මෝදිගේ දෙවන නිල කාලයේ ඉන්දිය විදේශ ප්‍රතිපත්ති මුලපිරුම්
2014 වසර සිට ඉන්දියාව තවදුරටත් ශක්තිමත් කර ගැනිමේ අභිලාෂාත්මක ගමන ඉදිරියට ගෙනයාමට මේ දැන් පවත්වන ලද ප්‍රජාතාන්ත්‍රිය කාර්‍යයෙන් මිලියන 900 ක පමණ ඡන්දදායකයින් පිරිසකගෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගෙන් ලැබුනු වරමින් ඉදිරි වසර පහ සඳහා ඉන්දිය විදේශ ප්‍රතිපත්ති මුලපිරුම් වලටත් වාසින් රැසක් සළස්වාදි ඇත.
'සබ්කසාත්, සබ්කාවිකාශ්, සබ්කා විශ්වාශ්' (SabkaSaath, SabkaVikas, SabkaVishwas) හෙවත් 'සැම දෙනා සමගින්, සැම දෙනාටම සංවර්ධනය, සැමදෙනාගේ විශ්වාසය' යන උද්යෝග පාථය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතාගේ සෑම දැයක්ම අන්තර්ගත පරිපාලන ප්‍රතිපත්තියේ ඉලක්කයද වේ. ජාත්‍යන්තර සමාජය සමගින් ගෙනයන ගනුදෙනු යටතේ ඉන්දියාව ඇගේ විදේශ පිලිවෙත් පුවල් කරගනිමින් නව රාජ්‍යයක් ලෙසට පරිවර්තන කරගැනිම සිදුකරයි.
ගෝලිය රටාවේහි නොකඩවාම සිදුවේගෙන යන නොසන්සුන්තා මධ්‍යයේ විශේෂයෙන්ම චිනය, එක්සත් ජනපදය සහ රුසියාව වැනි ලෝකයේ ඉදිරි පෙලේ ශක්තිමත් රටවල් සමගින් සමිපව ගනුදෙනු පවත්වාගෙන ඉන්දියාව තම විදේශ පිලිවෙත් හැඩගස්වා ගැනිම ආරඹකොට ඇත. සුරක්ෂිත, ශක්තිමත් සහ සංවර්ධන රටක් ලෙසින් ඉන්දියාව පරිවර්තන කරගැනිමේ ඉලක්කය සපුරා ගැනිමට දැඩි ලෙසින් අත්‍යාවශ්‍ය ආයෝජන, තාක්ෂණික උපකරණ සහ නව තාක්ෂණ දැනුම ලබා ගැනිමටත් මේ සෑම ගනුදෙනුවක්ම විශාල කාර්‍යභාරයක් ඉටුකෙරේ. එම සන්දර්භය යටතේ එක්සත් ජනපදය, චිනය, යුරෝපා හවුල, ජපානය, ආසියාන් (ASEAN) සහ රුසියාව යන ලෝකයේ ඉදිරි පෙලේ ආර්ථික බලවේගවල් සමගින් කරගෙන යන ගනුදෙනු තවදුරත් ශක්තිමත් කරගැනිමත් අතිශයෙන් වැදගත් වේ.
ඉන්දියාවටද ලෝකයේ වේගවත්ව සහ ශක්තිමත් නැගිගෙන එන ආර්ථික බලවේගයක් ලෙසට පත්විමකට නම් සුරක්ෂිත සහ අචල අසල් වැසියන් පිරිසක් තිබිය යුතුමය. සාමකාම් සහ සුරක්ෂිත පසුබිමකින් තොරව ඉන්දියාවටද කිසිසේත්ම තිරසාර සංවර්ධනයක් දිනාගත නොහැක. ඉන්දියාව මේ නිසාම තම ගොඩබිම් සහ සාගර දේශසිමා ප්‍රදේශත් සුරක්ෂිතව තබා ගැනිමට තම විදේශ ප්‍රතපත්තින් යටතේ අතිශයෙන් ප්‍රමුඛත්වය ලබාදි ඇත. එම සන්දර්භය යටතේ අසල්වැසියන් සමගින් විශ්වාසය ගොඩනගා ගැනිම සහ ත්‍රස්තවාද මර්දන වැනි කාර්‍යන්හි වඩාත් සහයෝගයකින් කටයුතු කිරිමත් අතිශයෙන් වැදගත්වේ.
ඉන්දියාවට ඉදිරි වසර පහ අතරතුර අෆ්‍රිකාව සහ අමෙරිකාව තෙක් විහිදා යන විධියේ ඉන්දු පැසිෆික් උපායමය ක්‍රියාරාමුවක යටතේ තම අවශ්‍යතා ගොඩනගා ගැනිමට අවශ්ථාව ගෙනදි ඇත. 2018 වසර ජූනි මස සිංගප්පුරුවේහි පවත්වන ලද සංගරි-ලා ඩයිලෝග් (Shangri-La Dialogue) සංවාදාත්මක හමුවේදි සහ 2015 වසර මාර්තු මස පවත්වන ලද 'කලාපයේ සැමදෙනාටම සුර්කෂාව සහ වර්ධනය' (Security and Growth for All in the Region),(SAGAR) යන හමුවිම් දෙකේ අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා එම විෂයන් ගැන අතිශයෙන් ප්‍රමුඛත්වය ලබාදිම සිදුකොට ඇත. ඉන්දිය සාගරය අවට 'නිල් ආර්ථිකයක්' (Blue Economy) ගොඩනගා ගැනිමේ මාර්ග සිතියමට ස්ථාවර සහ සුරක්ෂිත පසුබිමක් ගොඩනගා ගැනිමේ කාර්‍යයටත් ඉන්දියාව අතිශය ප්‍රම්ඛත්වය ලබාදි ඇත. නව ඉන්දියාවක් ගොඩනගා ගැනිමේ කාර්‍යට මෙයින් වැදගත් කාර්‍යභාරයක් ඉටුකෙරේ.
බටහිර ඉන්දු-පැසිෆික් කලාපයට අදාළ ඉන්දිය විදේශ පිලිවෙත් යටතේ ඉන්දියාව ඉදිරි වසර පහට ඓතිහාසික මුලපිරුම් ගණනාවක් දියත් කිරිමට සුදානම් වේ. ගල්ෆ් ඇතුළුව බටහිර ආසියාව අවට මිලියන අටක් පමණ ඉන්දියානුවන් පිරිසක් ජීවත්වන ගමන්ම වාත්තිමය කාර්‍යන්හි නිරතවි සිටිති. ඉන්දිය ආර්ථික සංවර්ධන කාර්‍යන්ට මෙන්ම ඉන්ධන අවශ්‍යතා සඳහාත් එම කලාපයේ රටවල් සමගින් ශක්තිමත් රාජ්‍යතානුත්‍රික ගනුදෙනු පවත්වාගෙන යාමත් අතිශය වැදගත් කාර්‍යභාරයක් වේ. ඒඩන් බොක්ක (Gulf of Aden) සහ හොර්මස් තිරය (Straits of Hormuz) යන සාගර ආශ්‍රිත මාර්ගත් ඉනක්දිය වානිජ ඩිජිටල් සම්බන්ධතා කාර්‍යන්ට අතිශය වැදගත් වේ. ඉන්දියාව ඉරානයේ චබාහාර් (Chabahar) වරායෙන් ගොඩබිමින් වටවු ඇෆ්ගනිස්තානය සහ මධ්‍ය ආසියා රටවල් සමගින් සම්බන්ධතා පවත්වා ගැනිමට සහ එම කලාපයේ වෙළඳ පොලට ප්‍රවේශවිමටත් අගනා මාර්ගයක් ලෙසින් යොදවාගෙන ඇත. එම වාසින් දිනාගැනිමත් සමගින් ඉන්දියාවට ඉන්දු-පැසිෆික් කලාපය අවට සුරක්ෂා වගකිවයුත්තා ලෙසින් කටයුතු කිරිමටද අවශ්ථාව ගෙනදෙයි.
ඉන්දු-අෆ්‍රිකා මණ්ඩලිය ශිඛර හමුව (India-Africa Forum Summit), ඉන්දු-පැසිෆික් දිවයින් සහයෝගිතා හමුව (Forum for India-Pacific Islands Cooperation) සහ ලතින් ඇමරිකා සහ කැරිබියානු රාජ්‍ය සමාජ හමුව (Community of Latin American and Caribbean States meetings) වැනි ජාත්‍යන්තර හමුවිම් යටතේ ඉන්දියාව පසුගිය වසර පහ අතරතුර තම විදේශ පිලිවෙත් හැඩගස්වා ගැනිම සදුකරගෙන ගොස් ඇත. මෙම ජාත්‍යන්තර හමුවිම් සහ විදේශගත ඉන්දිය ඩයිස්පෝරා පිරිස මගිනුත් ඉන්දිය ගෝලිය ස්ථාන ඉහල නංවා ගැනිමට අතිශයෙන් තුඩුදි ඇත.
සතරවන කාර්මික විප්ලවය (Industrial Revolution) ඉදිරියට ගෙනයාමට නව තාක්ෂණ යොදවා ගැනිම මගිනුත් ඉන්දියාවට ඉතාමත් වේගයෙන් 21 වන සියවසට ගැලපෙන විධියෙන් ඉන්දියාවට තම විදේශ පිලිවෙත් හැඩගස්වා ගැනිමට හැකිවුවාය. මෙයින් 'ඩිජිටල් ඉන්දියාවක්' (Digital India) ගොඩනගා ගෙන ජනගහනය අතින් අතිශය විශාල ඉන්දියාවට රැකියා විශාල සංඛ්‍යාවක් පිරිනැමිටද අවශ්ථා සැලසි ඇත.
2020 වසර වන විට ඉන්දියාවටද එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේහි (UN Security Council), 2022 වසරදි අවශන් වින විධියෙන් වසර දෙකකට ස්ථාවර නොවන සාමාජිකත්වය පිරිනැමේ. 2024 දි එ.ජා.සං. මානව අයිතිවාසිකම් කොමිසමේහි (UN Human Rights Council) වසර තුනකය නැවත තෝරා පත්කොට ගැනිම සිදු කෙරේ. 2022 වසරදි ඉන්දියාවට G-20 කවයේ මුලසුන හිමි වේ. මෙවැනි ජාත්‍යන්තර වේදිකා මගින් ජාත්‍යන්තර සම්බන්ධතා සහ සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් රටවල් අතරට නායකත්වය රැගෙන නව ඉන්දියාවක් ලෙසට පරිවර්තන කරගැනිමටත් ඉඩ ගෙන දෙයි.
Comments
Post a Comment