ඉන්දියාව පාකිස්තාන් ජාතික මන්ත්‍රන සභාවේහි සම්මතකරගත් යෝජනාව තරයේ බැහැරකරයි
පාකිස්තානය එරටේ ආයතනන ගණනාවක් අතර එකිනෙකා මරාගන්න රටක් වේ. ඒ සමගම ඉන්දිය අභ්‍යන්තර ප්‍රශ්ණ වලට ඇඟිලි ගැසිම එරටේ අනිත් නරකම පුරුද්ද වේ. ඉන්දිය පාර්ලිමේන්තුව මෑතදි තම පුරවැසි සංශෝධන පනත (Citizenship Amendment Bill), සම්මත කරගත් අතර එය දැන් පුරවැසි සංශෝධන පනත් නීතිය (Citizenship Amendment Act), (CAA) ලෙසට පත්කොට ඇත. පාකිස්තානයේ ජාතික මන්ත්‍රන සභාවත් මෙම පනත ගැන විවාදයක් පැවැත්විය. මෙම ඉන්දිය අභ්‍යන්තර ප්‍රශ්නයට අනිත් කිසිදු රටකින්වත් ප්‍රතිචාරයක් දක්නට නොලැබුනද හුදු පාකිස්තානය පමණක් මිට තම දැඩි සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් තුනේ පිඩාවට පත්වි සිටින සුළුතර ජනතාවට ඉන්දිය පුරවැසිභාවය පිරිනැමිම මෙම පුරවැසි සංශෝධන පනතේ ඉලක්කයවේ.
පාකිස්තානය ඉන්දිය මෙම CAA පනතට මේ තරම්ම විරෝධයක් දැක්විමට ඉදිරිපත්වි සිටිමේ කාරණය තම සුළුතර වැසියන්ට සළකන විධිය ගැන ජාත්‍යන්තර සමාජය අතරට ඉස්ලාමාබාදයට දැඩි ලෙජ්ජාවකට පත්විමට සිදුවිම නිසාම වේ. එරටේ සුළුතර වැසියන්ට සළකන විධිය ගැන ජාත්‍යන්තර සමාජය අතර පාකිස්තානය ගැන තිබෙන පිලිගැනිම අතිසය නරකය. එරටේ සුළුතර වැසියෝ බියෙන් සහ සැකයෙන් ජිවත් වෙති. සුළුතර වැසියන්ව ආරක්ෂා කිරිම ඉස්ලාමාබාදය තම වකගිමක් ලෙසින් නොසළකයි. ඉස්ලාම් ධර්මය නිගා කිරිමේ චෝදනාවක් යටතේ සිරභාරයට රැගත් ආසියා බිබි (Aasia Bibi) නැමති ක්‍රිස්තියානි කාන්තාව සිරගෙයින් මුදවා හැරිමට පාකිස්තාන් ශ්‍රේෂ්ඨාධිකරණය රැගත් තීරනයට එරහිව පාකිස්තාන් වැසියෝ දැක්වු ප්‍රතිචාරවල් තුලින්ම ජාත්‍යන්තර සමාජයට ඉස්ලාමාබාදය තම සුළුතර යැයි සම්මත වැසියන්ට සළකන විධිය ගැන නිවරදි දැනුමක් ඇතිකරගැනිමට හැකිවුවෝය. ඇය ඇගේ පවුල් සාමාජිකයන් සහ ඇගේ නීතිඥ වරයා සමගින් විදේශ රටක සරණ පතා පාකිස්තානයෙන් පලා ගියාය.
මෙවැනි පසුබිමක පාකිස්තානය දැන් සුළුතර වැසියන්ට සහයෝගය දක්වන රටක් ලෙසින් ලෝකයා ඉදිරිපිට පෙනි සිටිමට මානබලමින් සිටියි. පාකිස්තානය මෙවැනි අනවශ්‍ය කාරනා ඇද නොගෙන තමන්ගේ ප්‍රශ්න ගැන වගබලා සිටිනවා නම් වඩාත් ගැලපේ. 'Pakistan Muslim League' දේශපාලන බලවේගයේ නිර්මාතෘ ජෝගෙන්ද්‍ර නාත් මන්ඩල් (Jogendra Nath Mandal),එවක නව කිස්තානයේ ප්‍රථම නීති සහ කම්කරුවන් කටයුතු අමාත්‍ය වරයා, එරටේ බහුතර ජනාතාවගෙන් එල්ලවුනු අසාධාරණ සැළකිලි තුලින් මෙන්ම සුළුතර ජනකොටසට අයත් පාර්ලිමේන්තු සභිකයෙක්විම නිසාත් වසර 1950 ගණන් වලදි පාකිස්තානයෙන් පාලායාමට සිදුවිය. මන්ඩල් මහතා පසුව පාකිස්තානයේ පුරවැසිභාවය අහක දමමින් සරණාථයෙකු ලෙසින් කොල්කොටා තඩාසන්න පෙදෙසක ජිවත්විය.
ජොරස්ට්‍රියන් (පර්සි) (Zorastrian), (Parsi), සමාජයට අයත් එවක පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරන ප්‍රධාන විනිසුරු ඩොරබ් පටේල්ටත් (Dorab Patel) පුර්ව අග්‍රාමාතය්‍ය සුල්ෆිකර් අලි භුත්තෝට මරන දඬුවම් තිණ්දු කිරිම හේතුවෙන් ඔහුගේ නිලයෙන් ඉවත්විමට මං පෑදුනි. පාකිස්තානයේ සුළුතර ජනාතාවට මැදිවිමට සිදුවුනු එවැනි නිදසුන් ගණනාවක් ඉදිරිපත් කලහැකිය. පාකිස්තානයේ සුප්‍රසිද්ධ න්‍යස්ටික විද්‍යාඥ මෙන්ම එරටේ න්‍යෂ්ටික වැඩසටහන් වල පියා ලෙසට සැළකෙන ආචාර්‍ය. A Q Khan, තවත් එක් වැදගත් නිදසුනක් ලෙසට පෙන්වා දියහැකිය. ඔහුටත් ‘Ahmediya’ සමාජයට අයත් කෙනෙක් නිසා සම්භාවනිය කවයෙන් ඉවත්විමට සිදුවිය.
පාකිස්තාන් ජාතික මන්ත්‍රන සභාවේහි සම්මත කරගත් යෝජනාවට තරයේ විරෝධතාවය දක්වන ඉන්දියාව ඉස්ලාමාබාදය සැළකිල්ල දැක්වු එය මුළුමණින්ම ඉන්දිය අභ්‍යන්තර ප්‍රහ්න්‍යක් ලෙසින් තවදුරටත් පැහැදිළි කොට ඇත. ජම්මු සහ කාශ්මිර සහ ලඩ්ඩාක් ප්‍රදේශය ගැන ව්‍යාප්ත කරගෙන ගිය අසාර්ථක අසත්‍ය ව්‍යාජ ප්‍රචාරාත්මක කාර්‍යයෙන් සඵල නෙවුනු නිසාම ඉස්ලාමාබාදය අද මෙම ප්‍රශ්ණයට සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. අනිත් අතට මෙය ඉන්දියාවට එරහිව ගෙනයන එරටේ අන්තර්-දේශසිමා ත්‍රස්තවාදය යුක්තිසහගත දෙයක් ලෙසට හුවා දැක්විමට ඉස්ලාමාබාදය දරන ප්‍රයත්නයක් ලෙසින් පෙන්වාදිම වඩාත් ගැලපේ. එවැනි පාපි දුෂ්ථ ප්‍රයත්නවල් නිරන්තරයෙන් අසාර්ථක වන බව නවදිල්ලියට නිසි අවබෝධයකුත් ඇත.
පාකිස්තාන් ජාතික මන්ත්‍රන සභාවේ එම යෝජනාව ජාත්‍යන්තර සමාජයව නොමග යෙවිමට රැගත් ප්‍රයත්නයක් ලෙස ඉන්දියාව තවදුරටත් පැහැදිළි කොට ඇත. තම සුළුතර සමාජය ගැන තැකිමක් නොදක්වන ඉස්ලාමාබාදයට ඉන්දිය සුළුතර ජනතාව ගැන තිබෙන කැක්කම තරමක හාස්‍යජනක කාරණයක් ලෙසටද දක්නට ලැබේ. පාකිස්තානයේ හින්දු, ක්‍රිස්තියානි, සික්, හෝ වෙනත් විශ්වාස වලයත් පිරිසට ලැබෙන එරටේ සැළකිලි මගින්ම එරටේ ප්‍රතිරූපයත් විදහා ද්කවේ.
අනික පාකිස්තානය ,ඉන්දිය පුරවැසි සංශොධන පනත 2019යේ (Citizenship Amendment Act 2019) ඉලක්කය ගැන මුළුමණින්ම වැරැදි ප්‍රතිරූපයක් දිමට ඉදිරිපත්වි සිටියි. එම පනතේ ඉලක්කය පීඩාවට ලක්වි සිටින යම් යම් රටවල් වල අගාමින් සුළුතර යැයි සම්මත වැසියන්ට ඉන්දිය පුරවැසිභාවය දීම වේ. එයින් කිසුදු ඉන්දිය පුරවැසියන්ගේ අයිතවාසිකම් සිඬ දෙමිමක් හෝ විශ්වාසවල් වලට හානි සිදුකරදිමක් කිසිසේත්ම සිදුනොවේ.
තම සුළුතර වැසියන්ට ලබාදිය යුතු අයිතිවාසිකම් ගැන සැළකිල්ලක් නොදක්වන ලාකිස්තානය තම ජාතික මන්ත්‍රන සභාවේහි ඉන්දිය පනතක්ට එරහිව යෝජනාවක් සම්මත කරගැනිම තරමක හාස්‍යජනක කරුණක ලෙසටත් දක්නට ලැබේ. අනුන් දෙස ඇඟිලි දිගු කිරිමට පෙර ඉස්ලාමාබාදය කලයුත්තේ තම නිවසේ වැරදි හරිගස්සා ගැනිම වියයුතු බව නවදිල්ලියේ අදහසවේ. ඒ අතරම පාකිස්තානයට තමන් ගැන ගැඹුරින් ආත්ම ගවේෂණයක් නිරත විමේ කාලය එළඹි ඇත.
පිටපත: AIR: ප්‍රවෘත්ති විශ්ලේෂක, කවුසික් රොයි ගෙන්
Comments
Post a Comment