ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය වරයාගේ ප්‍රථම බංග්ලාදේශ් චාරිකාව

පිටපත: the Statesman, විශේෂ නියෝජිත, දිපංකර් චක්‍රබොර්ති ගෙන්

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍ය.එස්.ජයිශංකර්ගේ ප්‍රථම බංගාදේශ චාරිකාව එක විධියකින් මෙම වසර ඔක්ටෝබර් මස පළමු සතියේදි සිදුවිමට යන බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය සෙයික් හසිනා මහත්මියගේ නිල ඉන්දිය චාරිකාවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි මහතා විසින් නැවත වරක් පිලිගන්වන ලද ආරධනය දැනුම්දිම සඳහා කල සංචාරයක ලෙසට පෙන්වාදිම වඩාත් නිවරදිය. අසල්වැසි රටවල් දෙකේ ද්විපාර්ශ්වික සබඳතා අතිශය වැදගත් මංසන්ධියක පිවිසි තිබෙන මොහොතක මෙම චාරිකාව සිදුව ඇත.

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය වරයා බංග්ලාදේශයේ විදේශ කටයුතු අමාත්‍ය වරයා සමගින් පවත්වන ලද සාකච්ජා අතිශය ඵලදායි එකක් විය. එය තවත් විධියකින් සෙයික් හසිනා මහත්මිය සහ ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා අතර ඔක්ටෝබර් මස සිදුවිමට යන හමුවට ගොඩනගන ලද අඩිතාලමක්ද වේ.

ආචාර්‍ය.ජයිශංකර් 'ගනෝභබන්' හෙවත් අග්‍රාමාත්‍ය නිල නිවසේහි සිදුවනු හමුවේදි අග්‍රාමාත්‍ය මෝදිගේ ආරධනය සෙයික් හසිනා මහත්මියට පිලිගෙන්විය. හසිනා මහක්මිය එම ආරධනයට මෝදි මහතාට ඇගේ කෘතඥතාවය පලකර සිටියා.

ඔක්ටෝබර් මස සිදුවීමට නියමිත ඇගේ එම චාරිකාවට මුළු රටම ඉතසිත අපේක්ෂාවෙන් පසුවන බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත. එම හමුව ගැන ප්‍රකාශයක් පිරිනැමු ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය, “ආචාර්‍ය.ජයිශංකර් සහ සෙයික් මහත්මිය අතර පවත්වන ලද හමුව අන්න්‍යෝන්‍ය අවශ්‍යතා වලට අදාලවු අතිශය ඵලදායි එකක්” යැයි තවදුරටත් පැහැදිළිකොට ඇත.

යුගයක් රාජ්‍යතාන්ත්‍රිකයෙක් ලෙසින් සේවයේහි නිරතිවි සිටිය ආචාර්‍ය.ජයිශංකර් ඉන්දිය විදේශ කටයුතු ලේකම් වරයා ලෙසිනුත් මෙයට කලින් බංග්ලාදේශයට චාරිකා කොට ඇත. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ධුරයේහි හොබවිමකින් අනතුරුව සිදු කෙරෙන මෙය ඔහුගේ ප්‍රථම බංගාදේශ චාරිකාව වන අතරට බංග්ලාදේශයේ විදේශ කටයතු අමාත්‍ය ඒ.කේ.අබ්ඩුල් මෙමොන් සමගින් පවත්වන ලද හමුවෙන් එම චාරිකාව සැබෑව ඇරැඹුනි.

විදේශ කටයුතු අමාත්‍ය වරුන් දෙදෙනාගේ එම හමුව ඉතාමත් සුහද විධියකින් පැවැත්වුනි. රටවල් දෙක ද්විපාර්ශ්වික, සුරක්ෂා සහ උපායමය යන විෂයන් සම්බන්ධව සාකච්ජා කලෝය. රටවල් දෙක දෙරටේ සම්බන්ධතා හැකි විධියකින් ඉහල නංවාගෙන දෙරටේ නායකයින් අතරත් අනන්‍යෝන්‍ය විශ්වාසයකින් කටයතු කරගෙන යාමේ අපෙක්ෂාත් විදහා දැක්විය. දෙදෙනාගේ ගනුදෙනු මගින් එම කාරණය වැඩිදුරටත් විදහා දැක්වේ.

ඉන්දු - බංග්ලාදේශ සම්බන්ධතා හුදු 'උපායමාර්ගීය හවුල්කාරත්වයකට' පමණක් සිමා නොවිය. ඉන්දු - බංග්ලාදේශ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා කාර්‍යන්හි සම්බන්ධවිමට ලැබිම තමන් ලද 'ගෞරවයක්' ලෙසින් පෙන්වාදෙන ජයිශංකර් මහතා යුගයක් ඉන්දිය විදේශ කටයුතු ලේකම් වරයා ලෙසටත් අනතුරුව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය වරයා ලෙසටත් සම්බන්ධවිමට තමන්ට අවශ්ථාව ලැබුනු බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත.

“සුරක්ෂාව, අපරාධ කාර්‍යන්ට එරහිව ගෙනයන නව හුවල්කාරත්වය, ත්‍රස්තවාදය මෙන්ම මූලධර්මවාද සහ ත්‍රස්තවාදි කණ්ඩායම් වලට එරහිව ගෙනයන සටනින් දෙරටටම සෘජුව වාසි ගෙනදෙන බව” ආචාර්‍ය.ජයිශංකර් පෙන්වාදි ඇත. අතිශය සංකීර්ණ රොහිංගියා (Rohingya) ප්‍රශ්ණයටත් දෙරටම සාමුහික විසඳුම් සොයා ගැනිමට ප්‍රයත්න දරාගෙන යන බව ඔහු තවදුරටත් පැහැදිළි කොට ඇත.

බංග්ලාදේශයේ විදේශ කටයතු අමාත්‍ය ඒ.කේ. අබ්ඩුල් මෙමොන් මෙම සාකච්ජාවන්හි රොහිංගියා සරණාථයින් ගැන දැඩි සැළකිල්ල දක්වමින් එය 'කලාපිය ස්ථාවරත්වයට අතිශය අදාල ප්‍රශ්ණයක් හෙයින් හැකි ඉක්මණින්ම විසඳා ගැනිමේ' අවශ්‍යතාවය හුවා දක්වා ඇත.



එම හුමවෙන් අනතුරුව මාධ්‍යය අමතමින් කරුණු දැක්වු ආචාර්‍ය.ජයිශංකර් මහතා, බංග්ලාදේශයේ විදේශ කටයුතු අමාත්‍ය වරයා සමගින් පවත්වන ලද සාකච්ජා අතිශය ඵලදායි බව පෙන්වා දෙමින් රෙහිංගියා ප්‍රශ්ණයටත් 'සුරක්ෂිතව, හැකි ඉක්මණින් තිරසාරව මියන්මාරයට ආපසු පිටත්කොට යෙවිම' රටවල් දෙකේ අපෙක්ෂාව බව යැයි පෙන්වා දි ඇත.



මියන්මාරයේ සිදුකරන ලද හමුදා මෙහෙයුමකින් 700,000 ට වඩා රොහිංගියන් පිරිසක් පලායාම අරඹා ඇත. එම පිරිසගෙන් විශාළ පිරිසක් දැන් බංග්ලාදේශයේහි සරණ රැගෙන සිටිති. ඉන්දියාව මෙන්ම බංග්ලාදේශය යන රටවල් දෙක එම සරණාථයින්ව හැකි ඉක්මණින් මියන්මාරයට ආපසු පිටත්කොට යෙවිමේ සාමුහික ප්‍රයත්නයක නිරතවි සිටිති.



ආචාර්‍ය.ජයිශංකර්ට අනුව ඉන්ද - බංග්ලාදේශ් සම්බන්ධතාවය අනිකුත් දකුණු ආසියා රටවල් දිරිගන්වන ආදර්ශාත්මක එකක් බවය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2014 වසරෙ බලයේහි හොබවිමත් සමගින් දෙරටේ ඒ සමිප සම්බන්ධතාවය තවදුරටත් ඉහලනංවා ගැනිමට පියවරවල් ගණනාවක් රැගෙන ගිය බව ඔහු තවදුරටත් පැහැදිළි කොට ඇත. 2015 වසර සිදුවුනු මෝදි මහතාගේ ප්‍රථම ඩකා චාරිකාවේදි දෙපාර්ශ්වයේ ඒ වසර 41 ක් ඉපැරැණි දේශසිමා අවුලට විසඳුමක් සොයා ගනිමින් ගොඩබිම් දේශසිමා ගිවිසුම (Land Boundary Agreement) ක්‍රියාත්මක තත්වයට පත්කර ගැනිමට තවදුරටත් එකඟත්වයට පත්විය.

2017 වසර සිදුවුනු අග්‍රාමාත්‍ය හසිනා මහත්මියගේ නවදිල්ලි චාරිකාව අතරතුර ආරක්ෂක, න්‍යෂ්ටික බලශක්ති, සයිබර් සුරක්ෂාව සහ ජනමාධ්‍ය යන කරුණු ඇතුලත් ගිවිසුම් ගණනාවකට අත්සන් තබා ඇත. ඉන්දියාව බංග්ලාදේශයේ සංවර්ධන ව්‍යාපෘති 17 ක් සඳහා 2017 වසර US$ බිලියන 3 ක් පමණ වටිනා ණය ශ්‍රේණියක් සහ 2017 වසර වරාය නවිකරණ කාර්‍යන් සඳහා තවත් US$ බිලියන 4.5 ක් ලබාදි ඇත.



බංග්ලාදේශයේ ජාතියේ පියාණන් වන සෙයික් මුජිබර් රෙහමාන්ගේ 100 වන ජන්ම සංවත්සරය 2020 වසරදි සැමරිමට යන අතරය මුළු බංග්ලාදේශයම ඊට සූදානම් වි සිටින සමයක සෙයික් හසිනා මහත්මියගේ මෙම සිදුවිමට නියමිත නවදිල්ලි චාරිකාවද සිදුවිමට නියමිතය. බංග්ලාදේශ නිදහස් අරගලයට සිදුකෙරුණු ඉන්දිය කාර්‍යභාරය අතිශය අගය කලහැකි දෙයක් වන ගමන්ම දෙරටේ සබඳතාවයත් දැන් උච්ජතම අවදියක පැමිණි ඇත. ඉන්දියාව දිගුකාලින දකුණු ආසියා කලාපිය සාමය සහ ස්ථාවරත්වය උදෙසා ශක්තිමත් සහ සමාද්ධිමත් බංග්ලාදේශයකට නිරතුරුව අපේක්ෂා කරයි.

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ