ඉන්දු - ආසියාන් සම්බන්ධතා: කල්පවත්නා හවුල්කාරිත්වයක් ගොඩනගානැගිම

'නැගෙනහිර ප්‍රතිපත්ති පනත' (Act East policy) සහ 'ඉන්දු - පැසිෆික් දැක්ම' (Indo-Pacific outlook) යන ඉන්දිය අතිශය වැදගත් විදේශ පිලිවෙත් දෙක ඉදිරියට ගෙනයාමේ ඉලක්කයකින් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍ය. එස්. ජයිශංකර් මහතා, ආසියාන් - ඉන්දියා විදේශ අමාත්‍ය මට්ටමේ හමුව (ASEAN-India Ministerial Meeting), 9 වන නැගෙනහිර ආසියා විදේශ අමාත්‍ය වරුන්ගේ ශිඛර හමුව (9thEast Asia Summit Foreign Ministers’ Meeting), (EAS FMM), 26 වන ආසියාන් කලාපිය මණඩලය (26thASEAN Regional Forum), (ARF) සහ 10 වන මිකොංග් ගංගා සහයෝගිතා අමාත්‍ය මට්මේ හමුව (10thMekong Ganga Cooperation Ministerial Meeting), (MGC MM) යන කලාපිය මට්ටමේ ජාත්‍යන්තර හමුවිම් රැසට සහභාගිවිමට බැංකොක් නගරයට චාරිකාවකට නිරත විය. නිදහස්, විවෘත, සෑම දෙයක්ම අන්තර්ගතවු සහ න්‍යාමයන් යටතේ වු ඉන්දු - පැසිෆික් පිලිවෙතක් ගැනවු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දැක්ම ආසියාන් - ඉන්දියා අමාත්‍ය මට්ටමේ හමුවට නැවත වරත් පිරිනමමින් විදේශ කටයුතු අමාත්‍ය වරයා, 'ඉන්දු - පැසිෆික් සම්බන්ධ දැක්ම' යන තේමාවෙන් පොදු අවශ්‍යතා ගැන සැළකිල්ල දැක්විම සහ පොදු පිලිවෙත් වලට ගෞරවය දක්වමින් ආසියාන් සංවිධානය විසින් මෑතදි සිට සැළකිල්ලදක්වාගෙන යන මුලපිරුමටත් අතිශය අගය කිරිම පුදකොට ඇත. ආචාර්‍ය. ජයිශංකර්, ඉන්දු - පැසිෆික් කලාපයේ ආසියාන් - ඉන්දියා උපායමය හවුලකාරිත්වය තවදුරටත් ශක්තිමත් කරගැනිමට අමාත්‍ය මට්ටමේ හමුවේදි සාගර කාර්‍යන් සඳහා පවත්වාගෙන යන සහයෝගිතා, සම්බන්ධතා සහ තිරසාර සංවර්ධන ඉලක්කය දිනා ගැනිම යන විෂයන්ට ප්‍රමුඛත්වය දැක්විම සිදුකොට ඇත. 'ඉන්දිය සාගර වළලු සංවිධානය' සහ 'බැංගාල බොක්ක බහු ආංගික තාක්ෂනික සහ ආර්ථික සහයෝගිතා' යන අනිකුත් කලාපිය ක්‍රියාරාමු වැඩසටහන් ගැනත් සැළකිල්ල දක්වමින් සහයෝගිතා පුළුල් කරගැනිමට ප්‍රයත්න දරන ලෙසින් ජයිශංකර් මහතා ආසියාන් සාමාජික රටවල් රැසින් ඉල්ලා සිටියේය.

ඔහු වියේට්නාම් සමාජවාදි ජනරජයේ විදේශ කටයතු අමාත්‍ය ෆම් බින් මින්හ් මහතා සමගින් MGC MM හමුවට සම මුලාසනය දෙරුවේය. ඉන්දියාව සහ වියේට්නාමය අතර ගිවිසගත් 2019-2022 යන වසර සඳහා වු නව MGC ක්‍රියාකාරි සැළස්මෙන් සංචාරක සහ සංස්කාතික, අධ්‍යාපනය, මහජන සෞඛ්‍යය සහ ස්ම්ප්‍රදායි ඖසධ, කෘසිකර්මාන්තය සහ ඊට අදාල අනිකුත් අංශ, ප්‍රවාහන සහ පණිවිඩසම්බන්ධතා, මධ්‍යම සහ කුඩා පරිමණ මට්ටමේ කාර්මික අංශය ඇතුලත් අංශ සතකට වඩාත් සහයෝගිතාවෙන් කටයුතු කරගෙන යාමට එකඟත්වය පලකොට ඇත. ජල සම්පත් පරිපාලනය, විදයා සහ තාක්ෂණ, කොශල්‍යතා සංවර්ධන සහ හැකියා ගොඩනැගිම් යන විෂයන්ටත් මෙම හමුවෙන් සැළකිල්ල දැක්විම සිදුව ඇත. කලාපයට තමන් දක්වාගෙන යන සැළකිල්ලවිදහා දක්වමින් නවදිල්ලිය, කාම්බෝජය, ලාඕස් පී.ඩි.ආර්, මියන්මාර් සහ වියේට්නාම් යන රටවල් රැසට MGC ක්ෂණික ණය ආධාර වැඩසටහන් යටතේ මුල්‍යමය සහයෝගය ලබාදිම සිදුකොට ඇත. 2014 වසර සිට ආරඹ කල එම මුලපිරුම යටතේ දැනටමත් ව්‍යාපෘතින් 24 ක් අංගසම්පුර්ණ කරගැනිමට හැකිව ඇත. ඉන්දියාව 2019 වසර සිට MGC ක්ෂණික ණය ආධාර වැඩසටහන් යටතේ කාම්බෝජය, වියේට්නාම් සහ ලාඕස් පී.ඩි.ආර්. යන රටවල් සඳහා US$ 900,000 ක් පමණ වටිනා මුල්‍යයක් යොදවා ඇත. එම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරගෙන යාහැකි වැඩසටහන් ඉදිරිපත් කරන ලෙසින් ඉන්දියාව මියන්මාරයෙන් ඉල්ලා ඇත. ඉන්දියාව සංවර්ධන හවුල්කරුවෙක් ලෙසින් අයේයවර්ඩි - ඡඕ ෆ්‍රයා - මිකොංග් ආර්ථික සහයෝගිතා උපායමාර්ග (Ayeyarwady-Chao Phraya-Mekong Economic Cooperation Strategy), (ACMECS) ව්‍යාපාතියටත් සම්බන්ධවි සිටියි.

'සම්බන්ධතා ක්ෂේත්‍රයේ ආසියාන් මස්ටර් ප්ලෑන් 2025 ' ව්‍යාපාතිය (ASEAN Master Plan on Connectivity 2025), (MPAC 2025) සහ MG ව්‍යාපාතිය අතරට සමබ්නධතායක් පවත්වා ගැනිම අතිශය අත්‍යවශ්‍ය දැයකි. ඉන්දු - මියන්මාර් - තයිලන්ත මෝටර් වාහන ගිවිසුමත් (India-Myanmar-Thailand Motor Vehicle Agreement), (IMT MVA) හැකි ඉක්මණින්ම අවශාන නිගමනයකට බැසගතයුතුව ඇත. එම ඉන්දු - මියන්මාර් - තයිලන්ත ත්‍රෛපාර්ශ්වික ජාතික මහමාර්ගය (India-Myanmar-Thailand Trilateral Highway) කාම්බෝජය, වියේට්නාම් සහ ලාඕස් පී.ඩි.ආර්. යන රටවල් තෙක් පුළුල් කරගැනිමට යෝජනා කරගෙන යයි. එම ජාතික මහාමාර්ගය ආර්ථික සංවර්ධන කොරිදෝවක් ලෙසින් යොදවා ගැනිමකට 2019 වසර සිට අධ්‍යයනයකට නිරතවි සිටිති. ඉන්දියාව දැන්මටත් එම ත්‍රෛපාර්ශ්වික ජාතික මහමාර්ග ව්‍යාපෘතියට US$ බිලියනය1 ක් පමණ වටිනා ණය ශ්‍රෙණියක් පිරිනමා ඇත. නියමිත පාලන දේශසිමා (LOC) දිගෙත් එවැනි හා සමාන ව්‍යාපෘතින් දියත් කරගෙන යාම ගැනත් ඉන්දියාව දැන් අධ්‍යයන කරගෙන යයි.

නොවැම්බර් මස පවත්වන ලද නැගෙනහිර ආසියා ශිඛර හමුව අතරතුර EAS FMM හමුවකුත් පැවැවැත්වුනි. එම එම හමුවේදි නායකයින් පිරිස කලාපිය සහ ජාත්‍යන්තර කරුණු හැරුනිවිට, ගෝලිය දේශපාලනමය - සුරක්ෂාව සහ ආර්තිකය ගැනත් සැලකිල්ල දැක්විම සිදුකොට ඇත. 'මැනිලා ක්‍රියාකාරි සැළස්ම' (Manila Plan of Action)- (2018-2022), EAS සංවර්ධන මුලපිරුමට අදා 'නොම්ෆෑන් ප්‍රකාශණය' (Phnom Penh Declaration on the EAS Development Initiative) යන විෂයන් ගැනත් සාකච්ජා පවත්වා ඇත. 26th වන ARF හමුවෙන් කලාපයේහි උපායමාර්ගික විශ්වාසයක් ගොඩනගැනිමේ අවශ්‍යතායට සැළකිල්ල දැක්විම සිදුවිය. ඉන්දියාව සහ මියන්මාරය 'ආසියාන් ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුව ධන රටවල්' සම්බන්ධයෙන් (ASEAN Defence Ministers’ Meeting Plus (ADMM+) countries) ලක්නව් නගරයේහි හමුදා ඖසධ සම්බන්ධයෙන් පුහුණු අභ්‍යාස වැඩසටහනක් දියත් කොට ඇත.

අග්නිදිග ආසියාව ඉන්දිය 'නැගෙනහිර ප්‍රතිපත්ති පනත' (Act East policy) මත රඳා තිබෙන හෙයින් ආසියාන් (ASEAN) කලාපය සමගින් පවත්වාගෙන යන උපායමාර්ගික හවුල්කාරත්වය ඉහල නංවාගැනිමට නවදිල්ලිය අඛණ්ඩ ප්‍රයත්නයන්හි නිරතවි සිටියි. ඉන්දියාව අග්නිදිග ආසියා රටවල් සමගින් ගෙනයන උපායමාර්ග ගනුදෙනු මුළුමණින්ම 3C’s හෙවත් වානිජ (Commerce), සම්බන්ධතා (Connectivity) සහ සංස්කෘතිකමය (Culture) යන පදනම මත රඳා පවතියි. ඉන්දියාව සහ ASEAN අතර දැනටමත් දැනටමත් සංවාදාත්මක සාකච්ජා වට 30 ක් වත් පවත්වා ගැනිමට හැකිවි ඇත. අනිත් අතට ඉන්දිය මහ සාගරයට ප්‍රවේශවිමේ සහ පිටවිමේ ද්වාරයත් අග්නිදිග ආසියාවම වේ. ගෝලිය ආර්ථික පසුබිමේහි අතිශය වේගවත්ව සංවර්ධනවේගෙන යන රටක් ලෙසින් ඉන්දියාව මෙම කලාපය සමගින් ශක්තිමත් සමබන්ධකම් පවත්වාගෙන යායුතුව ඇත. ආසියාන් ක්ඩායමටත් ඉන්දු - පැසිෆික් කලාපය අවට ඉටුකල හැකි විශාළ වැදගත් කාර්‍යභාරයක් සතුව ඇත.

 
පිටපත: නැගෙනහිර සහ අග්නිදිග ආසියා උපායමාර්ග කටයුතු විශ්ලේෂක. ආචාර්‍ය. තිත්ලි බසු ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ