රුසියා-ඉන්දියා-චීන ත්‍රෛපාර්ශ්වික හමුව


අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජපානයේ, ඔසාකාහි (Osaka) පැවැත්වුනු G20 ශිඛර සමුළුව අතරතුර චීනයේ ජනාධිපති ෂි ජින්පිංග් සහ රුසියාවේ ජනාධිපති ව්ලැඩිමිර් පුටින් යන නායකයින් දෙදෙනා සමගින් ත්‍රෛපාර්ශ්වික හමුවක් පැවැත්විය. රුසියාව, ඉන්දියාව සහ චීනය යන රටවල් තුනේ (RIC) එම ත්‍රෛපාර්ශ්වික හමුවෙන් එක්සත් ජනපද සම්බාධ වලට මැදිවි සිටින රුසියාවට සහ තිරු බදු ප්‍රශ්ණයකට මැදිවි සිටින චිනයට ඉන්දියාව කොතරම් වැදගත්ද යන්න ගැනත් විදහා දැක්විමක් සිදුව ඇත. එම අනියමිත හදිසි හමුවෙන් එකිනෙකා අතර සමිපසම්බන්ධතා පවත්වාගෙන යාමේ RIC රටවල් අතර ඇති අවශ්‍යතාවයද තවදුරටත් විදහා දැක්විමක් සිදුව ඇත.

2003 වසර යුගය සිට RIC සාමාජික රටවල් රැසේ විදේශ කටයුතු අමාත්‍ය වරුන් පිරිස විවිධාකාර ගනුදෙනු පවත්වාගෙන ගිය අතරට ප්‍රථම RIC සාමාජික රටවල් රැසේ රාජ්‍ය සහ ආණ්ඩු වල ප්‍රධානින්ගේ හමුව 2006 පැවැත්වුනි. රුසියාවේ, පැවැත්වුනි. රුසියාවේ, ශාන්ත පිටර්ස්බර්ලහි එවක පැවැත්වුනු G8 හමුව අවශන් වු විගස එවක චීන ජනාධිපති හු ඡින්ටාඕ, රුසියාවේ ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සහ එවක ඉන්දිය අග්‍රාමාත්‍ය ආචාර්‍ය.මන් මොහන් සිං අතර එම හමුව සිදුවිය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ෂි ජින්පිංග් සහ ජනාධිපති ව්ලැඩිමිර් පුටින් අතර 2018 වසර නොවැම්බර් මසදිත් ඊට හා සමාන හමුවක් පැවැත්වුනු අතරට, මේ දැන් පවත්වන ලද හමුවෙන් තිදේනාගේ සුහදතාවය නව තලයකට නංවා ගැනිමට හැකිවි ඇත. නායකයින් තිදෙනා 2019 රුසියාවේ ව්ලැඩිවොස්ටොක්හි (Vladivostok) පැවැත්විමට යන නැගෙනහිර ආර්ථික මණ්ඩල (Eastern Economic Forum) හමුවේදි නැවත හමුවිමට අපෙක්ෂා කරති. ආරක්ෂණවාදයෙන් සහ ඒකපාර්ශ්විකවාදයෙන් විශාළ විධයෙන් බලපෑම් එල්ලවිගෙන යුගයක මෙන්ම ගෝලිය ආර්ථික පසුබිමට එයින් සිදුකෙරෙන නකාරාත්මක බලපැම් යටතේ RIC රටවල් අන්න්‍යෝන්‍ය අවශ්‍යතා යටතේ සාමුහිකව නැගි සිටිමේ අවශ්‍යතාවය එම හමුවෙන් තවදුරටත් විදහා දැක්විම සිදුව ඇත.

එම හමුවෙන් සිදුකෙරෙන අනිත් වාසිය නායක්යින් තිදෙනාට එකිනෙකාගේ නායකත්වය සහ ආත්මවිශ්වාසය තහවුරු කරමින් වැඩි වැඩියෙන් එකිනෙකා ගැන දැනුවත් කරමින් සුහදතාවය තහවුරු කරගැනිමට ඉඩ ගෙනදිමය. පොදු අවශ්‍යතා යටතේ මනා උපදේශනය යටතේ රටවල් තුන අතරේ උපාය මාර්ගමය ගනුදෙනු ශක්තිමත් කරගැනිමටද මෙයින් ඉඩ ගෙනදි ඇත.

ගොලිය ත්‍රස්තවාදයෙන් එල්ලවේගෙන එන අභියෝගය, රටවල් තුන අතර පවත්වාගෙන යන වෙළඳ ගනුදෙනු ශක්තිමත් කරගැනිම, ජාත්‍යන්තර හොට් ස්පොට්ස් සහ දේශගුණික විපර්යාසය යන විෂයන් ඔසාකා ත්‍රෛපාර්ශ්වික හමුවෙන් සැළකිල්ල දැක්විම සිදුව ඇත. මෝදි මහතා එම හමුවිම් මගින් ත්‍රස්තවාදය සම්බන්ධ ගෝලිය සම්මන්ත්‍රනයක් සංවිධානය කිරිමේ තම අපෙක්ෂාවට ජනාධිපති ෂිගේ සහ ජනාධිපති පුටින්ගේ සහයෝගය අපෙක්ෂා කොට ඇත. ත්‍රස්තවාදය සම්බන්ධ විවිධාකාර බහුපාර්ශ්වික මට්ටමේ ගිවිසුම් ගිවිසගෙන යන නමුදු ත්‍රස්තවාදය සම්බන්ධ නිර්වචන පිරිනමන සමුළු පවත්වා නොමැත. සං හායි සහයෝගිතා සමුළුව අතරතුරත් ගෝලිය ත්‍රස්තවාදය ගැන සැළකිල්ල යොමුකර දෙමින් ඊට එරහිව ත්‍රියාමාර්ග ගැනිමට එකඟත්වයට පත්ව ඇත. ත්‍රස්තවාදය මැදපැවැත්විම් සම්බන්ධයෙන් මුල්‍ය ක්‍රියාකාරි කාර්‍යසාදක මණ්ඩලය (Financial Action Task Force), (FATF) පාකිස්තානයට එහිව නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරයි. FATF මණ්ඩලය මෑතදි නිකුත්කොට තිබුනු ප්‍රකාශණයකින් ගෝලිය ත්‍රස්තවාද කාර්‍යන්හි පාකිස්තානය සිට ක්‍රියාත්මකවේගෙන යන ත්‍රස්තවාද කණ්ඩායම් මගින් සිදුකෙරන කොටස්දායකත්වය මනාව විදහා දක්වා ඇත.

චීන ආකල්පයට එම ත්‍රෛපාර්ශ්වික හමුවිම් මගින් Eurasia විෂයට අතිශයෙන් වැදගත් වන ගමන්ම ස්විපාර්ශ්වික සම්බන්ධතා වලට ධනාත්මක බලපෑම් ඇතිකරළිමටත් තුඩුදි ඇති බවය. “ ඉන්දියාව සහ රුසියාව සමගින් චිනය පවත්වාගෙන යන සම්බන්ධතා වල සෑහෙන්න වර්ධනයක් දක්නට ලැබෙන බවත් රටවල් තුනේ නායකයින් තිදෙනාත් නිරන්තරව සමීපව ගනුදෙනු පවත්වාගෙන යන බව ” චින සහාය විදේශ කටයුතු අමාත්‍ය ශං ජුන් මහතා පවසා ඇත. “ගෝලිය සාමයට ලබා දෙන කොටස්දායකත්වය ගැන සළකා බලමින් ගෝලිය ප්‍රශ්ණ සම්බන්ධයෙන් පවත්වාගෙන යන සම්බන්ධිකරණය ශක්තිමත් කරගැනිම, බහුපාර්ශ්විකවාදයට එරහිව සාමුහිකව නැගි සිටිම, ආරක්ෂණවාදයට එරහිව නැගි සිටිමට මෙන්ම බහුපාර්ශ්වික සහ ජාත්‍යන්තර කාර්‍යන්හි පවත්වාගෙන යන සහයෝගිතා ශක්තිමත් කරගැනිම යන විෂයටද මෙම හමුවිම් අතිශයෙන් වැදගත් වන බව” ඔහු තවදුරටත් පෙන්වාදි ඇත.

රුසියාවට අනුව සෑම ක්ෂේත්‍රෙයකින්ම චීනය රුසියාව අභිබවාගෙන යන මධ්‍යයේ ගෝලිය රටාවේහි ඉන්දියාවට මධ්‍යස්ථව කටයුතු කිරිමට සහ විශාළ කාර්‍යබාරයක් ඉටු කිරිමට හැකියාව තිබෙන බවය. ගෝලිය භූ-දේශපාලනමය සහ භූ-ආර්ථිමය විෂයන් වලත් ඉන්දියාව එකසත් ජනපද ඒකාදිකාරත්වය අභිබවා ස්වාධිනව නැගි සිටිමකට රුසියාව සහ චිනය යන රටවල් දෙකේ බළාපොරොත්තුව වේ.



RIC ත්‍රෛපාර්ශ්වික හමුව මධ්‍යයේ 'ජයි' (JAI) ජපන්, ඇමරිකා සහ ඉන්දියා (Japan, America and India) ත්‍රෛපාර්ශ්වික හමුවකුත් ඔසාකාහි පැවැත්වුනි. ත්‍රෛපාර්ශ්වික ගනුදෙනු ලෝක දේශපාලනමය පසුබිමේහි දැන් ඉන්දිය නව බහු-ජාතික උපායමාර්ගයක් බවට පත්ව ඇත.

පිටපත: චීන උපායමාර්ග කටයුතු විශ්ලේෂක,ආචාර්‍ය.රාජ්දීල් පකනටි ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ