පාර්ලිමේන්තු සතිය

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍ය.එස් ජයිසංකර් මහතා, අයි සි ජේ (ICJ) හවත් ජාත්‍යන්තර යුක්තිය කටයුතු අධිකරණය (International Court of Justice) විසින් ඉන්දිය පුරවැසි කුල්භූෂන් ජාදව් සම්බන්ධයෙන් පිරිනමන ලද තින්දුවත් සමගින්ම ඔහුව නිදහස් කොට ඉන්දියාවට ආපසු පිටත්කොට එවන ලෙසින් පාකිස්තානයෙන් තවදුරටත් ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තු සභාග දෙකේ ප්‍රකාශණයක් නිකුත් කරමින් ඔහු ජාත්‍යන්තර අධිකරණයේ එම තින්දුව නීතිය සහ යුක්තියට මෙන්ම ජාත්‍යන්තර න්‍යාමයන්ට සහ ඉන්දියාවට මෙන්ම ජාදව්ට දිනාගැනිමට හැකිවුනු අද්විතිය ජයක් වන බව යැයි පෙන්වාදි ඇත. ජාදව් අහිංසකයෙක් මෙන්ම ඔහුට එරහිව එල්ලකොට තිබුනු සෑම චෝදනාවක්ම ව්‍යාජ ඒවා බවත් පෙන්වා දුන් ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය වරයා, බලයෙන් ඔහුගෙන් කටඋත්තර රැගෙන ඒවා ප්‍රචාර කිරිමෙන් සත්‍යය වෙනස් කල නොහැකි බව යැයි තවදුරටත් පැහැදිළි කොට ඇත.ජාත්‍යන්තර අධිකරණය පාකිස්තානය වියේනා සම්මුතිය උල්ලංගණය කල බව තවදුරටත් චෝදනා එල්ලකොට ඇත. ඊට අමතරව කුල්භූෂන් 

හමුවිමට ඉන්දිය රාජ්‍යතාන්ත්‍රිකයින්ට පමාදයකින් තොරව අනුමැතිය ලබා දෙන ලෙසින් ජාත්‍යන්තර අධිකරණය ඉස්ලාමාබාදයට තවදුරටත් නිර්දේශ කොට ඇත. පාකිස්තානය වියේනා ජාත්‍යන්තර සම්මුතින් උල්ලංගණය කල බව ජාත්‍යන්තර අධිකර්‍ය තවදුරටත් අවධාරණයට ලක්කොට දුන් බව ආචාර්‍ය.ජයිශංකර් මහතා පාර්ලමේන්තු සභිකයින්ට තවදුරටත් පෙන්වාදි ඇත. 

පාර්ලිමේන්තු රාජ්‍ය සභාවට 2019 වසර (සංශෝධිත) ජාතික පරික්ෂණ ඒජන්සිය සම්බන්ධ පනත (National Investigation Agency (Amendment) Bill, 2019) ඒකමතිකව සම්මත කරගැනිමට හැකිවිය. මෙම පනත පාර්ලිමේන්තු ලොක් සභාවේහි මෙයට කලින් සම්මත කරගැනිමට හැකිවිය. එම පනතින් ඉන්දියාවෙන් පිට සහ රට තුල රටට එරහිව කටයුතු කරගෙන යන පුද්ගලයින් ගැන සහ කණ්ඩායම් සහ අපරාධකරුවන් ගැන පරික්ෂණ පවත්වාගෙන යන ඒජන්සි වලට තවදුරටත් බලතල පැවරිමකට අවශ්ථාව ගෙනදි ඇත. නිති විරෝධි මානව සහ මත්ද්‍රව්‍ය මෙන්ම අවි-ආයුධ ජාවරම්, ව්‍යාජ මුදල් ජාවාරම් සහ ගනුදෙනු, තහනම් කරන ලද අවි ආයුධ විකිණිම් සහ මිලදි ගැනිම්, සයිබර් මාධ්‍ය අපරාධ සහ ත්‍රස්තවාද කටයුතු එම පනතින් සෝදිසි කිරිමට සහ පරික්ෂණ පවත්වාගෙන යාමට අදාල බලධාරින්ට එම පනතින් තවදුරටත් ශක්තිය ලබාදි ඇත. එම විෂය සම්බන්ධයෙන් වු විවාදයට තම ප්‍රතිචාර දක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාහ් මහතා, එම පනතින් රටින් පලාගිය දේශිය අපරාධ කරුවන්ට සහ දේශිය අවශ්‍යතා වලට එරහිව කටයුතු කරන කණ්ඩායම් සහ පුද්ගලයින්ට එරහිව දැඩි ක්‍රියාමාර්ග ගැනිමට නිතැතින් අවශ්ථාව සහ ශක්තිය ගෙනදිය හැකි යැයි සඳහන් කර ඇත. 

පර්ලිමේන්තු රාජ්‍ය සභාවට පාර්ලමේන්තු සභිකයින්ගේ වාචික ඡන්ද මගින් 2019 වසර නවදිල්ලි ජාත්‍යන්තර මැදිහත්කාර මධ්‍යස්ථානයක් ගොඩනගා ගැනිමේ පනතත් (New Delhi International Arbitration Centre Bill, 2019) සම්මත කරගැනිමට හැකිවිය. පාර්ලමේන්තු ලෝක් සභාවට මෙයට කලින් එය සම්මත කරගැනිමට හැකිවිය. මෙම පනතින් යම් යම් ජාත්‍යන්තර මට්ටමේ විෂයන් සම්බන්ධව ස්වාධිනය ආයතනාත්මකව විසඳුම් සහ විකල්ප සොයා ගැනිමට මාර්ග පාදාදිමක් ගැන අපෙක්ෂා කරයි.

පාර්ලිමේන්තු ලෝක් සභාවේහි 2019 වසර, මුල්‍ය පනත (Finance Bill, 2019) සම්මත කරගැනිමට හැකි විය. මෙයින් 2019-2020 වසර අතරට මධ්‍ය රජයේ යෝජනා සඳහා මුදල් වෙන් කිරිමට මාර්ගය සැළසි ඇත. එම පනත ගැන පැහැදිළි කිරිමක් පිරිනමමින් මධ්‍ය රජයේ මුදල් අමාත්‍ය නිර්මලා සිතාරමන් මහත්මිය, එයින් 'make in India' සහ 'Start-ups' වැනි මුලපිරුම් ඉදිරියට ප්‍රවර්ධන කරගැනිමට අතිවිශාළ විධියෙන් ආධාරකාරිවිමක් ගැන බළාපොරොත්තු පලකොට ඇත. 

ඉන්දියාව සහ චින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගැන ලෝකසභාවට කරුණු දක්වන ආරක්ෂක කටයතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා විශේෂයෙන්ම දේශසිමා ප්‍රදේශ අවට සාමය සහ සංහිඳියාව පවත්වා ගැනිම සඳහා එකිනෙකා අතර ගිවිසගත් ද්විපාර්ශ්වික ගනුදෙනු වලට ප්‍රමුඛත්වය ලබාදීගෙන කටයුතු කරගෙන යන බවයැයි පෙන්වාදි ඇත. මෙම මස 6 වැනිදා සිදුවුනු අධ්‍යාත්මික ගුරු පුජ්‍ය දලයි ලාමා හිමියන්ගේ ජන්ම දිනය මොහොතේදි නියමිත පාලන දේශසිමාව දිගේ ඩෙම්චොක් කොටසේ (Demchok Sector) විශාළ චිනුන් පිරිසක් කඩා වැඩි තිබුනු බවත යන වාර්තාවක් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු සබිකයෙක්ු ඇසි ප්‍රශ්ණයකට පිළිතුරු සෙමින් ආරක්ෂක කටයුතු අමාත්‍ය වරයා එම කාරණය සඳහන් කොට ඇත. ඩොක්ලාම් (Doklam) සිද්ධියේදිත් දෙපාර්ශ්වයේ ආරක්ෂක බලකාය මානා සංයමයකින් කටයුතු කොට තිබුනු බව ආරක්ෂක කටයතු අමාත්‍ය වරයා තවදුරටත් පෙන්වාදි ඇත. 

පාර්ලිමේන්තු රජ්‍ය සභාවට තවත් විශේෂ කරුණක් ගැන සැළකිල්ල යොමුකරවු සදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය නිත්‍යනන්ද් රායි මහතා, රට තුල නිති විරෝධි සාංක්‍රමණිකයින්ගේ කඩා වැදිම් වලක්වා ගැනිම සඳහා රජය පියවරවල් ගණනාවක් රැගෙන යන බව යැයි පෙන්වාදි ඇත. ජාත්‍යන්තර දේශසිමාව දිගේ වැට බැඳිම් සහ දේශසිමාව දිගේ ගෙනයන ආරක්ෂක මුර කටයුතු තියුණු කරගැනිම වැනි කරුණු ඊට ඇතුලත් වන බව යැයි එහු තවදුරටත් පෙන්වාදි ඇත. 

පාර්ලිමේන්තු ලෝක් සභාවට ඊට හා සමාන විෂයක් ගැන කරුණු දැක්වු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වි. මුලලිධරන් මහතා, රජය සිදුකරගෙන ගිය දැඩි ප්‍රයත්නවල් මගින් විශේෂයෙන්ම 2014 වසර සිට පාකිස්තානයේ භණ්ඩනාගාර වල සිර දඬුවම් විඳිමින් සිටිය ඉන්දිය වැසියන් 2,110 ක් මුදවාගෙන නිරුපද්‍රිතව රටට ආපසු ගෙන්වා ගැනිමට හැකිවුනු යැයි පෙන්වාදි ඇත. 

එක්සත් ජාතින්ගේ සංවිධානයේ 2021-2022 යන වසර අතර 2013 වසර නොවැම්බර් මස සිට හිස්ව තිබුනු ආසියා - පැසිෆික් කණ්ඩායම සඳහා වෙන්කරවන ලද කේවල ස්ථාවර නොවන අසුනට ඉන්දියාව අපෙක්ෂක්තවයට ඉදිරිපත්වි තිබෙන බව රාජ්‍ය අමාත්‍ය වරයා තවදුරටත් පෙන්වාදි ඇත. ඒ සමගින්ම 2019 වසර ජූනි මස ඉන්දියාවට එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ 2021 – 2022 වසර අතරට ස්ථාවර නොවන නිල වාරයකට වරමක් පිරිනැමුනු යැයි ඔහු තවදුරටත් සඳහන් කොට ඇත. ඉන්දියාවට පිරිනැමුනු එම නිල කාලයට ඊට සහභාගිවුනු ආසියා පැසිෆික් කණ්ඩායමේ (Asia Pacific Group) සාමාජික රටවල් 55 කගේ අනුමැතිය පිරිනැමුනු බව ඔහු ප්‍රකාශ කොට ඇත. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ 2021-22 යන වසර නිල කාලය සඳහා ස්ථාවර නොවන අසුන සඳහා කෙරෙන ඡන්ද විමසුම නිව්යෝර්ක්හි 2020 ජුනි මස පැවැත්විමට නියමිතය.


පිටපත: ජනමාධ්‍යවේදි, වි.මොහන් රාඕ ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ