පසුබිමක මධ්‍යයෙදිත් තුර්කිය, රුසියාව සහ චීනය ඉරානය සමගින් බලශක්ති ගනුදෙනු නොකඩවාම කරගෙන යත්දිත් ඉන්දියාව රැගත් පිලිවෙතට නවදිල්ලියේ, ඉරාන තානාපති අලි චෙගෙනිත් තරමකින් විෂ්මයක් පළකර සිටියේය. ඉරානය ඉරානයෙන් තෙල් ආනයනය කිරිම තාවකාලිකව නවතා දෙමුවද ටෙහෙරානය සමගින් නොකඩවාම ගනුදෙනු කරගෙන යාම සිදුකොට ඇත. ඒ අතරම ඉන්දියාව සහ ඉරානය අතර පවත්වාගෙන යන උපායමාර්ග සම්බන්ධතා තෙල් වලට වඩා ඔබ්බෙන් දිව යයි.
දෙරටම නොඩවාම ගනුදෙනු පවත්වා ගනිමින් ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙනුත් සමිපව කටයුතු කරති. ආර්ථික සහ වෙළඳ සම්බන්ධතා ඉහල නංවා ගැනිම ගැනත් ඉරානය සහ ඉන්දියාව ගවේෂණ පවත්වාගෙන යයි. මෑතදි පවැත්වුනු ඉන්දු - රුසියා ශිඛර සමුළුවෙදිත් නවදිල්ලිය (New Delhi) සහ මොස්කව් (Moscow) යන පරිපාලන දෙක ඉරානය සමගින් පවත්ාගෙන යන වෙළඳ සහ ආර්ථික සහයෝගිතා ගනුදෙනු නොකඩවාම පවත්වාගෙන යාමට එකඟත්වය පළකරමින් එය “අන්‍යෝන්‍ය වාසිදායි සහ නිතියානුකූල” (mutually beneficial and legitimate) බව තවදුරටත් පැහැදිළි කොට ඇත. 2019 වසර මාර්තු මස පැවැත්වුනු ' 7 වන ජාතයන්තර උතුරු දකුණු අන්තර් ප්‍රවේශ කොරිදෝව සම්බන්ධිකරණ මාණ්ඩලිය හමුවෙදිත් ' (7th meeting of the International North South Transit Corridor’s (INSTC) coordination council meeting) ඉන්දියාව තම කැපවිම ඒ විධියෙන්ම පළකර සිටියාය.
මෙම වසර මෙයි මස සිට මතුවුනු ඉරනා එක්සත් ජනපද නොසන්සුන්තාවයෙන් ඉන්දියාවට නැවත වරක් නව අභියෝගයකට මුහුණදිමට සිදුවුවාය. ඉන්දියාව ඉරානය සමගින් මෙන්ම එක්සත් ජනපදය සමගිත් අතිශය සමිප මිතුදමක් පවත්වාගෙන යාම සහ එක්සත් ජනපදය ඉරානයට එරහිව ගෙනයන සම්බාධ මධ්‍යයේ නවදිල්ලිය සහ ටෙහෙරානය අතර පවත්වාගෙන යන බලශක්ති ගනුදෙනු කුමන විධියෙන් ඉදිරියට ගෙනයායුතුද යන්න දැන් විශාළ ප්‍රශ්ණයක් බවට පත්වි ඇත. මේ නිසාම නවදිල්ලිය දැන් ඊට අදාළ නව විකල්ප ගැන ගවේශෂණයක නිරතවි සිටියි. 2006 වසර වනතුරු ඉරනය ඉන්දියාවට වැඩියෙන්ම තෙල් අපනයන කරන දෙවන රාජ්‍යයද වි තිබුනි. කෙසේ නමුදු 2013-14 වසර අගභාගය වනවිට තත්වය වෙනස්වි ගියේය. ඉන්දියාව මෙම වසර මෙයි මස සිට ඉරානයෙන් සිදුකරගෙන ගිය තෙල් ආනයනය නවතා දෙමුදා තෙක් චීනය හැරැනු විට ඉරානයෙන් වැඩියෙන්ම තෙල් ආනයන කරගෙන ගිය දෙවන රාජ්‍යය ඉන්දියාව විය. ඉරානය ස්ථාවර තෙල් සපයන රටක් විම බැහැර කල නොහැකි සත්‍යයකි.
අනිත් අතට ඉන්දියාවට Eurasiaට ප්‍රවේශවිමේ එකම ද්වාරය ඉරානයම වේ. තම උපායමාර්ග සහයෝගිතා හැරුනු විට බටහිර ආසියාව සහ ඇෆ්ගනිස්තානය සම්බන්දයෙන් පවත්වාගෙන යන ගනුදෙනු වලටත් නවදිල්ලියට ඉරානය අතිශය වැදග්ත්වේ. INSTC සහ Chabahar යන අධෝව්‍යූහ පහසුකම් සංවර්ධන සහ උපායමාර්ග අවශ්‍යතා ගැන සළකාබලන විටදිත් නවදිල්ලියට ඉරානය අතිශය වැදගත්වේ. චිනය, රුසියාව, මධ්‍ය ආසියානු ජනරජ රාජ්‍යවල් කේන්ද්‍රිය මෙන්ම තම අනිකුත් කලාපිය පිලිවෙත් සම්බන්ධයෙන් වුවද නවදිල්ලියට ටෙහෙරානය අතිශයෙන් වැදගත් වේ. ඉරාන - චින - රුසියා සහ ඉරාන - ඇෆ්ගිනිස්තාන් - පාකිස්තාන් - චින සම්බන්ධතා ගැන සළකාබලන විටදිත් නවදිල්ලියට ටෙහෙරානය කිසිසේත්ම බැහැරකල නොහැක. එම සන්දර්භය යටතේ නවදිල්ලිය ටෙහෙරානය සමගින් නොකඩවාම ගනුදෙනු පවත්වාගෙන යාම සිදුකරගෙන යයි.
පිටපත: රුසියා, සි.අයි.එස් සහ බටහිර ආසියා උපාමාර්ග කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. මිනා සිං රොයි
Comments
Post a Comment