පර්සියන් බොක්ක ආරවුල්ලකට මැදිවේගෙන යනවාද ?

එක්සත් ජනපදය සහ කලාපිය මිත්‍ර රටවල් කරට කර හිඬගෙන එක පැත්තකින් සහ අනිත් පැත්තැන් ඉරානය මෑතදි සිට කරගෙන යන වාග් යුද්ධයෙන් පර්සියන් බොක්ක අවට පවතින නොසන්සුන්තා තවදුරටත් අයහපත් අතට හැරිගෙන යාමක් සිදුව ඇත. වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පවතින ප්‍රශ්ණය සෑහෙන දුර අතීතය සිට පැවතුනු ඉතාමත් සංකිර්ණ එකකි. මෑතදි සිට එම ප්‍රශ්ණය තවදුරටත් නරක අතට ගිය අතර ඊට මූලික කාරණය ඒකාබද්ධ පුළුල්වු ක්‍රියාකාරි සැළසුම (Joint Comprehensive Plan of Action), (JCPoA) හෙවත් ඉරාන න්‍යෂ්ටික ගනුදෙනුවෙන් වොෂින්නය 2018 මෙයි මස එයින් ඉවත්වි යෑම වේ. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අනුව ඉරානය එවක න්‍යෂ්ටික ගනුදෙනුවට අතසන් තබා තිබියදිත් කලාපය අස්ථාවර කරමින් න්‍යස්ටික අවි සහ වෙනත් බැලිස්ටික් මිසයිල්ස් වර්ග ගොඩ ගසාගෙන යන බව යැයි ප්‍රකාශ කරමින් ටෙහෙරානයට එරහිව දැඩි චෝදනා එල්ලකොට ඇත. අනතුරුව ඉරනය නයෂ්ටික ගනුදෙනුවට පොළඹවා ගැනිම සඳහා එකපාක්ෂික ආර්ථික සම්බාධ පනවමින් වොෂින්ටනය ටෙහෙරානයට එරෙහිව කලහැකි සෑම බලපැම්මක්ම ක්‍රියාත්මක කරගෙන ගියාය. ඉරනයත් ඒ කිසිදු බලපැම්මකටවත් හිස නොනමින් 2019 මෙයි 8 දා ඉරාන න්‍යස්ටික ගනුදෙනුවෙන් එක්සත් ජනපදය ඉවත්වි යෑමේ සිද්ධියේ වාර්ෂි සංවත්සරය සමරමින් මැදිවිමට සිදුවි තිබෙන ආර්ථික දුෂ්කරතා වලින් මිදිමට සහයෝගය ලබාදෙන ලෙසින් යුරෝපා හවුලට අයත් රටවල් ඇතුළුව චීනය සහ රුසියාව යන රටවල් වලින් ඉල්ලා සිටියාය.

ජාත්‍යන්තර සමාජය අතරද මෙම ප්‍රශ්ණය දැන් අතිශය හිස රුජාවක් බවට පත්ව ඇත. එක්සත් ජනපදය සහ ඉරානය අතර මතුව ඇති මෙම ප්‍රශ්ණයට තවත් රටවල් ගණනාවක් එක්ව සිටිති. පසුබිමේහි තම ශක්තිය විදහා දක්වමින් එක්සත් ජනපදය තම කේන්ද්‍රිය අණදෙන කේන්ද්‍රයට (Central Command), (CENTCOM) සහයෝගය දැක්විමට පර්සියන් ගල්ෆ් කලාපයට ‘USS Arlington’ සහ ‘Patriot’ යන යුද නව්කා දෙක පිටත් කොට යවා ඇත. ඉරානයත් නිල ප්‍රකාශයකින් ඊට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද යුද නව්කා පර්සියන් බොක්කේ යුද්ධයකට අර අදින බව යැයි ප්‍රකාශ කොට ඇත. පසුබිමේහි එක්සත් අරාබි එමිරේටයේ වෙරළ ඔබ්බෙන් ෆජයිරා අසිලින් සව්දි තෙල් ටැංකරයකට ගිනි තැබිම් සිද්ධියෙන් තත්වය තවදුරටත් අවුල්වි ගොස් ඇත. සව්දි අරාබියාවේ තෙල් පම්ප මධ්‍යස්ථාන දෙකකට එල්ලවුනු ඩ්‍රෝන් ප්‍රහාරයකින් එම ආරවුල්ල නොකඩවාම අයහපත් අතට ගොස් ඇත. එම සිද්ධියට පිටුපසින් කවුරුන් සිටිනවාද යන්න ගැන අපහැදිළි නමුදු රටවල් ගණනාවක් දැන් එම ප්‍රශ්ණයට ඈඳි ගොස් ඇත.

මේ සෑම සිදුවිමකටම ටෙහෙරානය දැසට ඇඟිලි දිගු කරන සව්දි අරාබියාව සහ එක්සත් අරාබි එමිරේටය, කලාපයේ දෙරටේ අවශ්‍යතා වලට හානි සිදුකරන එම බලවේගවල් වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනිමේ අවහ්‍යතා ගැන හුවා දැක්විම ආරඹකර ඇත. තමන් යුද්ධයකට නොකැමැති නමදු ඕනෑම් වර්ගයේ ඉරාන එදිරිවාදි කාර්‍යකට එරෙහිව වුවද නැගි සිටින බව ඉරාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, අඩෙල් අල්-ජුබෙයෙර් ප්‍රකාශ කොට ඇත. ඉන් නොනැවති සව්දි සල්මාන් මහ රජතුමා අරාබි සහ ගල්ෆ් රටවල් රැසේ සංවිධානයේ හමුවක් මෙයි 30 දා කැඳවා ඇත. එම හමුවේදි කලාපයේ නොසන්සුන්තා පහත දමා ගැනිමට ටෙහෙරානයට එරෙහිව කුමන විධියේ සාමුහික ප්‍රතිචාරයක් දැකත්විය යුතුද යන්න ගැන සාකච්ජා කිරිමකට අපේක්ෂා කරයි.

රියාදය සහ ටෙහෙරානය අතරට මතුව ඇති මෙම ආරවුල්ලෙන් යුද්ධයක් මතුවිය නොහැකි යැයි කිසිසේත් බැහැර කල නොහැක. මෙයින් සිදුවන්නේ කලාපයේ මෙන්ම ආසියානු ආර්ථික සමාද්ධිය මුළුමණින්ම බිඬ වැටිමටකි. ගෝලිය බලශක්ති සුරක්ෂාවටද විශාල අබියෝගයකට මැදිවිය හැකි බව ජාත්‍යන්තර නිරික්ෂකයින්ගේ හැඟිම් වේ.

ඉන්දියාව සව්දි අරාබියාවේ තෙල් මධ්‍යස්ථාන වලට ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කිරිමේ සිද්ධියට තරයේ හෙලා දක්වයි. පර්සියන් ග්ල්ෆ් සම්බන්ධයෙන් ඉන්දිය පිලිවෙත පැහැදිළිය. සාකච්ජාවෙන් සහ සංවාදාත්මක මාර්ගයෙන් ප්‍රශ්ණ සහ ආරවුල්ල විසඳා ගන්නා ලෙසින් ඉන්දියාව ඊට සම්බන්ධ රටවල් රැසින් ඉල්ලා සිටි. කලාපය පුරාම ඉන්දිය අවශ්‍යතා ගණනාවක් ඇත. ගල්ෆ් රටව් සගින් ඉන්දියාව පවත්වාගෙන යන ද්විපාර්ශ්වික සහ බල ශක්ති සහයෝගිතා අතිශයෙන් ශක්තිමත් වන අතරට මිලියන 8.5 ක් පමණ ඉන්දිය වැසියන් පිරිසක් ගල්ෆ් රාජ්‍ය වල ජිවත් වෙන අතරට රැකියාවල් වලට නිරත වි සිටිති. යම් විධියකින් කලාපය අවට ප්‍රශ්ණයක් මතුවුවහොත් එයින් ඉන්දිය ආර්ථිකයට ගෙනදිය හැකි බලපෑම් අසිමිතය.

මෙවැනි පසුබිමක ජාත්‍යන්තර සමාජය රාජ්‍යතාන්නත්‍රික බලපෑම් යොදවාගෙන ආරවුල්ල සමථයකට පත්කරවිමට වැර යෙදවිය යුතුය. එසේ නොවුවහොත් කලාපිය ඔබ්බෙන් ගොස් මෙය ගෝලිය ආරවුල්ලකට හැරියාමද බැහැර කල නොහැකිය.

පිටපත: බටහිර ආසියා අපායමය කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. මොහම්මඩ්. මුද්දසිර් කුවමර් ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ