ජොකොවි ඉන්දුනිසියාවේ බලයට හොබවිම

ඉන්දුනිසියාවේ පවත්වන ලද ජනාධිපති නිළවරණයෙන් හරියටම මසකින් අනතුරුව ජොකෝ විධෝධෝ (Joko Widodo) යන නමින්ද හඳුන්වන ජොකොවිට (Jokowi) ජයග්‍රහණය අත්වු බව යැයි ප්‍රකාශයට පත්විය. ඉන්දුනිසියාවේ එම ජනාධිපති නිළවරණය මෙම වසර අප්‍රේල් 17 දා පැවැත්වුනි. ජනාධිපති වරයා සහ උප ජනාධිපති වරයා තෝරාපත්කොට ගැනිමේ එම මැතිවරණය මහජන උපදේශන මන්ත්‍රන සභාව (People’s Consultative Assembly) සහ ප්‍රාදේශිය මන්ත්‍රන සභා මට්ටමින් පවත්වා ඇත.  
එම දිවයින් රාජ්‍යයේ මිලියන 154 ක් පමණ ඡන්දදායකයින් පිරිසකගේ සහ දිවයින් සිය ගණනක සහභාගිත්වයෙන් හුදු එක් දිනකට සිමා කරමින් අප්‍රෙල් 17 දා පවත්වත්වන ලද එම අතිශය සංවේදිය මෙන්ම සංකීරණ දැවැන්ත මැතිවරණ කාර්‍යයේ ඡන්ද ප්‍රතිඵල ඉන්දුනිසායාවේ මැතිවරණ කොමිසම විසින් මෙයි 21 දා ප්‍රකාශයට පත්කොට ඇත.
ජොකොවි මහතාගේ එම විශිෂ්ඨ විජයග්‍රහණයත් සමගින්ම ඉන්දිය නරෙන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් ජාතික ප්‍රජාතාන්ත්‍රිය සන්ධානයේ (National Democratic Alliance) සහ ඔස්ට්‍රේලියාවේ ස්කොට් මොරිසන් (Scott Morrison) මහතාගේ විජයග්‍රහණයත් එකවිටදිම සිදුවිය. අසල්වැසි මෙම විශාළ රටවල් තුනේ සිදුවුනු මැතිවරණමය ජය ආසියානු සන්දර්භය යටතේ රටවල් තුනේම මහජනතාව තම හඬ සහ අපෙක්ෂා ඡන්දයෙන් විදහා දැක්වු බවත් යැයි සඳහන් කිරිම වඩාත් ගැලපේ.

මෙම රටවල් තුනේම එම නායකයින් තිදේනාටම සැබැව විශාළ මැතිවරණමය අභියෝගයකට මැදිවිමට සිදුවිය. කෙසේ නමුදු ඉන්දුනිසියාවේ ජොකොවිට මෙන්ම ඉන්දියාවේ මෝදි මහතාට මෙන්ම ඔස්ට්‍රේලියාවේ මොරිසන් මහතාටද ඉතාමත් පහසුවෙන් එකිනෙකාගේ ප්‍රතිවිරෝධි අපේක්ෂකයින්ව පරාජයට පත් කිරිමට හැකි වුවෝය.

ජොකොවිට මුළු මිලියන 85 ක පමණ ඡන්ද සංඛ්‍යාෙවන් 55 % ක් පමණ ඡන්ද සංඛ්‍යාවක් දිනා ගෙනිමට හැක්විය. ඔහුට එරෙහිව නැගි සිටිය හිටපු විශේ ෂ ආරක්ෂක කොමන්ඩෝ බලකායේ කොමාන්ඩර් ප්‍රභොවෝ සුබියන්ටෝට දිනා ගෙනිමට හැකිවුයේ හුදු 45 % න් පමණ ඡන්ද සංඛ්‍යාවක් පමණි. ප්‍රභොවෝ 2014 වසරේදිත් ජොකොවිට එරෙහිව තරඟ වැදුනි. ඔහු එම තරඟයේදිත් පරාජයට පත්විය. ජොකොවිගේ එම ජයග්‍රහණයෙන්ම ඉන්දුනිසියාවේ වැසියන් අතරට ඔහු ගැන ඇති විශ්වාශය තහුවුරුවිම සිදුව ඇත.

මිලියන 27 ක පමණ ඡන්ද සංඛ්‍යාවක් දිනා ගනිමින් විධෝධෝගේ ප්‍රධානත්වයෙන්යුත් පි.ඩි.අයි.පි. (PDIP), හෙවත් ඉන්දුනිසියන් ඩෙමොක්‍රටික් පාර්ටි ඔෆ් ස්ට්‍රගල් (Indonesian Democratic Party of Struggle) පක්ෂයට කේවල විශාළ දේශපාලන බලවේගයක් ලෙසින් ඉන්දුනිසියානු මහජන උපදේශව මන්ත්‍රන සභාවේහි නියෝජන කිරිමට මෙම මැතිවරණයෙන් අවශ්ථාව පිරිනැමි ඇත. පි.ඩි.අයි.පි. (PDIP), පක්ෂයෙන් අනුතරුව 17.6 ක් පමණ ඡන්ද සංඛයාවක් දිනා ගනිමින් Garindra party පක්ෂයට දෙවන ස්ථානයේහි වැජමිමට සමත්විය.

කෙසේ නමුදු ප්‍රභොවෝ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විපක්ෂ බලවේගය එම ඡන්ද ප්‍රතිඵලය පිළිගැනිමට ඉැහැර කොට ඇත. පසුබිමේහි සිදුවනු යම් යම් විරෝධතා සහ හිසා සිද්ධින් මගින් පුද්ගලයින් සත් දෙනෙක් මරමුඅවට පත්වුනු අතරට 200 ක් පමන පිරිසකටද තුවාල සිදුවුවෝය. පසුබිම පාගනය යටතේ රඳවාගත් නමුදු ඉන්දුනිසියාවේ සමාජ ජාලා මාධ්‍යයන් මුළුමණින්ම අත්හිටුවා දෙමිමකට මැදිවිය.

ප්‍රභොවෝ දැන් ව්‍යවස්ථාදායානු උසාවියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට සැරසි සිටි. පසුගිය ජනාධිපති වරණයෙන් අනතුරුවත් ඔහු එවැනි හා සමාන විධියෙන් තම දුක් ගැනවිලි ඉදිරිපත් කොට තිබුනි. එහෙත් අධිකරණයෙන් ඔහුට කිසිදු සහනයක් නොලැබුනි. මෙවරත් ඔහු සිදුවුනු මැතිවරණමය අක්‍රමිකතා සමබන්ධ කිසිදු සාධකවල් වලින් තොරව එවැනි ප්‍රයත්නයකට නිරතවි සිටියි.

ජනාධිපති ජොකොවිගේ සහ අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ එම මැතිවරණමය ජයග්‍රහණයෙන් දෙරටම නව තලයකට පිවිසිමක ගැන බළාපොරොත්තුවක් ගෙනදෙයි. කාලාපිය සාමය සහ ස්ථාවරත්වය, ආර්ථික වර්ධනය, සාම්ප්‍රදායි සහ අසම්මත සුරක්ෂා අභියෝගවල් සම්බන්ධයෙන් ඉන්දුනිසියාව සහ ඉන්දියාව යන රටවල් දෙකම පොදු අවශ්‍යතා යටතේ පොදු ආකල්පයකින් කටයුතු කරගෙන යයි. East Asia Summit සහ ASEAN Regional Forum,වැනි ASEAN සංවිධානය යටතේ ක්‍රියාත්මක කරගෙන යන යාන්ත්‍රන වලට සහයෝගය දක්වමින් G20 වැනි ජාත්‍යන්තර වේදිකා වලත් පොදු හඬ දැක්විම සිදුකරගෙන යයි.

2018 වසර සිදුවුනු අග්‍රාමාත්‍ය මෝදිගේ ඉන්දුනිසියා සංචාරයත් සමගින් දෙරටේ සමිප සම්බන්ධතාවය පුළුල්වු උපායමය හවුල්කාරත්වයකට හැරියාමකට තුඩුදි ඇත. ඉන්දුනිසියානු 'Global Maritime Fulcrum' සහ ඉන්දිය‘Act East’ Policy සහ SAGAR (Security and Growth for all in the Region) වැනි දැක්ම අතිහයෙන් සම බවක් දක්නට ලැබේ. දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික වෙළඳාම් වල අගයත් US$  බිලියන 20 න් ඉක්මවා ගොස් ඇත. 2025 වසරේදි එය US$ බිලියන 50 ඉහළ නංවා ගැනිම දෙරටේ ඉලක්කය වේ.

දෙරටේම මහ ජනතාව නායකයින් දෙදෙනාට දැන් තවත් වසර පහක සඳහා ජනවරම් පිරිනමා ඇත. වෙලඳ සහ ආයෝජන ක්ෂේත්‍රයේ විෂමතා මගහරවා ගනිමින් වඩාත් සහයෝගයෙන් කටයුතු කිරිම මුළුමණින්ම දැන් දෙරට අතේ රඳා ඇත.

පිටපත: නැගෙනහිර සහ අග්නිදිග ආසියා උපායමය කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය.රහුල් මිශ්‍ර ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ