ඉන්දියාව එක්සත් ජනපදයේ ආගමික නිදහස පිලිබඳ වාර්තාව ඉවත දමයි

පිටපත: දිල්ලි සමාජ විද්‍යා අධ්‍යයන ආයතනයේ, අධ්‍යක්ෂක, ආචාර්‍ය. ඈස් නාරායන් රොයි ගෙන්

එක්සත් ජනපදය නැවත වරක් තමන් සදාචාරාත්මක බලධාරියෙක් ලෙසින් ලෝකයාට හුවා දක්වමින් ඉන්දිය ආගමික නිදහස ගැනත් විවේචන කරමින් විවෘතව තම කපටිකම විදහා දැක්විම සිදු කොට ඇත. ජාත්‍යන්තර ආගමික නිදහස ගැන එක්සත් ජනපදය වාර්සිකව පිරිනමන තම වාර්තාවෙන් අනිත රටවල් වල ආගමික නිදහස සම්බන්ධයෙන් වන විශ්වසනියත්වය ඇදගෙන නැවත වරක් ලෝකයේ සදාචාරාත්මක කේෂ්ත්‍රයේ නායකයා ලෙසින් කටයුතු කිරිම සිදුකොට ඇත. එම වාර්තාව මගින් “ මුළු 2018 වසර පුරාම සුළුතර ජනසමාජයට එරහිව නොකඩවාම සාමුහික හිංසන කටයුතු සිදුවි තබුනු බව ” පෙන්වාදි ඇත. ඉන්දිය රජය එම වාර්තාව මුළුමණින්ම බැහැර කරමින්, “ අපේ පුරවැසියන් සම්බන්ධව විවේචණ කිරිමට කිසිවෙකුටත් අයිතියක් නොමැත බව යැයි” පෙන්වාදි ඇත. “ ඉන්දියාව තම ධර්මනිරපෙක්ෂිතභාවය ගැන මෙන්ම විශාළතම ප්‍රජාතන්ත්‍රවාද රාජ්‍යයක ලෙසින් සහ ඉවසිම මෙන්ම සෑම දැයක්ම අන්තර්ගත චිරස්ත බහුජනවාර්ගික සමාජය ගැන අතිශය සාඩම්බර වන බව ” එම ප්‍රකාශණයෙන් තවදුරටත් පැහැදිළි කොට ඇත.

එක්සත් ජනපද ජාත්‍යන්තර ආගමික නිදහස තමිටුවේ සභාපති තෙන්ජින් දොර්ජිට අනුව, “ ඉන්දියාව ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදි සහ අධිකරණ පද්ධතියක් සහිත සහිත විවෘත සමාජයකින් යුත් රටක් ” බවය. එය තරමක විශ්මිත ප්‍රකාශයක් ලෙසින් දක්නට ලැබේ. එම වාර්තාව යටතේ “ දැඩි ලෙසින් ආගමික නිදහස උල්ලංගණ කරන ” රටවල් ගැන සැළකිල්ල දැක්විම සිදුකරයි. ට්‍රම්ප් පරිපාලනයට මෙම විෂය සම්බන්ධයෙන් දේශිය මට්ටමින් විහාළ සහයෝගයක් ලැබි තිබෙන බව දක්නට ලැබේ. උප ජනාධිපති මයික් පෙන්සේ, වොෂින්ටන් ඩි.සි. හි පසුගිය වසර දෙසුමක් අමතමින් “ ට්‍රම්ප් පරිපාලනය ප්‍රමුඛත්වය දෙන අංශ අතර ආගමික නිදහසත් එක් වැදගත් කරුණක් ” යැයි අවදාරණය කොට ඇත. “ ආගමික නිදහසට එල්ල වන අභියෝගවල්, ඊට එරහිව ගතහැකි පියවරවල් සහ සුළුතර ආගමික කොටස්ට අයත් සමාජයට එල්ලවන අසාධාරණ සැළකිලි ” ගැනත් සාකච්ජා කරගෙන යන බව ඔහු තවදුරටත් සඳහන් කොට ඇත.

එක්සත් ජනපදය සෑම විටකදිම තමන්ට පක්ෂපාති රටවල් වලට ඉදිරියට යාමට ඉඩ දෙමින් මානව අයිවාසිකම් උල්ලංගන, ආගමික නිදහස සහ ජනමාධ්‍ය නිදහස යන විෂයන් ඇදගෙන තමන් අකමැති රටවල් වලට විවේචන කිරිම සිදුකයි. එක්සත් ජනපදය සහ මිත්‍රපාක්ෂික රටවල් විසින් සිදුකරගෙන යන අපරාධ ගැන නිහඬව ව සිටින වොෂිනටනය අනිත් රටවල් වලට විවේචන කිරිම සිදුකරගෙන යයි. “නිදහස්”, “තරමකින් නිදහස්” සහ “නිදහසක් නැති” යන කොටස් වලට බෙදමින් ඉන්දියාව ජනමාධ්‍ය නිදහස නොමැති ගොඩට ඇතුලත් කරවා ඇත. ඉඑය අතිශය හාස්‍යජනක කරුණක් ලෙසින් දැක ගත හැකිය. එය කිසිදු වැදගැම්මක් නැති කරුණක් ලෙසින් තවදුරටත් දැකගත හැකිය.

අනිත් රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය ගැන සහ මානව අයිතිවාසිකම් උල්ලංගණ ගැන විවේචන කරන ට්‍රම්ප් පරිපාලනයට දැන් ෆ්‍රීඩොම් ඔෆ් හවුස් (Freedom House) වාර්තාවෙන් විචේචන එල්ලවි ඇත. එම වාර්තාව යටතේ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්වි ගිය නමුදු ට්‍රම්ප් පරිපාලන අතරට පාලන නිතිය, ජනමාධ්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ න්‍යාමයන් වලට එල්ලවුනු තර්ජන මගින් එය සෑහෙන දුරට පසුබැස්මකට මැදිවි ගිය යැයි තවදුරටත් පෙන්වාදි ඇත. එවැන්නක් සිදු නොවිය යුතු යැයි ප්‍රකාශ කරමින් ෆ්‍රීඩොම් ඔෆ් හවුස් වාර්තාව යටතේ වර්තමාන එක්සත් ජනපද පරිපාලනයට අනතුරු හැඟවිම් නිකුත් කොට ඇත.

එක්සත් ජනපදයේ ජාතයන්තර ආගමික නිදහස සම්බන්ධ (US Commission on International Religious Freedoms) කමිටුව 2009 වසර සිටඉන්දියාව දැසට තම අවධානය දැක්විම සිදුකොට ඇත. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය සෑම විටකදිම එම කමිටුවේ වාර්තවා තදින්ම බැහැරකොට ඇත. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය 2015 සහ 2016 යන වසර දෙකේත් එම වාර්තාව බැහැර කොට තිබුනි. ජනාධිපති බරක් ඔබමාත් තම ඉන්දිය සංචාරය අතරතුර ඉන්දිය ආමික නිදහස ගැන ප්‍රශ්ණ කොට ඇත.

ඉන්දිය ආගමික නිදහස ගැන කිසුදු රටකට වුවද ප්‍රශ්ණ කල නොහැක. ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණ පද්ධතිය, මානව අයිතිවාසිකම් කොමිසම, ජාතික සුළුතර ජනතා කටයතු අමාත්‍යාංශය වැනි ඊට අදාළ අංශ ගණනාවක් ඉන්දියාව සතුව ඇත. එම ඒකක වලට ක්‍රියා කිරිමට බලය නොමැති නමුදු ඕනෑම පැමිණිල්ලක් පරික්ෂණ පැවැත්විමට පියවරවල් ගන්නා ලෙසින් නිර්දේශ කිරිමට බලය ඇත.

බොහෝ දෙනාට අනුව, එක්සත් ජනපදය ඉන්දිය ආගමික නිදහස ගැන වැරදි අවබෝධයක් ඇතිකරගෙන තිබෙන බවය. ඒ අතරම එක්සත් ජනපදයට අවශ්‍යව ඇත්තේ ඉන්දිය ආගමික නිදහසට වඩා ස්ථාවර ඉන්දිය අභ්‍යන්තර ත්තවයේහි ආරවුල් මතුකරළිම වේ. ඉන්දිය සෑම සුළුතර ජන කොටසකටම ඉන්දිය ව්‍යවස්ථාව යටතේ සුරක්ෂාව පිරි නැමේ. රටවල් ගණනාවක් ඒ ඒ රටවල් වලට එම අයිතිය ලබා නොදෙති. “ ඉන්දිය ධර්මනිරපෙක්ෂිතභාවයට කිසිවෙකුට වුවද අභියෝග කල නොහැකි ” යැයි වරක් පුර්ව අග්‍රාමාත්‍ය ආටල් බිහාරි වජ්පායි මහතා සඳහන් කොට තිබුනි. එම ප්‍රකාශය නිතැතින්ම මෙහිදි සිහිගෙන්වේ.

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ