ඉන්දු - කිර්ගිජ්තාන් සබඳතා ඉහල නැංවිමකට

කිර්ගිජ් ජනරජයේ (Kyrgyz Republic) ජනාධිපති, සුරොන්බේ ශරිපොවිච් ජින්බෙකොව් මහතා (Sooronbay Sharipovich Jeenbekov) අග නගර නවදිල්ලියේහි 2019 වසර මෙයි මස 30 දා පවත්වන ලද අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි ගේ දිවුරුම් දිමේ උත්සවයට සහභාගි විය. BIMSTEC සාමාජික රටවල් රැසේ නායකයින් පිරිස, මුරුසිසයේ (Mauritius) අග්‍රාමාත්‍ය වරයා හැරුනු විට එම වැදගත් සිද්ධියට සහභාගි කරවිමට ආරාධන කොට තිබුනු ගෝලිය නායකයින් අතරට ඔහුත් ඇතලත් ව ඇත.

එස් සි ඕ (SCO) හෙවත් සං හායි සහයෝගිතා සංවිධානයේ (Shanghai Cooperation Organization) වර්තමාන සභාපති රාජ්‍යය කිර්ගිජ්තානය වේ. මධ්‍ය ආසියා කලාපයේ ඉන්දිය වැදගත්ම හවුල්කරුවාත් කිර්ගිජ්තානය වේ. ජනාධිපති ජින්බෙකොව් අග්‍රාමාත්‍ය මෝදිට තම හෘද්‍යාංග සුබපැකුම් පුදකරමින් අනතුරුව 2019 වසර ජූනි 13 – 15 අතර පැවැත්වෙන එස් සි ඕ (SCO) හමුවට සහභාගිමට සහ කිර්ගිජ්තානයට ද්විපාර්ශ්වික සංචාරයකට පැමිණෙන ලෙසින් ආරාධනා කර ඇත.

ඉන්දු - කිර්ගිජ්තාන් සුහද සහ සමිප සමබන්ධතා සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය මෝදි පසුගිය වසර ගණනාවක සිට ශක්තිමත් විගෙන ගිය ද්විපාර්ශ්වික ගනුදෙනු ගැන සෑහිමට පත්වන බව යැයි පෙන්වාදි ඇත. අග්‍රාමාත්‍ය මෝදි සිය දිවුරුම් දිමේ උත්සවයට සහභාගි විම ගැන ඉතසිත සතුට සහ කෘතඥතා පළකරමින් කිර්ගිජ්තානයට පැමිණෙන ලෙසට කල ආරාධනයටද සිය කෘතඥතාවය පළ කොට ඇත. තමන් එම චාරිකාව ගැන ඉතසිත අපේක්ෂාවෙන් පසුවන බව මෝදි මහතා තවදුරටත් සඳහන් කලේය.

ඉන්දියාව ඈත අතිතය සිට විශේෂයෙන්ම කිර්ගිජ්තානය ඇතුළුව ඒ ඉපැරැණි සේද මාර්ගයේ කොටසට අයත් මධ්‍ය ආසියාතික රටවල් සමගින් ඉතාමත් සමිප සම්බන්ධතා පවත්වාගෙන පැමිණි ඇත. සෝවියට් යුගයේ (Soviet era) ඉන්දියාව කිර්ගිජ් ජනරජය (Kyrgyz Republic) සමගින් ඉතාමත් සිමිත දේශපාලන, ආර්ථික සහ සංස්කාතික සම්බන්ධතා පවත්වාගෙන ගොස් තිබුනු විධිය පැහැදිලිව දක්නට ලැබුනි. එවක හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා, 1985 වසර භිෂෙක් (Bishkek) සහ ඉස්සික්-කුල් ලෙක් (Issyk-Kul Lake) යන ස්ථාන නැරැඹිමට ගියේය. 1992 වසර අගොස්තු 31 දා සිදුවුනු කිර්ගිජ් ජනරජයේ ස්වාධිනත්වයත් සමගින් එරට සමගින් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගා ගත් ප්‍රථම රටත් ඉන්දියාව වේ. එය සිදුවුයේ 1992 වසර මාර්තු 18 දා ය. ඉන්දියාව 1994 වසර මෙයි 23 දා සිට කිර්ගිජ් ජනරජයේහි තම ස්ථාවර රාජ්‍යතාන්ත්‍රික කාර්‍යාලයක් පවත්වාගෙන යාම සිදු කොට ඇත.

කිර්ගිජ් ජනරජය සමගින් පවත්වාගෙන යන සබඳතා සාම්ප්‍රදායිකව අතිශයෙන් උණුසුම් සහ මිත්‍රශීලි එකක් විය. තිර්ගිස්තානය එ.ජා.සං. ආරක්ෂෙක මණ්ඩලයේ (UNSC) ස්ථිර අසුනක් දිනා ගෙනිමට ඉන්දියාව දරන ප්‍රයත්නයටත් නොමඳ සහයෝගය පිරිනමාගෙන යයි. කිර්ගිජ්තානය, සං හායි සහයෝගිතා සංවිධානයේ (Shanghai Cooperation Organization), (SCO) අංගසම්පූර්ණ සාමාජිකත්වය දිනා ගැනිමට ඉන්දියාව දරන ලද ප්‍රයත්නයටත් සහයෝගය පලකලාය. ත්‍රස්තවාදය, මූලධර්මවාදය සහ මත්ද්‍රව්‍ය ජවාරම් වැනි තර්ජන ගැනත් දෙරටම පොදු ආකල්පයක යටතේ කකටයුතු කරගෙන යයි. 1992 වසර දෙරට අතරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගා ගත්දා සිට සංස්කෘතික, වෙළඳාම් සහ ආර්ථික සහයෝගිතා, සිවිල් ගුවන් සේවා, ආයෝජන ප්‍රවර්ධන සහ ආරක්ෂාව, ද්විත්ව අයුබදු පිලිවෙත් වලින් ඉවත්විම්, කවුන්සලර් මට්ටමින් සාකච්ජා පවත්වාගෙන යාම වැනි විෂය්නට අදාළ ක්‍රියාරාමු ගිවිසුම් ගණනාවකට ඉන්දියාව සහ කිර්ගිජ්තානය අත්සන් තබා ඇත.

භිෂෙක්හි (Bishkek), පැවැත්වුනු ප්‍රථම ඉන්දු - මධ්‍ය ආසියා ට්‍රැක්- II සංවාදයට (India-Central Asia Track-II Dialogue) සහභාගි විම සඳහා 2012 වසර මෙයි මස 10 – 13 යන දිනයන්හි සිදුවුනු ඉන්දිය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වරයාගේ කිර්ගිජ්තාන් සංචාරය මධ්‍යයේ නවදිල්ලිය, 'ඉන්දිය මධ්‍ය ආසියා යා කිරිමේ ප්‍රකිපත්තිය' (Connect Central Asia Policy) නැමති තම නව විදේශ පිලිවෙත ප්‍රකාශයට පත් කලාය. ටෙලෙ-ඖසධ (tele-medicine) සහ ටෙලෙ-අධ්‍යාපන (tele-education) යන අංශ දෙක ප්‍රවර්ධන සඳහා ඉන්දියාව මධ්‍ය ආසියාවේහි ‘e-Network’ ජාලයක් දියත් කොට ඇත. ජසමසමනකන්බෙකොව් සුරොන්බේ ශරිපොවිච් ජිනබෙකොව් අග්‍රාමාත්‍ය

එවක ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය වරයා සං හායි සහයෝගිතා (SCO Summit) ශිඛර සමුළුවට සහභාගි විම සඳහා 2013 වසර සැප්තැම්බර් මස කිර්ගිජ්තානයට චාරිකාවකට නිරත විය. එම හමුව අතරතුර ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය වරයා ඉරානයේ ජනාධිපති හස්සාන් රෞහානි (Hassan Rouhani), මොංගෝලියාවේ (Mongolian) ජනාධිපති එල්බෙග්ඩොර්ග් (Elbegdorg) සහ SCO සංවිධානයේ මහ ලේකම් මජෙන්ත්සෙව් (SCO Secretary General Mazentsev) හමු විය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2015 වසර ජූලි මස කිර්ගිජ්තානයට සංචාරයකට නිරත විය. එය ඉන්දිය අග්‍රාමාත්‍ය වරයෙක් වසර 20 න් අනතුරුව කිර්ගිස්තානයට කල චාරිකව විය. අග්‍රාමාත්‍ය මෝදි එම චාරිකාවෙන් එවක කිර්ගිස් ජනරජයේ ජනාධිපති අල්මාසබෙක් අටම්බෙයෙව් (Almazbek Atambayev), කථානායක අශිල්බෙක් ජින්බෙකොව් (Asylbek Jeenbekov) සහ අග්‍රාමාත්‍ය ටෙමිර් සරියෙව් (Temir Sariyev) යන නායකයින්ව හමුවි අතිශය පුළුල් විධියෙන් සාකච්ජා පවත්වා ඇත. එම චාරිකාව මධ්‍යයේ මෝදි මහතා වික්ටරි චතුරශ්‍රයේහි (Victory Square) විර වරුන්ට ගෞරවය පුදකරමින් මල් වඩම් තැන්පත් කිරිම හැරුනු විට එතුමන් හමුදා රෝහල් ගණනාවකට වෛද්‍ය උපකරණ පිර නැමිම, කිර්ගිජ් - ඉන්දියා මවුව්ටන් ජෛව වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්තානයට (Kyrgyz-India Mountain Bio Medical Research Centre) සංචාරය කරමින් ඉන්දිය සුපර් ස්පෙසලියටි රෝහල් (super specialty hospitals) සහ කිර්ගිජ් රෝහල් අතරට Tele-medicine ප්‍රතිකාර විධින් යා කිරිම සිදුකරවමින් මහාත්මා ගාන්ධි පිලිරුවක් විවෘත කිරිම සිදු කොට ඇත. එම චාරිකාව අතරතුර ආරක්ෂක සහයෝගිතා, සංස්කෘතික, මැතිවරණ කටයුතු (Election) සහ ප්‍රමිතිකරණයට (Standardisation) යන අංශ අදාල අවබෝධතා ගිවිසුම් සතරකට ඉන්දියාව සහ කිර්ගිජ්තානය අත්සන් තබා ඇත. ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා සහ කිර්ගිජ්තාන් ජනාධිපති වරයා හම හමුව අවශානයේදි එකාබද්ධ ප්‍රකාශයකුත් පිරිනැමුවෝය. අනතුරුව 2019 වසර දෙසැම්බර් මස එවක කිර්ගිජ් ජනරජයේ ජනාධිපති අල්මාජ්බෙක් අටම්බෙයෙව් මහතාගේ ඉන්දිය චාරිකාව සිදුවිය.

ඉන්දිය - කිර්ගිජ් වෙළඳාම් වල අගය 20116-2017 අතරතුර US$ මිලියන 24.98 ක් ලෙසින් පෙන්නුම් කොට තිබුනි. ඉන්දියාව කිර්ගිජ්තානයට කල අපනයන වල අගයත් US$ මිලියන 22.66 ක් ලෙසින් දැක්වුනි. ඉන්දියාවේ කිර්ගිජ් අපනයනය US$ මිලියන 2.32 ක අගයක් පෙන්නුම් කොට ඇත. ඉන්දියාව ඇඳුම් පැළඳුම් සහ රෙදි පිළි, හම් භාන්ඩ. ඖසධ සහ ඖසධ නිෂ්පාදන උපකරණ, රසායණ සහ තේ කොල ඇතුළුව තවත් එදිනෙදා අත්‍යාවශ්‍ය භාණ්ඩ කිර්ගිජ්තානයට අපනයන කරයි. කිර්ගිජ්තානය අමු ලෝහ සහ වනේ වර්ග අපනයන කරයි.

ඉන්දිය තාක්ෂණික සහ ආර්තික සහයෝගිතා වැඩසටහන (Indian Technical and Economic Cooperation), (ITEC) යටතේ කිර්ගිජ්තානයේ මානව සංවර්ධන සහ ආර්ථික සංවර්ධන කාර්‍යන්හි ඉන්දියාව ගොඩබිමින් වටවු එම මධ්‍ය ආසියා රටට තාක්ෂණිකමය සහයෝග ලබාදිම සිදුකරගෙන යයි.


ජනාධිපති ජින්බෙකොව් ගේ නවදිල්ලි සංචාරය සහ භිෂෙක් නගරයට නැවත චාරිකාවකට නිරත විමේ අග්‍රාමාත්‍ය මෝදි දුන් සහතිකය දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉදිරියට ගෙනයාමට අතිශයෙන් ආධාරකාරිවිමක් සිදුව ඇත.


පිටපත : AIR සම්ස්ත ඉන්දිය ගුවන් විදුලි සේවයේ, ප්‍රවෘත්ති විශ්ලේෂක, පදම් සිං ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ