ජනාධිපති කෝවින්ද්ගේ අයිස්ලන්ත, ස්විත්සර්ලන්ත සහ ස්ලොවේනියා චාරිකාව

ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා ද්විපාර්ශ්වික දේශපාලනමය සහ ආර්ථික සම්බන්ධතා තවදුරටත් ඉහලනංවා ගැනිම සඳහා අයිලන්තය, ස්විත්සර්ලන්තය සහ ස්ලෝවේනියාව යන රටවල් තුනට චාරිකාවකට නිරතවිය. ඉන්දියාව සහ අයිස්ලන්තය ධීවර කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගිතා, සංස්කාතික සහයෝගිතා, බලධාරින්ට විසා පහසුකම් පිරිනැමිම සහ University of Icelandහි හින්දි භාෂා අධ්‍යයන අංශයක් ගොඩනගා ගැනිම යන කරුණු ඇතුලත් ගිවිසුම් සහ අවබෝධාත්මක එකඟතා ගණනාවකට අත්සන් තබා ඇත. අයිස්ලන්තය Nordic කණ්ඩායමට අයත් රටක් වන අතරට තිරසාර ධීවර කර්මාන්ත අංශය, සමුද්‍ර ආර්ථිකය, නව්කා බාන්ඩ ප්‍රවාහන සේවා, හරිත සංවර්ධනය, බලශක්තිය, ඉඳිකිරිම් සහ කෘෂිකාර්මික අංශය යන අංශයන්ට Reykjavik පරිපාලනයට විශාළ කාරයභාරයක් ඉටුකලහැකි යැයි ඉන්දිය ජනාධිපති වරයා පෙන්වා දෙයි.

අයිස්ලන්තය Arcticකයේ තිරසාර සංවර්ධනය සහ පරිසර සුරක්සා කාර්‍යන් සැළකිල්ල දක්වන, අන්තර්-රජයේ සංවිධානය වන Artic Councilයේ සභාපති රාජ්‍යය වේ. අයිස්ලන්තය UNSC මණ්ඩලයේ සාමාජිකත්වය දිනාගැනිමට ඉන්දියාව දරාගෙන යන ප්‍රයත්නයටත් සහයෝගය පිරිනමා ඇත. ජනාධිපති කෝවින්ද් University of Iceland විශ්වවිද්‍යාලයේ සිසුන්ට ඉන්දු - අයිස්ලන්ත හරිත ග්‍රහලෝකය (Green Planet) යන තේමාවෙන් දේශණයක්ද පිරිනැමිය.ඉන්දිය අනුග්‍රහයෙන් දියත්කරගෙන යන සූර්‍ය සන්ධානයට (International Solar Alliance) සම්බන්ධවන ලෙසින් එතුමන් තවදුරටත් අයිස්ලන්තයෙන් ඉල්ලයි. ඉන්දියාව Paris Agreement ගිවිසුමට කැපවි කටයුතු කරගෙන යන බව පෙන්වාදෙන නවදිල්ලිය 2022 වසරදිම ඉන්දියාව single use plastic බාවිතයෙන් මුක්තවිමට ප්‍රතිඥාදි තිබෙන බව තවදුරටත් පෙන්වාදි ඇත. India-Iceland Business Forum මණ්ඩලය අමතමින් ජනාධිපති කෝවින්ද්, ඉන්දියාව ව්‍යවසායකයන්ට ආයෝජන වාසින් ගණනාවක් පිරිනමාගෙන යන බව යැයි සඳහන් කර ඇත. අයිස්ලන්තයේ ඉන්දිය තානාපති, T. Armstrong Changsan මහතා, විසින් පිරිනමන ලද පිලිගැනිමේ උත්සවයට සහභාගි වෙමින් ඉන්දිය ජනාධිපති වරයා අයිස්ලන්තයේ ඉන්දිය සමාජය සහ ඉන්දියාවට පක්ෂපාති පිරිසවද හමුවිය.

ජනාධිපතිවරයා තම මෙම තුන් රාජ්‍ය විදේශ චාරිකාවේ දෙවන අදියරය යටතේ ස්විත්සර්ලන්තයට සේන්දුවිය. ස්විත්සර්ලන්තයේ University of Berneහි, ඉන්දියාව - ස්විත්සර්ලන්තය සම්බන්ධයෙන් පවත්වන ලද ඇමතුමෙන් Alps සහ Himalayas ඒකාබද්ධ කරවමින් දෙපාර්ශ්වයේ හවුල්කාරත්වය නව තලයකට ප්‍රවේශවි තිබෙන බව යැයි පෙන්වාදි ඇත. හරිත සංවර්ධනය, නිල් ආර්ථිකය, දේශගුණ විපර්යාසය, කෘතිම බුද්ධිය, මුලපිරුම් සහ ස්මාර්ට් විසඳුම් යන අංශ Indo-Swiss ගනුදෙනු මගින් ප්‍රමුඛත්වය ලබාදිමට යන නව විෂයන් යැයි ජනාධිපති කෝවින්ද් පෙන්වාදි ඇත. ඒවා සහයෝගිතා ක්ෂේත්‍රයේ නව අංශ සහ නව බලවේග ලෙසින් එතුමන් තවදුරටත් පෙන්වාදි ඇත.ලෝකයේ ඉපැරණිතම සහ විශාල ප්‍රජාතන්ත්‍රවාදි රටවල් දෙක අතීතය සිට සමිප සම්බන්ධතා පවත්වාගෙන යන බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත. 1896, ගණ්නවලදි එවක ස්වාමි විවේකානන්ද් තුමන් එරටට චාරිකාවකට නිරත වෙමින් නැගෙනහිර සහ බටහිර යාකරවු බවත් එතුමන් තවදුරටත් පෙන්වාදි ඇත. එවක නොබෙල් සම්මානලාභි (Noble Laureate) රොමෙන් රෝලන්ද්ගේ (Romain Rolland) ආරාධනය පිට මහාත්මා ගාන්ධි තුමන්ද ස්විත්සර්ලන්තයට චාරිකාවකට නිරත විය. Villeneuve නගරයේහි ජනාධිපති කෝවින්ද් අතින් මහාත්මා ගාන්ධි තුමන්ගේ 150 වන ජන්ම සංවත්සරය නිමිත්තැන් ජාතියේ පියාණන්ගේ උඩුකය පිළිරුවක් විවෘත කෙරුනි.

ඉන්දු - ස්විත්සර්ලන්ත සම්බන්ධතාවය අතිශය ශක්තිමත් ආර්ථික හවුල්කාරත්වයක යටතේ රඳා පවති. Swiss සමාගම් 250 ක් පමන ඉන්දියාවේ ක්‍රියාත්මක කරගෙන යයි. චෙන්නයිහි පවත්වාගෙන යන දුම්රිය මැදිරි නිෂ්පාදන කම්හල දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ගොඩනගා ඩයමන්ට් ජුබිලය සමරමින් 2015 වසරදි ස්විස් සහයෝගයෙන් ආරඹකොට ඇත. විද්‍යාව සහ තාක්ෂණ අංශයේ සහයෝගිතා ද්විපාර්ශ්වික සම්බන්ධතාවේ දිසාව හැඩගස්වන බව පෙන්වා දුන් ජනාධිපති කෝවින්ද්, ස්විත්සර්ලන්තය “නව නිපයුම් ක්ෂේත්‍රයෙන් ලෝකයා පෙරමුණ රැගෙන සිටින බව” යැයි පෙන්වා දමින් එය ඉන්දියාවට ලොකු ආදර්ශයක්ද වන බව ප්‍රකාශ කොට ඇත. “තිරසාර නාගරික අවකාස, ගංගාවල් පිරිසිදු කරගැනිම සහ ආහාර පිරිමෙසුම් ස්විස් විශේෂඥන් පෙරමුණ රැගෙන සම්පත් අවම විධියෙන් භාවිතයද අත්දැකිම් ලද පිරිසක් බව එතුමන් තවදුරටත් පෙන්වාදි ඇත. ඔහු ඉන්දු - ස්වස් වෙළඳ මණ්ඩල හමුවටද සහභාගි විය. 'Make in India', 'Smart Cities', 'Digital India', 'Clean India', 'Startup India' සහ 'Skill India'යන ඉන්දිය රජයේ ප්‍රධානතම වැඩසටහන් ගණනාවක් සැලකිල්ලට ලක්කොටදිම සිදුවිය. India-Switzerland Treaty of Friendship ගිවිසුමේ 70 වන සංවත්සරය පිරිම නිමිත්තැන් 1948 වසර අතසන් තැබු ගිවිසුමත් සමගින් දෙරටේ දිවිපාර්ශ්විත සම්බන්ධතාවය නොකඩවාම ඉහලට නැංවියාම සිදුව ඇත.

මෙම චාරිකාවේ අවශාන කොටසේහි ජනාධිපති කෝවින්ද් ස්ලොවේනියාවට ගොඩ බැස්සේය. මෙය ඉන්දියාවේ ජනාධිපති වරයෙක් ප්‍රථමවරට ස්ලෝවේනියාවට පය තබන සිද්ධියක් වේ. අතිශය වේගයෙන් පරිවර්තනවේගෙන යන ස්ලෝවේනියාවේ ආර්ථික වර්ධනය දෙස බලමින් ජනාධිපති කෝවින්ද් එරටේ “නවින තාක්ෂණ, තිරිසාර විධිමත් ව්‍යාපාර කටයුතු සහ පර්යේෂණ, දැනුම සහ මුලපිරුම් හැකියා ඉන්දිය ආර්ථික සංවර්ධන කාර්‍යන්ට අතිශය වැදගත්වන බව” යැයි පෙන්වාදි ඇත. ආයෝජජන, ක්‍රීඩා, සංස්කාතික, ගංගාවල් පුනරුත්ථාපන කටයුතු, විදයා සහ තාක්ෂන සහ ප්‍රමිතිකරණය යන අංහයන්ට අදාල ගිවිසුම් සහ අවබෝධාත්මක ගිවිසුම් ගණනවකටද ඉන්දියාව සහ ස්ලෝවේනියාව අත්සන් තබා ඇත. ස්ලෝවේනියාවත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ස්ථිර සාමාජිකත්වය දිනාගැනිමට ඉන්දියාව දරන ප්‍රයත්නයට තම නොමඳ සහයෝගය පලකර සිටියි. ස්ලෝවේනියාව මහාත්මා ගාන්ධි තුමන්ගේ සැමරුම් මුද්දරයක් නිකුත් කොට ඇත.

පිටපත: ජවර්හලාල් නෙහ්රු විශ්වවිද්‍යාලයේ, යුරෝපා කටයුතු අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති, මහචාර්‍ය. උම්මු සල්මා බාවා

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ